hit counter code

අම්මාගෙ දොළ දුක අනුව දරුවා ගැන ඉඟි කියන්න පුලුවන් ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ගර්භණී මවකට හැමෝම දක්වන්නෙ ගෞරවනීය ආදරයක්, සැලකිල්ලක්. මේ කාලයේදී ඇයගේ කටයුතු පහසු කරන්න උදව් කරනවා වගේම ඇය කැමති ආහාර පාන ලබාදෙන්නත් හැමදෙනාම උත්සාහ කරනවා. මෙහිදී ආහාර පාන වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙනවා අපට දැකගන්නට පුලුවන් . ඒ ගර්භනී කාන්තාවක් මේ කාලයේදී සමහර ආහාර පාන ගන්න දක්වන සුවිශේෂීයත්වය හේතුවෙනුයි. මෙය ව්‍යවහාරයේදී ‘ දොළදුක ‘ යනුවෙන් හඳුන්වනවා. මෙහි විද්‍යාත්මක පසුබිම හා ඉන් හැඟවෙන දේවල් ගැන මේ ලිපියෙන් සාකච්ඡා කරනවා.

දොළදුක කියලා කියන්නෙ මොකක්ද ?

දොළදුක කියන්නෙ සාමාන්‍යයෙන් pregnant කාලෙට ඇතිවන දරාගන්න බැරි ‘කන්න ඕනෙ, බොන්න ඕනෙ’ කියලා හිතෙන ආසාවක්.

මෙහි විද්‍යාත්මක පසුබිම කොයි වගේද?

දොළදුක ගොඩක් වෙලාවට ඒ කාලවලට ඇතිවෙන පෝෂ්‍ය පදාර්ථ අඩුවීම (nutrition deficiencies), හෝමෝනවල අසමතුලිතතාවය වැනි කරුණු ගණනාවක් නිසා ඇතිවෙන්න පුලුවන්.

මෙහිදී යම්කිසි ආහාරයකට වැඩි කැමැත්තක් ඇතිවෙන්නෙ ඇයි ?

හෝමෝන අඩුකම, මැග්නීසියම් අඩුකම වැනි විවිධ තත්වයන් නිසා තමයි මේ වගේ තත්වයන් ඇතිවෙන්නෙ. දැන් කාලෙ ඒක ලොකූවටම දැනෙන්නැත්තෙ ගොඩක් අය medical advices අරගෙන තමන්ගේ පෝෂණ ඌනතාවයන්ට අවශ්‍ය ප්‍රතිකාර ගන්න නිසයි.

Pregnant කාලෙදි විතරක් නෙමෙයි, යම් පුද්ගලයෙක්ගේ හෝමෝන අසමතුලිතතාවයක්, පෝෂණ ඌනතාවයක්, සීනි මට්ටමේ අඩුවීමක්, විජලනය, ආතතිය වැනි විවිධ කරුණු හේතුවෙන් යම් ආහාරයකට වැඩි කැමැත්තක් ඇතිවෙන්න පුලුවන්. නමුත්, තමන්ගෙ වයස, ආර්ථික තත්වය, තමන්ගෙ ලෙඩ රෝග ගැන හිතලා ඒ දේවල් යම් තරමකට පාලනය කරගන්නවා.

Pregnant කාලෙදි අපේ හැගීම් පාලනය ටිකක් අඩුයි සහ දැනෙන හැඟීම්වල තීව්‍රතාවයත් වැඩියි. නව යොවුන් වියේදී (අවුරුදු 14-16 දි) අපිට තරහා ගියොත් ගොඩාක් තරහ යනවා. ආදරේ හිතුනොත් ගොඩාක් ආදරේ වෙනවා. ඒ වගේ තමයි pregnant වුණාමත්. emotional management එක අඩුවෙනවා. එතකොට කෑමකට වුණත් එහෙමයි. සමහර වෙලාවට අපි pregnant වෙන්න කලිනුත් දුකක් සතුටක් ආවම හොඳට කන අය ඉන්නවනෙ. pregnant වුණාම control එක ටිකක් අඩුයි. හිතුනොත් කනවා. අපිට හිතෙන ගාන වෙනදටත් හිතෙනවා වෙන්න පුලුවන්. හැබැයි අපි control වෙනවා. මේක සමහර පෝෂ්‍ය පදාර්ථ අඩුවුනහමත් ශරීරය ඒවා ලබාගන්න ක්‍රමයක් වෙන්නත් පුලුවන්.

දොළදුක අනුව ලැබෙන දරුවාගේ ගති ගුණ ගැන කියන්න පුලුවන්ද?

පොදුවේ ළමයින්ගෙ ගති ගුණ කියන්න පුලුවන්ද කියන එක විද්‍යාත්මකව තහවුරු කරන්න පුලුවන් පර්යේෂණ නැහැ.

හැබැයි අපි හිතමුකො, පුද්ගලයෙක් විදියට ඔබ තරහක් ආවම ටිකක් සැර දේවල් කන කෙනෙක් කියලා, නැත්තම් ඔයා විශ්වාස කරනවා කියලා ‘ සැර දේවල් කන අය ටිකක් තරහා යන කට්ටිය’ කියලා. එතකොට ඒක අපි දකින විදිහ සහ අපි විශ්වාස කරන දේ. එතකොට pregnant වෙන්න කලිනුත් තරහා යන එකයි, සැර දේවල් කන එකයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඒ මවගේ විශ්වාසයක් තිබුණා නම්, පරණ විශ්වාසෙත් එක්ක හා කොහොමත් කෑම patterns වෙනස් වෙන ඒවා, හෝමෝන වෙනස්වීම් එක්ක එහෙම වෙන්න පුලුවන් .

මනෝ විද්‍යා පරීක්ෂණ තියෙනවා තමන්ගෙ හැඟීම් දැනීම් වල යම්කිසි බලපෑමක් තියෙනවා කියලා ඒ දරුවගේ ඉපදීමෙන් පසුව සිදුවෙන හැගීම් දැනීම් චර්යාත්මක ලක්ෂණ වල. ‘මට තරහා ගියොත් බබාට තරහා යනවා නෙමෙයි’.

ඉතින් එතකොට සමහර අයට හිතෙන්න පුලුවන්, මම pregnant කාලෙ සෑහෙන්න සැර දේවල් කෑවනෙ, මේ බබාට තරහා යන්නෙ ඒකයි කියලා. හැබැයි, ඒකෙ ඇත්තම අපිට පේන විද්‍යාත්මක පැත්ත තමයි තමන්ගෙ තියෙන විශ්වාස පද්ධතිය, තමන් කලින් ඉදන් හිතන් හිටපු / විශ්වාස කරපු දේවල් අනුව තමයි ඔය වගේ සම්බන්ධතා පේන්න පටන් ගන්නෙ. එහෙම නැතුව කියන්න අපිට අමාරුයි තමන්ට ඇතිවෙන දොළදුකෙන් දරුවාගේ හැගීම් හරි චර්යා හරි කියන්න පුලුවන් කියලා. තමන් කලින් ඒ සමහර හැඟීම් වලට ප්‍රතිචාර දක්වන්නෙ මෙන්න මේ වගේ කෑමකින් කියලා විශ්වාසයක් තිබ්බොත් තමන්ට ඒ හැඟීම pregnant කාලෙ එද්දි තමන් ඒ ආහාර වලට යොමුවෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් දරුවෙක් ලැබෙන්න ඉන්න කාලයේ හැඟීම් පාලනය අඩුවෙනවා .

පැණිරස කෑවොත් ලැබෙන්නෙ සතුටින් ඉන්න බබෙක් ද?

උදාහරණයක් කියන්නම්. ඉන්දියානුවන් වැඩිපුරම සතුටු අවස්ථා සමරන්නෙ පැණි රස දෙයක් කාලනෙ. ලොකූ සතුටක් දැනුණොත් තමන්ගෙ ඒ විශ්වාසයත් එක්ක තමන් වැඩිපුර පැණි රස කන්න පුලුවන්. ඉතින් ඒකට ආහාරවල බලපෑමක් තියෙනවා කියලා කියන්න බෑ. හැබැයි තමන්ගෙ හැඟීම් දැනීම් තමන් හිතන පතන patterns බබාට එන්න පුලුවන්. එතකොට ඉතින් හිතන්න පුලුවන් ‘ආ මෙයත් මන් වගේම සතුටින් ඉන්නෙ මන් ඒ කාලෙ පැණි රස කාපු හින්ද’ කියලා. Perception එහෙමත් නැත්තම් කලින් ඉඳන් දකින විදිය අනුව තමයි ඒ ප්‍රතිචාර දැක්වීම සිද්දවෙන්නෙ. ඉතින ළමයා හම්බවුණාට පස්සෙ තමන් වගේම හැඟීම් දැනීම් තියෙන හා ඒ වගේම ප්‍රතිචාර දක්වනවා නම් තමන්ට හිතෙන්න පුලුවන් අර හින්දා තමයි කියලා.

හැබැයි ඒ ගති ගුණ හා චර්යාවන් තමන්ගෙ ජානමය හේතූන් නිසා, ශ්‍රාවය වෙන හෝමෝනවල වෙනසක් වෙන හින්දා සහ තමන් දරුවා හදා වඩා ගන්නා ආකාරය අනුව ආපු එකක් වෙන්නත් පුලුවන්.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »