hit counter code

Pregnancy

අම්මාගෙ දොළ දුක අනුව දරුවා ගැන ඉඟි කියන්න පුලුවන් ද?

ගර්භණී මවකට හැමෝම දක්වන්නෙ ගෞරවනීය ආදරයක්, සැලකිල්ලක්. මේ කාලයේදී ඇයගේ කටයුතු පහසු කරන්න උදව් කරනවා වගේම ඇය කැමති ආහාර පාන ලබාදෙන්නත් හැමදෙනාම උත්සාහ කරනවා. මෙහිදී ආහාර පාන වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙනවා අපට දැකගන්නට පුලුවන් . ඒ ගර්භනී කාන්තාවක් මේ කාලයේදී සමහර ආහාර පාන ගන්න දක්වන සුවිශේෂීයත්වය හේතුවෙනුයි. මෙය ව්‍යවහාරයේදී ‘ දොළදුක ‘ යනුවෙන් හඳුන්වනවා. මෙහි […]

අම්මාගෙ දොළ දුක අනුව දරුවා ගැන ඉඟි කියන්න පුලුවන් ද? Read More »

ගර්භණී දියවැඩියාව (Gestational Diabetes) පිළිබඳව ඔබ දැනුවත්ද?

කොහොමද මේ තත්වය ඇතිවෙන්නේ? ගැබිණි සමයේදි ඇතිවන දියවැඩියාව ඉතා බරපතල ලෙස අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. මෙය ගැබිණි සමයට පෙර ඉතා නීරෝගීව සිටි කාන්තාවකට වුවත් වැළඳිය හැකියි. ගර්භණී දියවැඩියාව, එනම් Gestational diabetes වළක්වා ගැනීම නීරෝගී ගර්භ සමයකට වගේම නීරෝගි දරු උපතකටත් උදව් වෙනවා. බොහෝ විට ගර්භණී සමයේදි සිදුවන හෝමෝන වෙනස්කම් නිසාවෙන් මේ ගර්භණී දියවැඩියාව තත්වය

ගර්භණී දියවැඩියාව (Gestational Diabetes) පිළිබඳව ඔබ දැනුවත්ද? Read More »

මව නිර්මාංශ (vegan/vegetarian) වීම කුසෙහි දරුවාට හානි කරද ?

ලොව පුරා සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරන පිරිස පෙරට වඩා වැඩි අගයක් ගන්නා බව සංඛ්‍යා ලේඛන මගින් පවා සනාථ වෙනවා. නිර්මාංශ (Vegan/Vegetarian) සංවිධාන බිහිවී ඒ ඔස්සේ විවිධ සැමරුම් උත්සව ආදියත් සංවිධානය වනවා. විවිධාකාර හේතු මත මිනිසුන් සත්ව ආහාර ප්‍රතික්ෂේප කරනවා. තනි පුද්ගලයෙකු වශයෙන් නිර්මාංශ වන අයකුට එයින් වන බලපෑම පිළිබඳව ප්‍රශ්නයක් නොමැති වුවත් මවක්

මව නිර්මාංශ (vegan/vegetarian) වීම කුසෙහි දරුවාට හානි කරද ? Read More »

ෆෝලික් නොබී හදිසියේ ගැබ් ගත්තොත් දරුවාගේ ජීවිතේ අනතුරේ ද?

ෆෝලික් අම්ලය කියන්නෙ අපේ ජීවිත කාලය පුරාම අවශ්‍ය වන විටමිනයක්. මෙය විටමින් B සංකීර්ණයේ එක් විටමිනයක්. විටමින් B₉ සහ folacin කියලත් හඳුන්වනවා. අපි පිටතින් ගන්න ෆෝලික් අම්ලය අපේ ශරීරය විසින් ෆෝලේට් බවට තැන්පත් කරලා පාවිච්චියට ගන්නවා. වතුරේ දියවෙන විටමිනයක්. ඒ වගේම අමතර පෝෂකයක් ලෙස නිතරම නිර්දේශ කරන ක්ෂුද්‍ර පෝෂකයක්. වතුරෙ දියවෙන නිසා මේ ෆෝලික් අම්ලය

ෆෝලික් නොබී හදිසියේ ගැබ් ගත්තොත් දරුවාගේ ජීවිතේ අනතුරේ ද? Read More »

ප්‍රසූති වේදනාව කල් ඇතුව හඳුනාගමු

ප්‍රසව වේදනාව දැනෙන විදිය එක් එක්කෙනාට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ප්‍රසව වේදනාව ඇතිවෙන කාලයත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. සමහර අම්මලාට දරුවා බිහිවීමට නියමිත කාලයේ (Delivery date) ප්‍රසව වේදනාව දැනුණත් සමහරෙකු ට නියමිත කාලයට කලිනුත් සමහරෙකුට ප්‍රමාදවීත් මේ ප්‍රසව වේදනාව එන්න පුලුවන්. සති 28 නුත් දරුවන් බිහිවෙන්න පුලුවන් . මෙය දරුවාගේ  ක්‍රියාකාරිත්වයත් මවගේ හෝමෝන ක්‍රියාකාරිත්වයත් 

ප්‍රසූති වේදනාව කල් ඇතුව හඳුනාගමු Read More »

මවුකිරි දෙන අතරෙදි ගැබ් ගත්තොත් මොකද කරන්නේ ?

ලොකු බබාට මාස හතක් වුණා විතරයි, තමන් ආයේ සැරයක් අම්මෙක් වෙන්න යනවා කියලා රශ්මි දැනගත්තා. බලාපොරොත්තු වුණේ නැති විදියට අලුත් අමුත්තෙක් එනවා කියලා දැනගත්තම රශ්මි හරියට කලබල වුණා. අමාරු වුණත් අලුත් පැටියව එක්කන් එන්න ලැහැස්ති වෙමු කියල අශාන් කිව්වත් රශ්මි දුක් වුණේ ලොකු දරුවට අවුරුද්දක්වත් කිරි දීගන්න බැරිවෙයිද කියලා. පහුවදා එන්න නියමිත් මිඩ්වයිෆ් නෝනගෙන් ඒ

මවුකිරි දෙන අතරෙදි ගැබ් ගත්තොත් මොකද කරන්නේ ? Read More »

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ?

නහයට දැනුනු සුවඳ දිගේ පාර හොයාගෙන ගිය මනුෂි දැක්කේ මහගෙදර වත්තේ වැට මායිමේ අන්නාසි ගොල්ලෙ ඉඳන් කහපාටට හිනාවෙන අන්නාසි ගෙඩියක්. “හප්පේ ඒක දිලිසෙනව!” මනුෂිගේ කටට කෙළත් ඉනුවා. එහාගෙදර ලොකු මල්ලි කැත්තක් අරන් ගස් වල අතු පාහිනව මනුෂි දැක්කා.“මල්ලි !” ආගිය විස්තර ටිකක් කතාබහ කරලා මල්ලිට කියලා අන්නාසි ගෙඩියත් කඩාගෙන මනුෂි ගිහිල්ල කාමරේට එබෙද්දි සහන් තාම

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ? Read More »

ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑකරන සරු දවස් ගැන හරියට දැන ගන්න

දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ කාන්තාවන් නඟන මැසිවිල්ලක් තමයි කොච්චර උත්සාහ කළත් පිළිසිඳ ගැනීමක් සිදුනොවන බව. සිදුහත් කුමාරයත් මහාමායා දේවි කුස පිළිසිඳ ගත්තේ පස්මහ බැලුම් බලලා, ජේසු බිළින්දා මරිය මවුතුමියගේ කුසට ආවෙත් එහෙමයි. ඒ වගේ දරු පැටියෙක් කුසට එන්න නම් ඒ සඳහා සම්පූර්ණ කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි සරු කාලය තුළ සිදුවන සංසර්ගයකින් ඩිම්බයක්

ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑකරන සරු දවස් ගැන හරියට දැන ගන්න Read More »

බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ? 

පුංචි බිලිඳෙක් තමන්ගේ කුස තුළට පැමිණ ඇති බව දැනගත් දවසේ පටන්  කිරිකැටියාව තමන්ගේ දෝතට ලැබෙන දවස දක්වා ම මවක් ඉන්නේ ඉතාමත් ම නොයිවසිල්ලෙන්. බිලිඳා මුල් ම වතාවට කුස තුල දඟලන බව දැනෙන මොහොත සෑම අම්මා කෙනෙක්ගේ ම ජිවිතයේ සතුටුදායක ම අවස්ථාවක්. ඒ මොහොතේ පටන් ගර්භණී කාලය පුරා ම බිලිදාගේ පුංචි සෙලවීමක් ගැන පවා අම්මා කෙනෙක්

බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ?  Read More »

ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක්

කිරිකැටියෙක් තමන්ගේ කුස තුලට පැමිණ ඇති බව දැනගන්නා මොහොතේ සිට ම සෑම අම්මා කෙනෙක් ම පරිස්සම් වෙන්නේ විශේෂයෙන් ම දරුපැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ම කුස තුල වැඩෙන දරුවාගේ පෝෂණය ගැන අම්මාත්, සමීපතම අයත් බොහොම සැලකිලිමත් වෙනවා. ඒ නිසායි ගර්භණී සමයේදී ලබා ගත යුතු ආහාර රටාවන් පිළිබඳව ඒ සියලු දෙනාම විමසිලිමත් වෙන්නේ. ඒ නිසා, ගර්භණී

ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක් Read More »