hit counter code

මව නිර්මාංශ (vegan/vegetarian) වීම කුසෙහි දරුවාට හානි කරද ?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ලොව පුරා සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරන පිරිස පෙරට වඩා වැඩි අගයක් ගන්නා බව සංඛ්‍යා ලේඛන මගින් පවා සනාථ වෙනවා. නිර්මාංශ (Vegan/Vegetarian) සංවිධාන බිහිවී ඒ ඔස්සේ විවිධ සැමරුම් උත්සව ආදියත් සංවිධානය වනවා. විවිධාකාර හේතු මත මිනිසුන් සත්ව ආහාර ප්‍රතික්ෂේප කරනවා. තනි පුද්ගලයෙකු වශයෙන් නිර්මාංශ වන අයකුට එයින් වන බලපෑම පිළිබඳව ප්‍රශ්නයක් නොමැති වුවත් මවක් වන්නට සූදානම් වන කාන්තාවක් එහි ඇති වාසි සහ අවාසි පිළිබඳව දැනුවත් වීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. කුස තුළ වැඩෙන නව ජීවයේ සෞඛ්‍යසම්පන්න භාවයට එයින් වන බලපෑම සුළුකොට තැකිය නොහැකියි.

ගර්භණීබව සහ විටමින් බී අවශ්‍යතාව

නිර්මාංශ (Vegan/Vegetarian) ආහාර වේලක විටමින් B12 සහ ඇතැම් අත්‍යවශ්‍ය මේද අම්ල වර්ග මෙන්ම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ද අඩංගු වන්නේ නැහැ. ඒවා ශරීරයට ලබා ගැනීමට නම් සත්ව ආහාර අනුභව කළ යුතුයි. විටමින් B12 මගින් රතු රුධිර සෛල සහ ඩී.එන්.ඒ නිපදවීමට ඉතා විශාල බලපෑමක් සිදුවන අතර ස්නායු පද්ධතිය කෙරෙහි ඇති කරන හිතකර බලපෑම ද ඉතා වැදගත්. ගර්භණී අවධියේදී කුස තුල සිටින දරුවාගේ ස්නායු පද්ධතිය මොළය සහ අනෙකුත් අවයව වර්ධනය වීමට විටමින් B12 සහ අත්‍යවශ්‍ය මේද අම්ල සහ ඇමයිනෝ අම්ල වර්ග අත්‍යවශ්‍ය වෙනවා. https://babynmom.lk/pregnancy/eat-healthy-during-pregnancy/ මෙම අත්‍යාවශ්‍ය පෝෂක සංඝටක ශරීරයට එකතු කර ගැනීම සඳහා නිර්මාංශ මව්වරුන්ට වෙනත් ආදේශක හෝ සපයා ගන්නට සිදු වීම නොසලකා හැරිය නොහැකි කාරණාවක්. සත්ව ආහාර වල තරමටම නොමැති වුවත් කොට්ටම්බා, නිවිති, බඩඉරිඟු, කොල්ලු වැනි ධාන්‍ය වර්ගවල විටමින් B12 අඩංගු වෙනවා. එවැනි ආහාර වැඩිපුර ගැනීමෙන් විටමින් B12 මගින් ශරිරයට ඉටු කෙරෙන කාර්‍යන් සපුරා ගත හැකියි.

නිර්මාංශ වන්නේ මස් මාලු වල දුර්ගන්ධය නිසා නම්….

ඇතැම්විට පුද්ගලයකු නිර්මාංශ වීමට හේතුව මස් මාලු වල දුර්ගන්ධය වැනි හේතුවක් මත ඇතිවන අප්‍රසන්නතාවය විය හැකියි. එවන් පුද්ගලයින් කිරි සහ බිත්තර වැනි ආහාර ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නිර්මාංශ ගර්භනී මවක් කිරි වර්ග පානය කරනවා නම් ඇමයිනෝ අම්ල සහ අත්‍යවශ්‍ය මේද අම්ල ආදිය මුසු කරමින් සකස් කරන ලද කිරිපිටි වර්ග දැන් වෙළඳපොලෙහි තිබෙනවා. එසේ සැකසූ කිරි වර්ග පානය කිරීමෙන් දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂක කොටස් ලබා ගැනීම ගැටළුවක් වන්නේ නැහැ. අප්‍රසන්න බව නිසා නිර්මාංශ නොවී, සත්ව හිංසනය පිටුදැකීම වැනි මානුෂික කාරණාවක් මත පදනම්ව හෝ ආගමික කාරණා වැනි හේතුවක් මත නිර්මාංශ වන අය කිරි බිත්තරවලින් පවා සම්පූර්ණයෙන්ම වැළකී සිටිනවා විය හැකියි. එවන් විටෙක දරුවෙක් ලැබෙන්නට සිටින මවකට මෙම අත්‍යාවශ්‍ය විට පෝෂක කොටස් ලබා ගැනීම තවදුරටත් ගැටලුවක් බවට පත් වෙනවා.

මව නිර්මාංශී වීම දරුවාට බලපෑ හැකි ආකාරය

විටමින් බී12, ඇමයිනෝ අම්ල වැනි අත්‍යවශ්‍ය පෝෂක කොටස් ශරීරයට නොලැබීම, දරුවකු කුස තුළ සිටින අවධියේ පමණක් නොව දරුවාගේ උපතින් පසු වර්ධන අවධියේදී ද විවිධ අහිතකර බලපෑම් එල්ල කරනවා. දරුවකුගේ ශරීර අවයව සහ සියලු පද්ධති ගොඩනැගෙන ගර්භණී අවධියේදී දරුවාගේ ස්නායු පද්ධතිය සහ මොළය නිසි පරිදි සංවර්ධනය නොවීමෙන් පසුකාලීනව ඇති කරන බලපෑම බරපතල විය හැකියි. දරු උපතෙන් පසු විවිධ වර්ධන අවදි පසු කිරීමේදී, එනම් පෙරලීම, වාඩිවීම, සිටගැනීම, ඇවිදීම, සිනාසීම ආදී සැතපුම් කණු පසුකරන විට ද බලපෑම් ඇති කරයි. වර්ධන අවධි පසුකිරීමට අදාල වයස් කාණ්ඩවල දී අදාළ වර්ධන අවස්ථාවට ළඟාවීමට නොහැකි වීම වැනි ගැටලුවලට දරුවන්ට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. නිර්මාංශ මවක් ගැබ් ගැනීමෙන් පසු නිවැරදිව මේ තත්ත්වය අවබෝධ කරගනිමින් අත්‍යවශ්‍ය විටමින් සහ අම්ල වර්ග සඳහා වන ආදේශක හෝ ශරීරයට එකතු කරගැනීමට වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නම් කුස තුල සිටින දරුවාගේ වර්ධනයට කිසිදු ගැටලුවක් ඇති නොවේ.

මව සත්ව ආහාර ප්‍රතිකේෂ්ප කරන විට ඇති වාසි

විටමින් බී සහ විවිධ අම්ල වර්ග මෙන්ම යකඩ ද ගර්භණී සමයේදී අත්‍යාවශ්‍ය පෝෂක කොටසකි. මාංශමය ආහාරවල යකඩ බහුලව ඇති බැවින් මව නිර්මාංශ වනවානම් ශරීරයට හිග වන යකඩ ප්‍රමාණය ලබා ගැනීමට යකඩ අඩංගු කොළ වර්ග වැඩිපුර ආහාරයට ගත යුතුයි. එසේම ඔමේගා ත්‍රී, යකඩ, කැල්සියම් සහ විටමින් ඩී වැනි පෝෂක කොටස් පෙති හෝ කරල් වශයෙන් ද ලබාගන්නට පුළුවන්. නිර්මාංශ ආහාර වේලක් ගැනීමේ සුළු වාසි කිහිපයකුත් තිබෙනවා. ගර්භණී අවධියේ දී මවකට අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්ව ඇති වීමේ ඉහළ අවදානමක් තිබෙනවා. නමුත් නිර්මාංශ මවකට එවන් තත්ත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ පවතින්නේ ඉතා අවම මට්ටමක. එසේම ගර්භණී අවධියේ ඇතිවන දියවැඩියාවත් නිර්මාංශ මවකට ඇති නොවන තරම්.

කොඳු ඇට පෙළෙහි විවිධ ගැටලු සහ හිඩැස් සහිත දරු උපත් පිළිබඳව බොහෝ අවස්ථාවල අසන්නට ලැබෙනවා. දරුවකු කුස තුළ වර්ධනය වන අවධියේ දී ලැබෙන නයිට්‍රේට් ප්‍රමාණය අධික වීම දරුවාගේ කොඳු ඇට පේලියේ සිදුරු (හිඩැස්) ඇතිවීම කෙරෙහි බලපෑමක් ඇති කරනවා. නයිට්‍රේට් අධික වන්නේ සත්ව ප්‍රෝටීන්වල බලපෑමෙන්. සත්ව ප්‍රෝටීන් අඩංගු ආහාර අඩුවෙන් ගැනීමෙන් කොඳු ඇට පෙළෙහි යම් යම් සංකූලතා සහිත දරුවන් බිහි වීම අඩු වෙනවා. නිර්මාංශ වීමේ වාසි සහගත කොටසට මෙයත් එකතු කරන්නට පුළුවන්.

මේද අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නේ කොහොමද?

ශාක තෙල් වර්ග, සංතෘප්ත මේදය සහ අසංතෘප්ත මේදය ලෙසින් වර්ගීකරණය වෙනවා. මෙහිදී පොල් කිරිවල වැඩිපුර අඩංගු වන්නේ සංතෘප්ත මේදය. ඔලිව් තෙල් වැනි තෙල් වර්ගවල අසංතෘප්ත මේදය වැඩිපුර තිබෙනවා. ගර්භනී මවකට වඩාත් සුදුසු අසංතෘප්ත මේදයයි.නිර්මාංශ ගර්භනී මවකට ඌන වන පෝෂක කොටස් සම්පූර්ණ කර ගැනීම සඳහා මෙන්ම අසංතෘප්ත මේදය ලබා ගැනීමට ඔලිව් ඔයිල් වැනි දේවල් ආහාරයට ගැනීමත් වඩාත් සුදුසුයි.

නිර්මාංශ ආහාර ලබා ගන්නා ගර්භනී මව්වරුන්ට ලැබෙන දරුවන් අඩු බර දරුවන් වීමට ඇති ප්‍රවණතාවයත් සාපේක්ෂව ඉහළ අගයක් ගන්නවා. අවශ්‍ය කරන සියලු පෝෂක කොටස් ආදේශක හෝ ලෙස හෝ ලබා ගන්නවා නම් කුස තුළ වැඩෙන දරුවාට ගැටලු ඇති වන්නේ නැහැ. ගර්භනී මවක් නිර්මාංශ වීම ගැටලුවක් නොවන්නේ හොඳ දැනුවත් වීමක් සහිතව කුස තුළ වැඩෙන දරුවාට අවශ්‍ය සියළු පෝෂක කොටස් ලබා දෙන්නට තරම් මවට හැකියාවක් ලැබීම තුළින් පමණයි. නිර්මාංශ කාන්තාවක් ගැබ් දරන කාලසීමාව තුළ ආහාරයට ගත යුතු දේවල් පිළිබඳව හොඳින් විමසා බලා ඒ අනුව කටයුතු කරන්නේ නම් ශක්තිමත් නිරෝගී දරුවෙකුට උපත ලබා දෙන්නට නිර්මාංශ මවකටත් හැකියාව තිබෙනවා.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Pregnancy

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක

Read More »
Intimacy

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට

Read More »
Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »