hit counter code

Infant

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ.. නියතින් ගුණ දෙන රහසකි ඇදුරනි පෙර වෙද දත් පඬි උතුමන්නේ.. සාමාන්‍ය ව්‍යවහාරයේදී රත් හඳුන් කල්කය, කොත්තමල්ලි කල්කය, බිළිඳු කල්කය, දෙසඳුන් කල්කය නමින් හඳුන්වන්නේද රතකල්කයම වේ. රත් හඳුන්, සුදු හඳුන්,වැල්මී, වදකහ,කොල්ලු …

විස්මිත ගුණ දෙන රත කල්කය Read More »

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක අපි හැමෝගෙම සිහිනයක්. බර අඩුකරගන්න ක්‍රම කීපයක්ම තියෙනවනෙ. ඩයට් කරන එක එහෙමත් නැත්නම් ආහාර පාලනය ඒ අතරින් හොඳ ක්‍රමයක්. කිරි දෙන අම්මා කෙනෙකුට ඩයට් කරන එක සුදුසුයිද? අද අපි කතා …

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද? Read More »

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක් ගැටලු ඇතිවෙන්න පුලුවන්. රෝහලේ දී බබාට කිරිදෙන විදිය එහෙම ඔබට කියල දෙනවනෙ. බබාවත් අරන් ගෙදරට ආවාට පස්සෙ ඔබට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්නයක් ගැන තමයි මම අද කතා කරන්න යන්නෙ.  බබාට ඇතිවෙන්න …

අලුත් අම්මට කිරි මදිනම්! Read More »

පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද?

පැතලි පියයුරු තිබ්බොත් මව්කිරි දෙන්න බැරි ද? මේ ප්‍රශ්නයට නිවැරදි සහ එකම පිළිතුර “නැහැ, පුළුවන්” කියන එක.සිරුර තුළ මව්කිරි නිපදවෙන ආකාරය සහ දරුවා මව්කිරි උරා බොන ආකාරය ගැන නිසි අවබෝධයක් ඔබට තිබෙනවා නම් මව්කිරි නිෂ්පාදනය ට හෝ මව්කිරි දීමට පියයුරෙහි හැඩය කිසිසේත් බලනොපාන බව ඔබට වැටහේවි.මව්කිරි නිපදවෙන්නේ පියයුරු තුළ ඇති ක්ෂීර ග්‍රන්ථි (mammary glands)තුළ. මෙම …

පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද? Read More »

පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු

අලුත උපන් පොඩිත්තාගේ මලපහ ගැන…මව්කුසේ සති 40ක් ඉදලා එලියට එද්දිම පොඩිත්තා තනියම හුස්ම අරගෙන තමන්ගේ ඇගේ තියෙන පද්ධතීන් වඩාත් හොදින් ක්‍රියාත්මක කරන්න ගන්නවා. මේ අතරේ ආහාර ජීරණ පද්ධතියෙත් ක්‍රියාකාරීත්වය නිසා උපතින් පස්සේ පොඩිත්තා සාමාන්‍යයෙන් පලමු පැය 24 තුල මලපහ පිට කරනවා. මේ මලපහ ඇලෙන සුලු තාර ගතියකින් හෝ තද කොල දුඹුරු පැහැයකින් යුක්ත වීම ස්වභාවිකයි.ඒවා …

පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු Read More »

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද?

ඔබ කුඩා බිළිඳෙකුගේ මවක් නම් මේ මාතෘකාව කුමක් ගැනදැයි ඔබ දන්නවා.උපතේ සිට මාස හය දක්වා දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට මව්කිරි පමණක් ප්‍රමාණවත්. නමුත් දරුවාට මාස හය එළඹීමත් සමඟම අමතර ආහාර හඳුන්වා දීම අත්‍යාවශ්‍යෙන්ම කළ යුතු කටයුත්තක් බව අප සියලු දෙනාම දන්නා කරුණක්. අමතර ආහාර පටන් ගන්නේ ඇයි? මිනිස් දිවියේ වටිනාම හා වැදගත් ම කාලය කුඩා …

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද? Read More »

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා කිහිපයක් හඳුනා ගත හැකිය. උපතින් පසු දියණියගේ ලිංගික ප්‍රදේශය ඉදිමී ඇත්නම් එය බොහෝ විට වැදෑමහ තරලය නිසා හෝ උපතට පෙර ඇය ඔබෙන් ලබාගෙන ඇති හෝමෝනවල අතිරික්තය නිසා විය හැකිය. මෙම ඉදිමීම හානිකර නොවන අතර, දින කිහිපයකට පසු ඇගේ මුත්‍රා පිටවීමත් සමග යථා තත්ත්වයට පත්වෙයි. සමහර විටක දියණියගේ …

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා Read More »

බබාට ඕන කෑම ගෙදරම වවමු ද?

දරුවාගෙ පෝෂණයට වුවමනා ආහාර කිසි වසක් විසක් නැතිව දෙන්න පුළුවන් නම් අම්මලාට ඒක කොච්චර සතුටක්ද? දරුවා සතුටින් කෑම කනවානම්, ආහාර සම්බන්ධ බෙදාහදාගැනීම් කෑම කන අතරෙදි ඉගෙනගන්නවානම් කොච්චර හොඳ ද? ඉතිං බබාලට කෑම කවන අම්මලා ඒ වෙනුවෙන් ගෙවත්ත සකසාගන්නෙ කොහොමද කියල අපි අද බලමු.. කුඩා කාලයේ ඉඳන්ම වයසට ගැලපෙන පරිදි ගන්නා සමබල ආහාර වේලක වැදගත්කම මිනිසාට …

බබාට ඕන කෑම ගෙදරම වවමු ද? Read More »

බබාට කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද?

මාස හයක්ම මවුකිරි වලින් යැපුණ සිඟිති පැටියා අතිරේක ආහාර වලට සූදානම් වෙනවා කියන එක බබාට වගේම අම්මටත් හරිම සුවිශේෂී කාලපරාසයක්. සාමාන්‍යයෙන් මවුකිරෙන් පමණක් දරුවා පෝෂණය වෙන්නෙ මාස හයක්.. ඉන්පස්සේ දරුවා ඝණ ආහාර වලට පුරුදු කරනවා. කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද? කියලා අපි බලමු. කවන්නේ කොතැනද ? මුලින්ම දරුවාට කවන්නට සුදුසු …

බබාට කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද? Read More »

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද?

අලුත උපන් දරුවාට මුල් මාස හය තුළ ‘මවුකිරි පමණක්ම’ දිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. මවුකිරිවලට අමතරව කිසිදු දියර වර්ගයක්; අවම වශයෙන් ජලය වත් දරුවකුට නොදෙන ලෙස මවට උපදෙස් ලැබෙයි. එයට හේතු ගණනාවක් ඇත. ඒ සියල්ල ගැන දැනුවත්ව සිටීම අලුත් අම්මා කෙනෙකුට දරුවා සමග කටයුතුවලට වඩා පහසුවක් ඇති කරයි. උණුසුම් දිනවල වතුර දෙනවා ද? මුල් මාස …

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද? Read More »