hit counter code

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

“මේ ළමයා හරිම දඟයි. මේ වගේ දඟ කරන ළමයෙක් මම ජීවිතේටවත් දැකලා නැහැ.”

“මේ ළමයට විසේ පොවලා”

දඟකරන ළමයින්ට විසේ කරන ළමයින්ට වැඩිහිටියන් කවුරුත් පාහේ මේ වගේ දේවල් කියනවා අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ළමයි මෙහෙම දඟකරන්නේ අම්මගේ තාත්තාගේ අවදානය තමා වෙත යොමුකරව ගන්නයි. කුඩා කාලයේ පටන්ම අම්මගේ තාත්තාගේ අවදානය දරුවන් වෙත යොමු වෙනව නම් ඔවුන් මේ තරම් දඟවැඩ වලට පෙලඹෙන්නේ නැහැ. කුඩා කාලයේ සිටම දරුවන් කියන කරන දේවල් වලට දෙමාපියන් අවදානය යොමු කරනවනම් ඔවුන් දඟ ළමයෙක් වෙන්නේ නැහැ. මොකද එහෙම වෙනව නම් ළමයා හිතනවා අම්මා තාත්තා තමා ගැන බලනවා කියන එක.

ඒත් කුඩා කාලයේ ඉදලම අම්මා තාත්තා දරුවන් කරන කියන දේවල් කෙරෙහි වැඩි අවදානයක් යොමු නොකරනව නම් ඔවුන් හිතනවා අම්මා තාත්තා තමන් ගැන බලන්නේ නැහැ කියලා. එහෙම වුණාම අම්මාගේ තාත්තාගේ අවදානය තමා වෙත යොමු කර ගන්න ඔවුන් දඟවැඩ කරනවා. විශේෂයෙන්ම දරුවන් දඟවැඩ කරන තවත් එක් හේතුවක් තමයි ළමයිගේ වයසට ඔවුන්ට අවශ්‍ය දේ වැඩිහිටියන් කරන්න නොදීම.

මාස 6 ක් 7ක් වයසැති ළමයෙකුට වතුර බේසමකට අතදාල බලන්න ආසයි. ඔවුන්ගේ ඒ ආසාවට ඉටුකර ගන්න අපි ඉඩ දෙන්න ඕනේ. හුඟාක් අම්මලා දරුවා වතුර එකට අත දැම්මාම ඉක්මනින් අත ඉවතට දානවා. මොකද දරුවට සෙම වැඩිවෙයි කියලා. මේක මහා මිත්‍යා විශ්වාසයක් විතරයි. දෙමාපියන් අතර තිබෙන මෙවැනි මිත්‍යා විශ්වාසත් එක්ක දරුවන්ගේ අත්හදාබැලීම් නතර වෙනවා. මෙයින් දරුවාට සිදුවන්නේ අයහපතක්.

අවුරුද්දක් හෝ අවුරුද්දයි මාස 3 හෝ 4 ක් වයසැති ළමයෙක් ආසයි වැලි අරගෙන කවලම් කරලා බලන්න. ඒත් අපේ හුඟක් වැඩිහිටියන් දරුවන්ට වැලි කවලම් කරන්න දෙන්නේ නැහැ. මොකද හොරි වැනි සමේ රෝග හැදෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. දරුවන්ට වැලි පස් අල්ලන්න දීලා ඒවාට හුරු කරවන්න ඕනේ. එතකොට දරුවන්ගේ සිරුර කුඩා කාලේ ඉදලම එයට හුරුවෙනවා විතරක් නොවෙයි අත්දැකීමකුත් ලැබෙනවා.

අවුරුදු 2ක වගේ ළමයෙක් ආසයි පෙට්ටියක් වගේ දෙයක් තල්ලු කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒ වගේම අවුරුදු 3 හෝ 4ක් වැයසැති ළමයෙක් ආසයි බෝලයක් හෝ වෙනයම් එවැනි රවුම් දෙයක් උඩදමා බලන්න. මේ සෑම ක්‍රියාකාරකමකින්ම දරුවාගේ මොළය ඇතුලෙන් කුතුහලයක් ඇති වෙනවා. මෙහෙම කළොත් මොනවද වෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ. වගේ දේවල් දරුවාගේ මනසට නැගෙනවා. මෙවැනි කුතුහලයන් ස්භාවිකවම ඔහුට විසදා ගැනීමට ඉඩ නොදුන්නොත් තමයි අම්මා තාත්තා ඉස්සරහා අනවශ්‍ය වැඩක් කරලා එම අත්දැකීම් ලබාගන්න දරුවා උත්සහ කරන්නේ.

ඒ ඒ වයසට ළමයාගේ මොළය ඇතුලෙන් වියයුතු ක්‍රියාකාරකම් වලට අපි ඉඩලබා දිය යුතුයි. එහෙම නොවුණොත් ළමයාට වැඩිහිටියන් වශයෙන් අපි කරන්නේ විශාල හානියක්. අවුරුද්දේ දී දරුවා නැගිටින්න හදනවා. නැගිටිලා විතරක් නොවෙයි එයා ඇවිදින්නත් හදනවා. හා හා ඇවිදින්න එපා. ඔයා වැටෙයි කියලා අපි කෑ ගැහුවොත් දරුවා අවිදින්න ගන්න උත්සහ අතහරිනවා. එවිට දරුවාට කවදාවත් ඇවිදගන්න පුලුවන්කමක් වෙන්නේ නැහැ. එයාට වැටි වැටි ඇවිදින්නට ඉඩ දිය යුතුයි. එහෙම වුණොත් තමයි දරුවාගේ මොළය නියම විදිහට වැඩ කරන්න පටන් ගන්නේ.

සම වයසේ ළමයෙක් එක්ක පොර බැදීමට ඉඩ දීය යුතුයි. එවිට තමයි එයාගේ ශක්තිය එයාට මැන ගන්න පුළුවන් වෙන්නේ. නමුත් වැඩිහිටියන් වශයෙන් අපි දරුවා පිටුපස සිට ඔහුට රැකවරණය ලබාදිය යුතුයි. දරුවාට යම් අනතුරක් වෙනවා නම් ඔහුව එයින් මුදවා ගත යුතුයි. සමහර දරුවන් පිහිය ගෑරප්පුව වැනි උපකරණ අල්ලන්න උත්සහ කරනවා. එවැනි වෙලාවට එම උපකරණ ඇල්ලූවිට සිදුවෙන කැපෙනවා, ඇනෙනවා, එයින් ලේ එනවා, රිදෙනවා කියලා දරුවාට අවබෝධයක් ලබා දියයුතුයි.

අපි දරුවාට යම් දෙයක් කරන්න දුන්නේ නැතිනම් ඒ කියන්නේ වතුර අල්ලන්න දුන්නේ නැතිනම් ඒක සෘණාත්මකව බලපානවා. වතුර ඇල්ලීමෙන් දරුවා බලාපොරොත්තු වෙන්නේ ඒක කොහොමද තමන්ට දැනෙන්නේ කියලා. වතුර කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා හැගීමක් ඇති වෙනවා. අපි දරුවාට මොනවාවත් කරන්න ඉඩ නොදුන්නොත් කිසිම අත්දැකීමක් නැති දරුවෙක් බවට ඔහු පත් වෙනවා. එවිට එයා එම අත්දැකීම ලබා ගැනීමට තමන්ට තිබෙන සීමාවන් කඩාගෙන යන්න උත්සහ කරනවා. එක්කො පිහිනුම් තටාකයකට පනියි. එහෙමත් නැති නම් උණුවෙන වතුර භාජනයකට අත දමා බලයි. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ යම් අත්දැකීමක් ලබාගන්න. ඒ විතරක් නෙවෙයි ඒකෙන් වැඩිහිටියන්ගේ අවධානය දිනා ගන්න ආදරයක් කරුණාවක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා.

ඔහු වටා ඇති බාධකයන් බිඳ දමමින් ඉදිරියට යාමට උත්සහ දැරීමක් වැඩිහිටියන් දකින්නේ දරුවන්ගේ දඟ වැඩක් හැටියටයි. විසේකාර ළමයි කියලා වැඩිහිටියන් හදුන්වන්නේ මෙවැනි දරුවන්ව. මේ අනුව දරුවන්ට දඟකරන්න විසේ කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන්නේ දෙමාපියන් විසින්ම බව ඔබට දැන් වැටහෙනවා ඇති.

 

 

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Children

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ වෙන එක. මේ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් දේවල් තියෙනවාද? දරුවා නීරෝගීව තියාගන්න කරන්න

Read More »
Mental Development

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි. ලෝකයේ විවිධ රටවල්වල කරල

Read More »
Children

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක්

මේ දිනවල ඉතා ම උණුසුම් කාලගුණයක් පවතින්නේ. ඉතින් දරුවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව ඉක්මනින් ඉහළ යනවා. ඇස් දැවිල්ල, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල වැනි ඉතාම අපහසු තත්ත්වයන්

Read More »
Children

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ

Read More »