වැදෑමහ එහෙමත් නැත්නම් placenta කියලා කියන්නෙ ගර්භාෂයෙන්ම හැදෙන පටක කොටසක්. වැදෑමහ දරුවාට සම්බන්ධ වෙන්නෙ පෙකණිවැල (umbilical cord) කියන නලයක් වගේ කොටසින්. ඒ හරහා තමයි දරුවාට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂණය ලැබෙන්නෙ.
වැදෑමහ ගර්භාෂයේ බිත්තියට සම්බන්ධ වෙලා තියෙන්න. ගොඩක් වෙලාවට ගර්භාෂයේ ඉහළ හෝ පිටුපස බිත්තියට. කලාතුරකින් ගර්භාෂයේ පහල, ගැබ්ගෙලට ආසන්නව පිහිටන්නත් පුලුවන්. මේ තත්වය low lying placenta කියලා තමයි හඳුන්වන්නෙ. වැදෑමහ ගැබ්ගෙල ආවරණය වෙන්න පිහිටලා තියෙනවානම්, එය placenta previa කියලයි හඳුන්වන්නෙ.
වැදෑමහ සම්බන්ධ රෝග තත්ව වලට අවදානම් සාධක
1. මවගේ වයස ; මවට වයස අවුරුදු 40ට වැඩිනම් අවදානම වැඩියි
2. දරු ප්‍රසූතියට පෙර water bag එක කැඩුනොත්
3. අධික රුධිර පීඩනය
4. නිවුන් දරුවන්
5. රුධිර කැටිගැසීම සම්බන්ධ රෝග තත්ව
6. ගර්භාෂයේ සැත්කම්
7. මත්ද්‍රව්‍ය භාවිතය
8. උදරයට අනතුරු සිදුවීම
වැදෑමහ සම්බන්ධව ඇතිවෙන රෝග/සංකූලතා මොනවාද?
• Placental Abruption
වැදෑමහෙන් කොටසක් හෝ සම්පූර්ණ වැදෑමහම ගර්භාෂ බිත්තියෙන් ගැලවීම මේ නමින් හඳුන්වනවා. එතකොට දරුවාට ඔක්සිජන්/පෝෂණය මේ කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ. ඉතාම ඉක්මනින් දරුවා එළියට ගන්න ඕනෙ. උදරයේ වේදනාව, කොන්දේ වේදනාව, යෝනි මාර්ගයෙන් රුධිරය වහනය මේ තත්වයේ ලක්ෂණ වෙන්න පුලුවන්.
• Placenta Previa
වැදෑමහ ගැබ්ගෙල ආවරණය වන විදියට පිහිටීම තමයි මේ නමින් හඳුන්වන්නෙ. ගර්භණී සමයේ මුල් කාලයේදී ගොඩක් මව්වරුන්ට මේ තත්වය තියෙන්න පුලුවන්. නමුත් ගර්භාෂයේ වර්ධනයත් එක්ක වැදෑමහ ඉහලට යනවා. ගර්භණී සමයේ අන්තිම කාලයෙත් වැදෑමහ ගැබ්ගෙල ආවරණය කරගෙන තියෙනවානම්, ඔබට අනිවාර්යයෙන්ම සිසේරියන් සැත්කමකට යන්න වෙනවා.
• Placenta Accreta
මේ තත්වයේදී වැදෑමහ ගර්භාෂයේ ඇතුල් බිත්තියට/ඊටත් එහා ආසන්න අවයව හෝ රුධිර නාලවලට සම්බන්ධ වෙලයි තියෙන්නෙ. එතකොට දරු ප්‍රසූතියේදී අධික රුධිර වහනයක් වෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා ඔබට අනිවාර්යයෙන්ම සිසේරියන් සැත්කමක් අවශ්‍යයි. ඉතාම කලාතුරකින් ගර්භාෂය ඉවත්කරන්න වෙන්නත් යම් ඉඩක් තියෙනවා.
• Retained Placenta
සාමාන්‍යයෙන් දරුවා බිහිවුනාට පස්සෙ වැදෑමහ ඉබේම ගර්භාෂයෙන් ගැලවිලා ඉවත්වෙනවා. නමුත් සමහර වෙලාවට එහෙම වෙන්නෙ නැහැ. එතකොට අධික රුධිර වහනය, ගර්භාෂයේ ආසාදන ඇතිවෙන්න පුලුවන්.