ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද?
“ඔටිසම්” (මනෝවික්ෂිප්ත බව) යනු දරුවන්ගේ ස්නායු සංවර්ධන ක්‍රියාවලිය (neuro Development) සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සහගත තත්ත්වයක්. “ඔටිසම්” තත්ත්වය විවිධ අදියර ලෙස (Autism Spectrum Disorder) පුළුල් පරාසයක පවතින නිසා එහි ලක්ෂණ එසේත් නැත්නම් ගැටළුකාරී තත්ව එක් දරුවෙකුගෙන් තවත් දරුවෙකුට බොහෝ සෙයින් වෙනස් විය හැකියි. මෙහිදී ප්‍රධාන වශයෙන් දරුවාගෙ සමාජ සන්නිවේදනය සම්බන්ධ ගැටළු හා චර්යා රටාව සම්බන්ධ ගැටළු …