hit counter code

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන වයසේ දරුවෙක් නම් නිතරම සෙම් රෝග හැදෙනවා ඇති.

සෙම තියෙන දරුවො නාවන්න හොඳයිද? නාවනවා නම් සීතල වතුරෙන් නෑව්වට කමක් නැද්ද?

අම්මලා හැම වෙලේම අහන ප්‍රශ්නයකට තමයි අද මම පිළිතුරු දෙන්න යන්නෙ. උණ නැතිව හෙම්බිරිස්සාව සහ නාසයෙන් සොටු දියර ගැලීම, නාසය සිරවීම වගේ ලක්ෂණ තියෙන දරුවෙක් උණු වතුරෙන් නෑවීම/ ඇඟ සේදීම කිසිම ගැටලුවක් නැහැ. ඒ මඟින් දරුවාගේ නාසයේ සිරවීම අඩුවෙනවා සහ හුස්ම ගැනීම පහසුවෙනවා. නමුත් නාවලා ඉවර වුනාට පස්සෙ දරුවගෙ කොණ්ඩය හොඳින් වේලන්න ඕනෙ. තෙත රැඳෙන්න දෙන්න එපා.

උණ හෝ කැස්ස තියෙන දරුවෙක් නම් නාවන්න යන්න එපා. වෛද්‍ය ප්‍රතිකාර අරගෙන දරුවාට තියෙන්නෙ Upper Respiratory Tract Infection එකක් කියලා තහවුරු කරගත්තට පස්සෙ දරුවාව නාවන්න පුලුවන්. මොකද දරුවට තියෙන්නෙ නිව්මෝනියා තත්වයක් නම්, නෑවීම නිසා එය උත්සන්න වෙන්න පුලුවන්. දරුවාට හුස්ම ගන්න අපහසු නම්, තද උණ හෝ කැස්ස තියෙනවා නම් දරුවාව නාවන්න එපා. ඒ වෙනුවට මඳ උණුසුම් වතුරෙන් පෙඟවූ රෙද්දකින් දරුවාව පිරිසිදු කරන්න. ඊට පස්සෙ වියලි තුවායකින් දරුවාව පිස දමන්න අමතක කරන්න එපා.

සටහන –
වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Children

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම ප්‍රශ්න අහන්නෙ. මේ නිසා අවදානම් තත්ව ඇතිවෙන්නෙ නැතුවාම නෙමෙයි. ඉන් එකක් ගැන අපි

Read More »
Mental Development

දරුවෙකුගේ මානසික වර්ධනයට පිය භූමිකාවේ බලපෑම

පියෙක් සහ දරුවෙක් අතර බැඳීම ඇරඹෙන්නේ මව් කුස තුලදීමය. එතැන් පටන් පි‍යෙකුගේ බැඳිම දරුවකුගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකට යොමු කිරීමට තරම් ප්‍රබල සාධකයකි. එහෙත් බොහෝ

Read More »
Nutrition

ඔබේ දරුවා වෙජිටේරියන් ද?

නිර්මාංශ එහෙමත් නැත්නම් වෙජිටේරියන් ආහාර වේලක් කියන්නෙ ශාකමය ආහාර පමණක් අඩංගු ආහාර වේලකට. මස්, මාළු, කිරි, බිත්තර වගේ කිසිම සත්වමය ආහාරයක් මෙහි අඩංගු වෙන්නෙ නැහැ.

Read More »
Children

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ වෙන එක. මේ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් දේවල් තියෙනවාද? දරුවා නීරෝගීව තියාගන්න කරන්න

Read More »