hit counter code

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපේ ආහාර පුරුදුවලින් මෙවැනි බෝ නොවෙන රෝග වළක්වන්නට දෙමව්පියන් විදිහට ඔබට හැකියාව තියෙනවා. පොඩි පොඩි බඩගිනිවලට බිස්කට්, බනිස් වර්ග වෙනුවට ධාන්‍ය සහ වියළි පලතුරු එක්ක ගෙදර ම හදන සීරියල් බාර් එකක් දරුවට දෙන්න පුලුවන් නම් කොච්චර වටිනවද? ඉතින් අද මේ ලිපියෙන් කතා කරන්නේ ලංකාවෙ රසට ගෙදරදිම පෝෂණීය සීරියල් බාර් එකක් හදාගන්න විදිහ ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පිටි ග්‍රෑම් 100ක්
මුං ඇට පිටි ග්‍රෑම් 50ක්
කඩල පිටි ග්‍රෑම් 50ක්
රතුහාල් පිටි ග්‍රෑම් 50ක්
ඕට්ස් ග්‍රෑම් 50ක්
සීනි ග්‍රෑම් 100ක්
රටඉඳි ග්‍රෑම් 50ක්
රටකජු ග්‍රෑම් 50ක්
වියළි මිදි ග්‍රෑම් 50ක්
තල ඇට ග්‍රෑම් 50ක්
වියළි පොල් ග්‍රෑම් 50ක්
රුලං ග්‍රෑම් 50ක්
බටර් ග්‍රෑම් 100ක්
බිත්තර දෙකක්
වැනිලා තේ හැන්දක්
බේකින් පවුඩර් තේ හැන්දක්
ලුණු පිංචක්

හදන්නේ මෙහෙමයි

බිත්තර දෙක හොඳින් ගසා ගන්න.එයට බටර් දියකර එකතු කරන්න. එයට ම සීනි එක්කර දියවෙන තුරු මිශ්‍ර කරගන්න. දැන් පාන්පිටි, මුං ඇට පිටි සහ කඩල පිටි ටික එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු ඉතිරි සියලු ද්‍රව්‍ය එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.දැන් 20cmx30cm තැටියකට බටර් ටිකක් තවරා මිශ්‍රණය දමා තුනී කරගන්න. 180C’උෂ්ණත්වයේ විනාඩි විස්සක් බේක් කරගන්න. නිවුණු පසු කෑලි කපා ගන්න. කෑලි 18ක් පමණ කපා ගත හැකියි. සුළං නොවදින සේ ඇසිරීමෙන් සති දෙකක් පමණ කල් තියා ගන්නට හැකියාව තිබෙනවා.

සටහන –

දිනිති චතුභාශිනි

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Nutrition

පොඩ්ඩන්ට ගෙදරදිම පෝෂණීය හොට් චොක්ලට් බීම හදමු ද?

Hot Chocolate Drink කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් Hot Chocolate Drink එකක් හදා ගන්න නිවැරදි ආකාරය ගැන අපි බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.අපි

Read More »
Nutrition

බබාගෙ බර ඉක්මනින් වැඩි කරන සීරියල් එකක් ගෙදර හදමු

බබාලගෙ බර වැඩි කරගන්න අම්මලා නොකරන දෙයක් නෑ. කෑම කවන එක යුද්ධයක් බවට පත් වෙන්නේ පවා ඒකයි. නියමිත ක්‍රියාකාරකම් කරනවා නම් බරෙහි කුඩා වෙනස්කම් නොසැලකිය

Read More »
Nutrition

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි

ලොව පුරා අම්මලට තියෙන ලොකුම යුද්ධය තමයි බබාලට කෑම කවන යුද්ධය. අම්මා කෙනෙක් වෙන්න කලින් කෙතරම් පොත පත දැනුම ලබා කෑම කැවීම ගැන දැනුම ලබා

Read More »
Nutrition

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි.

දරුවෙකු ඉපදී මුල් මාස හයක් පුරාවට ඔවුන් මව්කිරෙන් පෝෂණය වීම අනිවාර්ය අතර එතැන් සිට දරුවාට අමතර ආහාර ලබා දීම ආරම්භ කළයුතු බව සාමාන්‍ය වෛද්‍ය මතයයි.

Read More »