hit counter code

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

නහයට දැනුනු සුවඳ දිගේ පාර හොයාගෙන ගිය මනුෂි දැක්කේ මහගෙදර වත්තේ වැට මායිමේ අන්නාසි ගොල්ලෙ ඉඳන් කහපාටට හිනාවෙන අන්නාසි ගෙඩියක්.

“හප්පේ ඒක දිලිසෙනව!”

මනුෂිගේ කටට කෙළත් ඉනුවා. එහාගෙදර ලොකු මල්ලි කැත්තක් අරන් ගස් වල අතු පාහිනව මනුෂි දැක්කා.
“මල්ලි !”

ආගිය විස්තර ටිකක් කතාබහ කරලා මල්ලිට කියලා අන්නාසි ගෙඩියත් කඩාගෙන මනුෂි ගිහිල්ල කාමරේට එබෙද්දි සහන් තාම නිදි. සතියෙම වැඩ කරලා මහන්සිය නිවාගන්නයි අම්මලා බලලා යන්න මහගෙදර ආව ගමනක් නෙහ්…

“නිවාඩු දවසනෙහ්.. නිදාගත්තු දෙන්….”

නැට්ටෙන් එල්ලගත්ත අන්නාසි ගෙඩිය අරන් මනුෂි කුස්සියට ගියේ නැන්දම්මා සරලාට හරි වැඩට උදව් වෙන ගුණවතීට හරි කියලා අන්නාසි රහ විඳින්න හිතාගෙන.

අන්නාසි කෑල්ලක් කපලා දෙන්න කියපු මනුෂිගෙ ඉල්ලීම ඇහුණ ගමන්ම ගුණවතී එකහෙළාම විරුද්ධ වුණා …

“මයේ අම්මෝ, කුසේ දරුපැටියෙක් ඉන්න කාලේ මේව අපත්ති කෑම පුංචි නෝනා … කන්න නම් එපා “

“ඒව ඉස්සර කාලෙ පරණ කතන්දරනේ අනෙහ්… පලතුරු කොහොමද අගුණ වෙන්නෙ මේ කාලෙට?”

“අනේ මට නම් බෑ පුංචි නෝනෙ , පුංචි නෝනට මොකක් හරි වුණොත් මට තමා විසුමක් නොවෙන්නෙ මේව දැන දැනත් කොළා කියලා!”

ගුණවතීගේ සද්දෙ නිසා සරලාත් කුස්සියට ආවා.

“ඔව් දුව, අන්නාසි වගේ සැරකෑම කන්න හොඳ නෑ මේ කාලේ. බඩ හෑල්ලු වෙනවා .. අන්නාසි හරි සැර උෂ්ණ කෑමක් නෙහ්.. පස්සේ මං දූට අන්නාසි අච්චාරුම හදලා දෙන්නම්කෝ “

වචනෙන් මුකුත් නොකීවත් මනුෂිට දැන් අන්නාසි කන්නම ඕන වගේ දැනුණා. මනුෂි ආසම කෑමක් තමයි ලුණුයි මිරිස් කුඩුයි තවරපු අන්නාසි. ඒත් ඉතිං බඩේ ඉන්න පැංචට තාම මාස දෙකයි. මනුෂි අමාරුවෙන් හිත හදාගන්න අතරේ තමයි නයිට් ශිෆ්ට් ඉවර කරලා ගෙදර ආව සහන්ගේ නංගි , පවනි නා කියාගෙන සබේට ආවේ..

“ඇයි මේ අක්කි මූණ එල්ලගෙන?”

“අක්කිට අන්නාසි කන්න ආස හිතිලා දුව, මේ කාලෙට අන්නාසි අපත්තියි නෙහ් ඉතිං “

කොණ්ඩෙ පිහින ගමන් පවනි මනුෂි ළඟින් ඉඳගත්තා.

“අන්නාසි හරිම උෂ්ණ කෑමක්නෙහ් අක්කි. අන්නාසි වල තියෙනවා බ්‍රෝමෙලේන් ( Bromelain ) කියලා එන්සයිමයක්. අපි මේ බ්‍රෝමෙලේන් ටැබ්ලට්ස් ප්‍රෙග්නන්ට් කාලෙට පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ. මොකද මේ එන්සයිමයට පුළුවන් අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන් බිඳල දාල බ්ලීඩින් ඇතිකරන්න. ඒ කියන්නේ කළලය ගර්භාෂෙන් ගලවලා දාන්න. සරලව කිව්වොත් මිස්කැරේජ් එකක්, ගබ්සාවක් වෙන්න පුළුවන්.

මේ බ්‍රෝමෙලේන් අන්නාසි වල මැද නාරටියෙ ගොඩක් තියෙනවා. අන්නාසි මදෙත් ටිකක් තියෙනවා. අන්නාසි අමු කාලේදිත් සාපේක්ෂව වැඩියෙන් තියෙනවා.. ඔය නිසා තමයි බබෙක් හම්බ වෙන්න ඉන්න කාලෙ අන්නාසි කන්න එපා කියන්නේ. මොකද ගැබ්ගෙලේ අනවශ්‍ය සංකෝචන ඇති කරලා කළලය එළියට ඇදල දාන්න පුලුවන්. මුල් මාස තුන කියන්නෙ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ ක්‍රිටිකල්ම කාලෙ නිසා අපි කියනවා මුල් මාස තුනේ අන්නාසි කොහොමවත්ම කන්න එපා කියලා. ඒත් කන්නම ඕන නම් , කන්න ගොඩක්ම ඕන නම් හොඳ…..ටම ඉඳුණු අන්නාසි පොඩි කෑල්ලක් මාස තුනෙන් පස්සෙ , මාස 7,8 ක් විතර ගියාම කන්න කියලා අපි උපදෙස් දෙනවා. ඒත් පොඩි කෑල්ලක් , ඒකත් හොඳටම ඉදුණු අන්නාසි වෙන්න ඕන.. ඒත් ඉතිං අපි ඒ වගේ අවදානමක් ගන්න ඕනත් නෑ නේද අක්කි?

ඔයිට අමතරව අන්නාසි හරිම ආම්ලිකයි නෙහ්. ඒ නිසා ගැස්ට්‍රයිටිසුත් වැඩිවෙන්න පුළුවන්. ඕවා මේවා නිසා ඉස්සර කාලේ අය වගේම අපිත් කියනව අන්නාසි කියන්නෙ ප්‍රෙග්නන්ට් කාලෙ මඟාරින්න ඕන පලතුරක් කියලා… “

මාතෘ වාට්ටුවෙම හෙදියක් විදියට වැඩ කරන පවනි කියලා දීපු කරුණු ටික තේරුම් ගත්තම දැන්ම අන්නාසි කන්න ඕන නෑ කියලා මනුෂිට හිතුණා. මේ කාලේ තමන් සතුටින් ඉන්නගමන් දරුපැටියට නීරෝගීව කරදරයක් නැතිව මේ ලෝකෙට අරන් එන්න ඕන නෙහ් කියලා මනුෂිට තේරුම් ගියා..

“අපි පැංචා ඉපදුණාම එහෙනම් අන්නාසි කමු”
මනුෂි පවනිට කිව්වේ කුසෙන් අතක් තියාගන්න ගමන් හිනාවෙවී…..

 
Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »