hit counter code

Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම උපත් පාලන ක්‍රමයක් පාවිච්චි නොකරනවානම්, එහෙමත් නැත්නම් පාවිච්චි කරන ක්‍රමය අසාර්ථක වුනොත් සහ ලිංගික අතවරයකට ලක්වුනොත් කියන අවස්ථා වලදියි.  හදිසි උපත් පාලන ක්‍රම වර්ග දෙකක් මේ වෙද්දී පාවිච්චි වෙනවා.  ගිලින …

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද? Read More »

මදසරු වෙන්නේ කාන්තාවන් විතරක් ද?

දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන ඔබ අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනෙ කරුණු කීපයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. ඒ තමයි දරු ඵල ප්‍රමාද වෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකෙන් එකක් ගැන.  ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති කලළයක් හැදෙන්න නම් නීරෝගී ඩිම්භයක්, නීරෝගී ශුක්‍රාණුවක් සමග සංසේචනය වෙන්න ඕනෙ. ඒ විදියට බැලුවම දරු ඵල ප්‍රමාදවීමට ස්ත්‍රී සාධක සහ …

මදසරු වෙන්නේ කාන්තාවන් විතරක් ද? Read More »

ගැබිනි සමයේ ලිංගික එක්වීම් තහනම් ද?

කාන්තාවක් දරුවෙකු පිළිසිඳ ගත් හාම ඇය ව කායිකව මෙන්ම මානසිකවත් බොහෝ වෙනස් කම්වලට බඳුන් වෙනවා. සමාජයෙනුත් ඇයට ලැබෙන්නේ විශේෂ සැළකිල්ලක්. එසේ වන්නේ ඇය ජිවිතයේ එක් සුවිශේෂී අවධියක් ගත කරන නිසයි. මේ කාලය තුළ දී ඇය තමාගේ සුපුරුදු ජීවන රටාවෙන් මිදී තම කුස තුළ වැඩෙන දරුවාට යෝග්‍ය ජීවන රටාවකට යොමු වෙනවා. මීට පෙර ඇය ආසාවෙන් රස …

ගැබිනි සමයේ ලිංගික එක්වීම් තහනම් ද? Read More »

කොණ්ඩම් දාලත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද?

කොණ්ඩම් දාලත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද? සරලවම කිව්වොත් ඔව්. හැබැයි මේ පිලිතුරෙන් ඔබ කලබල වෙන්න එපා. අපි මේ මාතෘකාව ගැන ගැඹුරින් කරුණු විමසා බලමු. කොණ්ඩම් කියන්නෙ ඉතාම සාර්ථක උපත් පාලන ක්‍රමයක්. ගැබ් ගැනීම වැලැක්වීම හා ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා කිරීම යන දෙකම සිදුකරන එකම උපත් පාලන ක්‍රමය තමයි කොණ්ඩම් කියන්නෙ. ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වෙනිනේ පිරිමි …

කොණ්ඩම් දාලත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද? Read More »

ආයුර්වේදයට අනුව කාන්තාවන්ට දරු ඵල ප්‍රමාද වීම සදහා බලපාන ප්‍රධාන හේතු.

විවාහයෙන් අනතුරුව දරුවෙක් බලාපොරොත්තු වුණත් ඒ සිහිනය ප්‍රමාද වෙනවා නම් බොහෝ අය විවිධ ප්‍රතිකාර වලට යොමු වෙනවා. ආයුර්වේද ප්‍රතිකාර වලටත් ඒ අතර ඉහළ තැනක් පවතින බව නොරහසක්.ඉතින් ආයුර්වේදය අනුව මඳ සරු බවට හේතු ගැන කතා කරන්න අපි හිතුවා. සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව උපත් පාලනයෙන් වැළකී වසරක් පමණ උත්සාහ කළත් දරුවෙකු පිළිසිඳ නොගැනීම මඳ සරු …

ආයුර්වේදයට අනුව කාන්තාවන්ට දරු ඵල ප්‍රමාද වීම සදහා බලපාන ප්‍රධාන හේතු. Read More »

දරුවෙක් ගැන සිහින දකින්නට පෙර ඔබ කළ යුතු ම දේවල්

විවාහයෙන් පස්සේ අරමුණු අතරට දරුවෙක් කියන සාධකයත් බොහෝ අයට තිබෙනවා. Unplanned pregnancy එකකට මුහුණ නොදෙන හැම යුවලම වගේ දරු උපතකට යන්නේ සැලසුමක් සහිතව.ඔබ මේ සැලසුම හදා ගන්න ඕනෑ කොහොමද වගේම ඔබ කළ යුතුම දේවල් ගැන අපි අද කතා කරමු. නියමිත සෞඛ්‍යමත් බව ලබා ගන්න. ඔබ ගර්භනී භාවයක් සැලසුම් කිරීමට පෙර රුබෙල්ලා එන්නත ලබාගෙනද යන්න තහවුරු …

දරුවෙක් ගැන සිහින දකින්නට පෙර ඔබ කළ යුතු ම දේවල් Read More »

ෆෝලික් නොබී හදිසියේ ගැබ් ගත්තොත් දරුවාගේ ජීවිතේ අනතුරේ ද?

ෆෝලික් අම්ලය කියන්නෙ අපේ ජීවිත කාලය පුරාම අවශ්‍ය වන විටමිනයක්. මෙය විටමින් B සංකීර්ණයේ එක් විටමිනයක්. විටමින් B₉ සහ folacin කියලත් හඳුන්වනවා. අපි පිටතින් ගන්න ෆෝලික් අම්ලය අපේ ශරීරය විසින් ෆෝලේට් බවට තැන්පත් කරලා පාවිච්චියට ගන්නවා. වතුරේ දියවෙන විටමිනයක්. ඒ වගේම අමතර පෝෂකයක් ලෙස නිතරම නිර්දේශ කරන ක්ෂුද්‍ර පෝෂකයක්. වතුරෙ දියවෙන නිසා මේ ෆෝලික් අම්ලය …

ෆෝලික් නොබී හදිසියේ ගැබ් ගත්තොත් දරුවාගේ ජීවිතේ අනතුරේ ද? Read More »

ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑකරන සරු දවස් ගැන හරියට දැන ගන්න

දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ කාන්තාවන් නඟන මැසිවිල්ලක් තමයි කොච්චර උත්සාහ කළත් පිළිසිඳ ගැනීමක් සිදුනොවන බව. සිදුහත් කුමාරයත් මහාමායා දේවි කුස පිළිසිඳ ගත්තේ පස්මහ බැලුම් බලලා, ජේසු බිළින්දා මරිය මවුතුමියගේ කුසට ආවෙත් එහෙමයි. ඒ වගේ දරු පැටියෙක් කුසට එන්න නම් ඒ සඳහා සම්පූර්ණ කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි සරු කාලය තුළ සිදුවන සංසර්ගයකින් ඩිම්බයක් …

ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑකරන සරු දවස් ගැන හරියට දැන ගන්න Read More »

පුංචි පැටියෙක් ගැන සිහින දකින ඔබ ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද?

විවාහයෙන් පසු තමන්ගේ යුග දිවිය ආරම්භ කරන කාන්තාවකගෙ මීලඟ ප්‍රාර්ථනය වෙන්නේ තමන්ගේ දරු සිහිනය සැබෑ කරගැනීමයි. නමුත් විවාහයට වගේ ම මවක් වීමටත් කාන්තාවකට නිසි කායික සහා මානසික සූදානමක් තිබීම අත්‍යාවශ්‍යයි. දරුවෙකු ලැබීමට කාන්තාවකගේ තිබිය යුතු කායික සූදානම පිලිබඳ ව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දරුවෙකු හදා වඩා ගැනීමට සුදුසුම වයස් සීමාව කුමක්ද? කාන්තාවකට …

පුංචි පැටියෙක් ගැන සිහින දකින ඔබ ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද? Read More »