hit counter code

ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

කිරිකැටියෙක් තමන්ගේ කුස තුලට පැමිණ ඇති බව දැනගන්නා මොහොතේ සිට ම සෑම අම්මා කෙනෙක් ම පරිස්සම් වෙන්නේ විශේෂයෙන් ම දරුපැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ම කුස තුල වැඩෙන දරුවාගේ පෝෂණය ගැන අම්මාත්, සමීපතම අයත් බොහොම සැලකිලිමත් වෙනවා. ඒ නිසායි ගර්භණී සමයේදී ලබා ගත යුතු ආහාර රටාවන් පිළිබඳව ඒ සියලු දෙනාම විමසිලිමත් වෙන්නේ.

ඒ නිසා, ගර්භණී කාලයෙදි ආහාර ලබාගත යුතු නිවැරදි ආකාරය ගැන මේ ලිපියෙන් දැනගනිමු.

ගර්භණී කාලයේ දි ලබාගත යුතු විශේෂ ආහාර රටාවක් තියෙනවා ද ?

සාමාන්‍ය නිරෝගී ගර්භණී මවකට විශේෂ ආහාර රටාවක් ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ලබාගැනීම ප්‍රමාණවත් වෙනවා. ඒ වුණත් ගර්භනි මවක් දියවැඩියාව , අධි රුධිර පීඩනය වගේ තත්ත්වයන් තිබෙනවා නම් තමන්ගේ ආහාර රටාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වෙනවා. ඔවුන් සීනි, ලුණු සහිත ආහාර ලබා ගැනීම අවම කිරීම වඩාත් සුදුසුයි.

ගර්භණී සමයේ මුල් කාලයේ දී ඇතිවෙන ඔක්කාරය / ආහාරවලට ඇති අප්‍රසන්න බව සෑම අම්මා කෙනෙක් ම ලබන අත්දැකීමක්. ඒ කාලයේදී තමන් ප්‍රිය කරන ඕනෑම ආහාරයක් ලබාගෙන නිරෝගීව සහ ශක්තිමත් ව සිටීමයි කල යුතු වෙන්නේ. එය මවගේ සෞඛ්‍යයට වගේම බිලිදාගේ වර්ධනයටත් ඉතාමත් වැදගත් කාරණාවක්.

• මේ කාලයේදී විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනි ආහාර වර්ග මොනවා ද ?

ගර්භනී කාලයේදී අම්මා කෙනෙක්ට සුදුසු ආහාර වර්ග, නුසුදුසු ආහාර වර්ග ගැන විවිධාකාර මතවාද අපේ සමාජයේ දී අහන්න ලැබෙනවා. ඒ වුණත් ඒ බොහෝ මතවාදයන්  වෛද්‍ය විද්‍යාත්මකව සත්‍ය බව තහවුරු වීමක් සිදුවෙලා නැහැ. උදාහරණයක් විදිහට ගැට අන්නාසි නිසා දරු ගැබ විනාශ වෙන බවට තිබෙන සමාජ මතය නිශ්චිතව ම වෛද්‍ය විද්‍යාත්මක ව තහවුරු වෙලා නැතත්, එය සමාජය තුල පිලිගැනීමට ලක්වෙන කාරණාවක්. රෝහල් වලදී පවා ගැට අන්නාසි ගැබිණි මව්වරුන්ට නුසුදුසු බවට උපදෙස් ලබාදෙනවා.

ඔබ වඩාත්ම සැලකිලිමත් විය යුතු වෙන්නේ ඔබට ආසාද්මිකතා තත්ත්වයන් ( allergy ) ඇති කරන ආහාර වර්ග ලබාගැනීම පිලිබඳවයි. සුලබ උදාහරණයක් විදිහට ඇතැම් ගැබිණි මව්වරුන්ට ඉදුණු ගස්ලබු වල කිරි ආසාද්මික වෙන අවස්ථා තියෙනවා. මේ ආහාර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන නිසා තමන්ට ආසද්මිකතාවන් ඇති කරන ආහාර වර්ග හඳුනාගෙන ඒවායින් ඈත් වී සිටීමයි සුදුසු වන්නේ.

ඒ වගේම ගර්භණී සමයේ මුල් කාලවලදී සමහර ගැබිණි අම්මලාට රටකජු ආහාරයට ගැනීමේදී කැරකවිල්ල සහා වමනය ඇති වීම සිද්ධ වෙනවා. මෙය කලබල විය යුතු තත්ත්වයක් නොවෙයි. මෙය රටකජු වගේ ආහාර ආහාර මාර්ගයේදී ජීර්ණය වීමට තිබෙන අපහසුතාව නිසා ඇතිවෙන තත්ත්වයක්.

• ගැබිණි මවුවරුන් අතර ජනප්‍රිය ම ආහාර අතිරේකය ‘ ත්‍රීපෝෂ ‘

අපේ රටේ ගැබිණි මවුවරුන්ට ලබාදෙන ප්‍රධානත ම ආහාර අතිරේකය වෙන්නේ ‘ ත්‍රිපෝෂ ‘ යි. මේවා සියලු ම ගැබිණි මවුවරුන්ට තමන්ගේ ප්‍රදේශයේ  සෞඛ්‍ය නිලධාරි කාර්යාල මගින් පවත්වන මාසික ගැබිණි සායන වලදී ලබාදෙනවා. එහිදී ඔබට මාසයකට ත්‍රිපෝෂ පැකට් දෙකක් ලබාගන්න පුලුවන්. ත්‍රිපෝෂ සකස් කරන්නේ ගර්භණී මවුවරුන්ට හා බිලිඳාට අවශ්‍ය පෝෂක කොටස් සියල්ලේම අන්තර්ගතයක් සහ මවගේ ආහාර ජීරණ පද්ධතියේ දි පහසුවෙන් ජීර්ණය කරගන්න හැකිවෙන ආකාරයට නිසා, ඔබට ලබාදෙන ත්‍රීපෝෂ  භාවිතා කිරීම ඉතා වැදගත්.

• රෝහල් වලින් ගැබිණි මවුවරුන්ට ලබාදෙන බෙහෙත් පෙති භාවිතය අනිවාර්ය ද ?

ගර්භාෂයේ ඉන්න කුඩා බිලිඳාට අවශ්‍ය පෝෂණය ඍජුව ම ලැබෙන්නේ තමන්ගේ අම්මාගෙන්. මේ නිසා සාමාන්‍ය කාන්තාවකට වඩා වේගයෙන් ගර්භණී මවකගේ සිරුරේ තිබෙන පෝෂ්‍ය සංඝටක අඩු වීම සිද්ධ වෙනවා. මේ තත්ත්වය මගහරවා ගැනීමටයි රෝහල් වලින් ගැබිණි මවුවරුන්ට විවිධ විටමින්  වර්ග ලබාදෙන්නේ.

දරුවෙක් බලාපොරොත්තුවෙන් ඒ සඳහා සූදානම් වෙන මවක් ගර්භණී වීමට මාස තුනකට පමණ පෙර සිටම ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතුයි. ඒ වගේ ම ගර්භණී සමයේදි කැල්සියම් , ෆෝලික් ඇසිඩ්, යකඩ, විටමින් සී පෙති ලබා ගැනීම වැදගත්. වෛද්‍යවරු මවු වරුන්ට උපදෙස් දෙන්නේ උදේ කාලයේ දී කැල්සියම් පෙතිත් , රාත්‍රී ආහාර වේලෙන් පැය දෙකකට පසු ෆෝලික් ඇසිඩ්, යකඩ පෙති සහ විටමින් සී පෙතිත් ලබා ගැනීම සුදුසු බවටයි. මෙහිදී යකඩ පෙති සහා විටමින් සී පෙති එකම අවස්ථාවේදී ලබාගැනීම වැදගත්. රාත්‍රී ආහාරයෙන් පැය දෙකකට පසු මේ විටමින් ලබාගැනීමෙන් පෝෂක කොටස් පහසුවෙන් අවශෝෂණය වීමට අවස්ථාව ලැබෙනවා.

යකඩ පෙති සමග තේ , කෝපි පානය සුදුසු නැහැ. යකඩ පෙති නිසා සමහර මවුවරුන්ට මලබද්ධය තත්ත්වයක් සහා මල වල වර්ණය අඳුරු වීමක් දකින්නට ලැබෙනවා. නමුත් ඒවා සාමාන්‍ය තත්ත්වයන් නිසා කලබල විය යුතු නැහැ.

• ගර්භණී සමයේ දි ජලය පානය කිරීම

සාමාන්‍යයෙන් ගර්භණී කාලයේදී මවුවරුන්ගේ මුත්‍ර මාර්ගයේ ආසාදන තත්ත්වයන් දකින්නට පුලුවන්. මේ අපහසුතාවය මගහරවා ගැනීම සඳහා මේ කාල සීමාව පුරා ම මවක් හොඳින් ජලය පානය කල යුතු වෙනවා. ගර්භණී මවක් දෛනික ව ජලය ලීටර 2 – 2.5 ක ප්‍රමාණයක් ලබාගැනීම වැදගත්.

ඒ වුණත් කාර්‍යබහුලත්වය නිසා මවකට නිතර ම ජලය පානය කිරීම මග හැරෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා තමන් ප්‍රමාණවත් තරම් ජලය පානය කර තිබෙනවාදැයි කියා මුත්‍ර වල වර්ණයෙන් දැනගන්නට පුලුවන්. මුත්‍ර වල වර්ණය අවර්ණයි නම් ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කර තිබෙනවා. මුත්‍ර තද පැහැයක් ගන්නවා නම් ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කර නැහැ.

• ගර්භණී සමයේ දී ඇති කරගත යුතු ආහාර පුරුදු

ගර්භණී සමයේ අවසන් මාස කිහිපයේ දී ඔබට විශාල ආහාර ප්‍රමාණයක් එක්වර ම ලබාගැනීම තරමක් අපහසු බව දැනේවි. මෙයට විසඳුමක් විදිහට, කුඩා ආහාර ප්‍රමාණයක් දිනකට වේල් 5ක් බැගින් ලබාගන්න ඔබට හැකියි. හවස තේ වේල වෙනුවට ඒ කාලයෙ දි ප්‍රධාන ආහාර වේලක් ගැනීමට යෝජනා කරන්න පුලුවන්.

ඒ වගේ ම ගර්භණී කාල සීමාව තුල පැණි රස ආහාර ගැනීම අවම කිරීම, ධාන්‍ය වර්ග ආහාර වේල් වලට එකතු කර ගැනීම සහ සෑම ආහාර වේලකට ම පසු පලතුරු වර්ගයක් ලබා ගැනීම මවගේ හා දරුවාගෙ සෞඛ්‍ය තත්ත්වයේ යහපතට වැදගත් කාරණාවන්.

මීට අමතර ව ක්ෂණික ආහාර, කෘත්‍රිම බීම වර්ග, මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් ගැබිණි මව ඉවත් විය යුතුයි.

සෑම විටම පෝෂ්‍යදායි සමබල ආහාර රටාවකට හුරු වීම ඔබට බර ප්‍රස්තාරයේ බර අගයන් නියමිත මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වෙනවා.

• ගැබිණි මවකට සුදුසු ආදර්ශ සමබල ආහාර වේලක්.

‍රතු බත්
එලවලු වර්ග දෙකක්
කොළ මැල්ලුමක්
හාල්මැස්සො / මාලු / බිත්තර
පරිප්පු
පොලොස්
අඹ / ගස්ලබු වැනි පලතුරු වර්ගයක්

පෝෂ්‍යදායී සමබල ආහාර රටාවන් අනුගමනය කිරීම ඔබගේත්, කුසයෙහි වැඩෙන කුඩා ළදරුවාගේත් මනා සෞඛ්‍ය තත්ත්වයට ඉතා වැදගත්. මේ නිසා ඔබ ලබාගන්නා ආහාර පිලිබඳව සැලකිලිමත් වීම සියලු ම ගැබිණි මවුවරුන්ගේ වගකීමක්.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Pregnancy

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක

Read More »
Intimacy

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට

Read More »
Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »