hit counter code

ගර්භණී දියවැඩියාව (Gestational Diabetes) පිළිබඳව ඔබ දැනුවත්ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

කොහොමද මේ තත්වය ඇතිවෙන්නේ?

ගැබිණි සමයේදි ඇතිවන දියවැඩියාව ඉතා බරපතල ලෙස අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. මෙය ගැබිණි සමයට පෙර ඉතා නීරෝගීව සිටි කාන්තාවකට වුවත් වැළඳිය හැකියි. ගර්භණී දියවැඩියාව, එනම් Gestational diabetes වළක්වා ගැනීම නීරෝගී ගර්භ සමයකට වගේම නීරෝගි දරු උපතකටත් උදව් වෙනවා.

බොහෝ විට ගර්භණී සමයේදි සිදුවන හෝමෝන වෙනස්කම් නිසාවෙන් මේ ගර්භණී දියවැඩියාව තත්වය ඇතිවෙනවා. ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් නිපදවා ගත නොහැකි වීම හෝ නිපදවා ඇති ඉන්සියුලින් භාවිතයට ගත නොහැකි වීම මෙයට හේතු වෙනවා.

කොහොමද හඳුනාගන්නේ ?

ගැබිනි සායනේදි සිදු කරන රුධිර පරීක්ෂාවකින්. එය 75g OGTT ලෙස හඳුන්වනවා. ගර්භණී දියවැඩියාව සඳහා වැඩි අවධානමක් සහිත මවුවරුන්ටයි මෙය සිදුකරන්නේ.

කොහොමද පාලනය කරන්නේ?

ගර්භණී දියවැඩියාව කියලා දැනගත්තොත් ආහාර පාලනය සිදු කළ යුතුයි. එයින් නිසි පාලනයක් නොවුණොත් ඉන්සියුලින් ගත යුතු වෙනවා. ආහාර පාලනය, ජීවන රටාව වෙනස් කිරීම සහ ඖෂධ මගින් මෙම තත්ත්වයන් පාලනය කළ හැකියි.

ගර්භණී දියවැඩියාව ඇති බවට අනතුරු ඇඟවීම්

  • මුත්‍රාවල ඇති සීනි ප්‍රමාණය
  • අස්වාභාවික පිපාසය
  • නිතර නිතර මුත්‍ර පහවීම
  • මහන්සිය
  • පෙනීමේ සංකූලතා
  • මෞත්‍ර ලිංගික මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ව

ගැබිනි සමයේදි ඉන්සියුලින් පාලනය නොකළොත්?

ගර්භණී දියවැඩියාව (Gestational diabetes) සහිත මවුවරුන් නිසි පරිදි රුධිර ගත සීනි මට්ටම නිතරම පවත්වාගත යුතුයි. ඔවුන්ට නීරෝගි දරු උපත් සිදුකළ හැකි වුවත් ඔවුන් දැඩි සුපරික්ෂාවට ලක් කරනවා. නමුත් බොහෝ අවස්ථාවලදි පහත සංකූලතා ඇතිවිය හැකියි.

  • උපතේදි දරුවා විශාල වීම
  • ගර්භාෂයේදි දරුවා මිය යාම
  • ප්‍රසූත ගැටළු

මෙවන් කරුණු නිසා ප්‍රවේශම ඉතා වැදගත් වෙනවා.

ගැබිනි දියවැඩියාවෙන් පෙළෙන ඔබේ ආහාර රටාවට,

  • අලුත් පළතුරු සහ එළවළු වැඩියෙන් එක්කරගන්න
  • හිතකර මේදය , ධාන්‍ය , පිෂ්ඨය සහ ශාක ප්‍රෝටීන මධ්‍යම ප්‍රමාණයෙන් එක්කරගන්න
  • සීනි සහිත සහ සීනි එක්කරන ලද ආහාර ඉතාමත් සුළු වශයෙන් ආහාරයට ගන්න.

ගැබිනි සමය අවසානයත් එක්කම දියවැඩියාවත් නිමාවෙයිද?

සමහර මවුවරුන්ට ප්‍රසූතියත් සමඟම ගර්භණී දියවැඩියාව (Gestational diabetes) තත්වය සුව වෙනවා. අවාසනාවකට සමහර මවුවරුන්ට ප්‍රසූතියත් සමඟ මෙම දියවැඩියා තත්වය සුව වන්නේ නැහැ. එය එවිට දෙවන වර්ගයේ දියවැඩියාව ( Type ii Diabetes mellitus) ලෙස හඳුන්වනවා.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Intimacy

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ්

Read More »
Post-pregnancy

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ.

Read More »