hit counter code

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම ප්‍රශ්න අහන්නෙ. මේ නිසා අවදානම් තත්ව ඇතිවෙන්නෙ නැතුවාම නෙමෙයි. ඉන් එකක් ගැන අපි අද කතා කරමු. ඒ තමයි බබා නාසයේ යම් දෙයක් සිර කරගත්තොත් කරන්න ඕනෙ දේවල් ගැන. ගොඩක් වෙලාවට වයස අවුරුදු 5ට අඩු දරුවන් තමයි මේ වගේ දේවල් කරගන්නෙ. නාසයේ මොනාහරි හිරවෙන එක භයානක වෙන්නෙ ඒ නිසා දරුවට හුස්ම ගන්න අපහසුවෙන්න පුලුවන් සහ ආසාදන තත්ව ඇතිවෙන්න පුලුවන් නිසා.


දරුවො වැඩිපුරම නහයට දාගන්නෙ,


කුඩා සෙල්ලම් බඩු
• මකන කෑලි
• ටිෂූ
ක්ලේ
• කෑම කැබලි
කුඩා ගල්
• කුඩා බැටරි (button batteries)


මේ අතරින් අනතුරුදායකම දෙයක් තමයි අත් ඔරලෝසු වල තියෙන button batteries. පැය 4ක් වගේ කෙටි කාලයක් ඇතුලත ඉවත්කරේ නැත්නම් දරුවාගේ ශ්වසන මාර්ගයට හානිවෙන්න ඉඩ තියෙනවා.

දරුවා නාසයේ යමක් සිරකරගෙන කියලා සැක කරන්න පුලුවන් ලක්ෂණ මොනවාද?

ඔබට ඒ ගැන යම් සැකයක් තිබුණත් දරුවාගේ නාසයේ එහෙම පෙනෙන්නට මොනවත් නැත්නම් මේ ලක්ෂණ තියෙනවාද කියලා බලන්න.

• නාසයෙන් යම් ස්‍රාවයක් නිකුත්වීම. මේ ස්‍රාවය අවර්ණ, අළු පැහැති, හෝ ලේ මිශ්‍ර ස්‍රාවයක් වෙන්න පුලුවන්. ඒ ස්‍රාවයෙන් යම් ගන්ධයක් නිකුත්වෙනවා නම්, ගොඩක් වෙලාවට ආසාදන තත්වයක්.
• හුස්ම ගැනීමේ අපහසුතා හෝ හුස්ම ගන්න ශබ්දයේ වෙනසක්. මෙයට හේතුවෙන්න නාසයේ සිරවී ඇති දේ නිසා ශ්වසන නාල අවහිරවීම නිසා.

මේ ලක්ෂණ මොනවහරි දරුවාට තියෙනවා නම්, දරුවගෙ නාසයේ පිටතට පෙනෙන්නට කිසිම දෙයක් නැතිවුණත් වෛද්‍යවරයෙක් හමුවෙන එක සුදුසුයි. එවිට වෛද්‍යවරයා දරුවාව පරීක්ෂා කර බලාවි.

දරුවාගේ නාසයේ යමක් සිරවී ඇතිබව ඔබට පෙනෙනවා නම්,

වැදගත්ම දේ කලබල වෙන්න එපා. ඔබ කලබල බව දරුවා දැක්කොත් දරුවාත් කලබලයට පත්වෙන්න පුලුවන්.මේ සඳහා කරන්න පුලුවන් එකම ප්‍රතිකාරය තමයි නාසයේ සිරවී ඇති දේ ඉවත් කරන එක. වයසින් වැඩි දරුවෙක් නම් හුස්ම එලියට පිඹින්න කියන්න පුලුවන්.

ඊලගට “Parent’s Kiss” කියන ක්‍රමය කරලා බලන්න පුලුවන්. ඒ මෙහෙමයි.ඔබේ කට දරුවාගෙ කටට හොඳට සීල් වෙන ලෙස තබාගෙන එකවර ටිකක් තදට දරුවගෙ කටට පිඹින්න. සිරවෙලා තියෙන්න දරුවාගෙ එක නාස් පුඩුවක නම්, පිඹින්න කලින් ඇඟිල්ලෙන් අනිත් නාස්පුඩුව තදකරගන්න.

ඒ ක්‍රමයත් අසාර්ථක වුනොත් කරන්න පුලුවන් හොඳම දේ තමයි වහාම ළඟම තියෙන රෝහලට දරුවාව එක්කගෙන යන එක. ඒ අතරතුර දරුවාට කටින් හුස්මගන්න කියලා කියන්න. නහයෙන් හුස්ම ගත්තොත් සිරවෙලා තියෙන දේ තවත් ඇතුලට තල්ලු වෙන්න ඉඩ තියෙන නිසා.

මෙවැනි අනතුරු වළක්වාගන්නේ කොහොමද?


තේරෙන වයසේ දරුවන්ට නාසයෙන් වෙන්නෙ මොනවාද, නාසයට මොනාහරි දාගත්තොත් මොකද වෙන්නෙ කියලා උගන්වන්න පුලුවන්. ඒ වගේම දරුවා එහෙම කරනවා දැක්කොත් බනින්න තරවටු කරන්නත් යන්න එපා. 

සටහන –
වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Children

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන වයසේ දරුවෙක් නම් නිතරම සෙම් රෝග හැදෙනවා ඇති. සෙම තියෙන දරුවො නාවන්න හොඳයිද?

Read More »
Mental Development

දරුවෙකුගේ මානසික වර්ධනයට පිය භූමිකාවේ බලපෑම

පියෙක් සහ දරුවෙක් අතර බැඳීම ඇරඹෙන්නේ මව් කුස තුලදීමය. එතැන් පටන් පි‍යෙකුගේ බැඳිම දරුවකුගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකට යොමු කිරීමට තරම් ප්‍රබල සාධකයකි. එහෙත් බොහෝ

Read More »
Nutrition

ඔබේ දරුවා වෙජිටේරියන් ද?

නිර්මාංශ එහෙමත් නැත්නම් වෙජිටේරියන් ආහාර වේලක් කියන්නෙ ශාකමය ආහාර පමණක් අඩංගු ආහාර වේලකට. මස්, මාළු, කිරි, බිත්තර වගේ කිසිම සත්වමය ආහාරයක් මෙහි අඩංගු වෙන්නෙ නැහැ.

Read More »
Children

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ වෙන එක. මේ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් දේවල් තියෙනවාද? දරුවා නීරෝගීව තියාගන්න කරන්න

Read More »