hit counter code

බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ? 

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

පුංචි බිලිඳෙක් තමන්ගේ කුස තුළට පැමිණ ඇති බව දැනගත් දවසේ පටන්  කිරිකැටියාව තමන්ගේ දෝතට ලැබෙන දවස දක්වා ම මවක් ඉන්නේ ඉතාමත් ම නොයිවසිල්ලෙන්. බිලිඳා මුල් ම වතාවට කුස තුල දඟලන බව දැනෙන මොහොත සෑම අම්මා කෙනෙක්ගේ ම ජිවිතයේ සතුටුදායක ම අවස්ථාවක්. ඒ මොහොතේ පටන් ගර්භණී කාලය පුරා ම බිලිදාගේ පුංචි සෙලවීමක් ගැන පවා අම්මා කෙනෙක් බෙහෙවින් ම සැලකිලිමත් වෙනවා.

ඇත්තෙන්ම ගර්භාෂයේ සිටින බිලිඳා දක්වන විවිධ චලනයන් ගැන අවදානයෙන් සිටිනවා නම් තමන්ගේ දරුවා යහපත් තත්ත්වයක ඉන්නවාදැයි කියා දැනගන්නටත්,  යම් හදිසි තත්වයක් ඇතිවුණොත් ඉක්මනින්ම ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නටත් මවකට හැකියාව ලැබෙනවා. ඒ නිසා ගර්භණී සමයේදී බිලිඳා පෙන්වන චලනයන් ගැන දැනුවත් වීම ඉතාමත් ම වැදගත් කාරණාවක්. මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ පිලිබඳවයි.

• පළමු මාස තුනේදී දරුවා දක්වන චලනයන්

ගර්භණී සමයේ පළමු මාස තුන පුරා ම දරුවාගේ පැහැදිලි චලනයක් මවට දැනෙන්නේ නැහැ. මේ මාස තුනේදී ගර්භාෂයේ කිසියම් දැඟලිල්ලක් හෝ චලනයක් දැනෙනවා නම් සමහරවිට ඒ හදිසි ගබ්සා වීමක පූර්ව ලක්ෂණ වෙන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ දෙයක් දැනුනොත් හැකි ඉක්මනින් ම ඔබේ වෛද්‍යවරයා වෙත ගොස් උපදෙස් ලබාගැනීමයි කලයුතු වෙන්නේ.

දෙවන මාස තුනේදී දරුවා දක්වන චලනයන්

ඔබට ඔබගේ ළපටි බිලිඳාගේ දැඟලිල්ලක් මුල් වරට දැනෙන්නේ දෙවන මාස තුනේ කාල සීමාව අතරේදියි. මේ ඔබ මවක් වන මුල්වර නම්, බොහෝවිට දරුවාගේ චලනයක් ඔබට දැනෙන්නේ සති 18 ත් සති 21 ත් අතර කාලයේදීයි. නමුත් ඔබට ඔබේ දෙවන දරුවා චලනය වෙන ආකාරය නම් දෙවන ත්‍රෛමාසිකය තුල වඩා අඩු කාලයකින් දැනගන්න පුලුවන්. එයට හේතුව වෙන්නේ මේ වෙනවිටත් ඔබට මේ ආදරණීය දැඟලිලි ගැන පෙර අත්දැකීම් තිබීමයි. ඒ නිසා පලවෙනි වතාවට මවක් වෙන්න සූදානම් වෙන කාන්තාවකට වඩා ඔබ මේ චලන ගැන සංවේදියි.

මේ කාලයේ දී බිලිඳාගේ චලනයන් සිදුවෙන්නේ බොහොම මෘදු විදිහට. එය කිතිකැවීමක් / සමනලයෙක් තටු සැලීමක් වගේ දැනීමක් වෙන්න පුලුවන්. දෙවන මාස තුන ඇතුලේදි මේ චලන නිතරම නොදැනුනාට කලබල විය යුතු නැහැ.

• තෙවන මාස තුනේදී දරුවා දක්වන චලනයන්

ගර්භණී කාලයේ අවසන් මාස තුන කියන්නේ ගර්භාෂයේ ඉන්නා කිරිකැටියාට බොහොම කාර්‍යබහුල කාලයක්. මේ නිසා ම මවට අවසන් මාස තුන පුරා ම ළපටි බිලිඳාගේ දැඟලිලි උපරිම වශයෙන් දැනෙන්න ගන්නවා. දරුවාගේ චලන ගැන අම්මා වැඩිම අවදානයකින් සිටිය යුතු වෙන්නෙත් මේ කාල සීමාවෙදියි.

මේ කාලයේ දි  සාමාන්‍යයෙන් පැයකට වාර තිහක් පමණ අම්මාට දැනෙන නොදැනන මට්ටමේ චලනයන් දරුවා දක්වන්නට ගන්නවා. හොඳින් නිරීක්ෂණය කලොත් දරුවා ගර්භාෂයේ ඉඳන් දක්වන මේ සමහර දඟකාරකම් බාහිරයට පවා පෙනෙන තරම්. නිරෝගීව වැඩෙන දරුවෙක් අවම වශයෙන් පැය 12 ක කාල සීමාවකදි වාර 10 – 12 අතර ප්‍රමාණයක් මේ වගේ පිටතින් නිරීක්ෂණය කරන්න පුලුවන් චලනයන් දක්වනවා.

ඒ වගේම මේ කාල සීමාවෙදි අවම වශයෙන් පැය දෙකකට වරක්වත්වත් දරුවාගේ දැඟලිල්ලක් දැනිය යුතු වෙනවා. මේ නිසා අම්මාට විශාල වගකීමක් තියෙනවා තමන්ගේ කුඩා කිරිකැටියාගේ දැඟලිල්ලක් දැනුණේ කොයි මොහොතේදි ද කියලා විමසිලිමත් වෙන්නට.

ඒ වගේම මතක තබාගතයුතු කාරණාවක් තමයි, අපි වාගේ ම ගර්භාෂයේ ඉන්නා කුඩා දරුවාත් සමහර අවස්ථා වල නින්දට යනවා. ඒ අවස්ථා වලදී දරුවා චලනයක් දක්වන්නේ නෑ. ඒ වුණත්, පැය දෙකකට වඩා චලන දක්වන්නේ නැතිනම් හැකි ඉක්මනින් ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

ගර්භණී මව ඉන්නේ වෙහෙසින් නම්, ඒ අවස්ථා වලදිත් චලන දැනීමේ අඩුවක් පවතිනවා. මේ වගේ අවස්ථාවක දී මව විවේකයෙන් කාලය ගත කරන්න අවශ්‍යයි. ඒ ආකාරයෙන් විවේක ගත්තාට පසු පැය දෙකක කාලයක දී  දරුවාගේ චලනයක් තිබේදැයි නිරීක්ෂණය කල යුතු වෙනවා.

දරු ප්‍රසූතිය ආසන්න වෙත්දී දරුවා දඟලන වාර ගණන වගේම ඒ චලන මවට දැනෙන ප්‍රමාණයත් වැඩි වීමක් දකින්නට පුලුවන්.

• දරුවාගේ චලන අඩුවෙන් දැනෙන අවස්ථා

ගර්භණී මවගේ ශරීරයේ ජල ප්‍රමාණය අඩු අවස්ථා වලදී දරුවාගේ චලන දැනෙන අගයන් අඩු වීමේ ඉඩක් පවතිනවා. ඒ වගේම දරුවා තරමක් වැඩි වශයෙන් වර්ධනය වුණ අවස්ථාවකදීත් දරුවා  නිතර චලන නොදක්වන්න පුලුවන්. දරුවා අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වී නැති මොහොතකදීත් දරුවාගේ චලන වල මන්දගාමීත්වයක් පෙන්නුම් කරනවා.

ඒ වගේ ම ශරීරයේ සීනි මට්ටම වැඩි / අධි රුධිර පීඩන තත්ත්ව තිබෙන හා අවදානම් ගර්භණී තත්ත්ව වල සිටින මව්වරුන්ගේත් මේ චලන දැනීමේ අඩුවක් දකින්ම පුලුවන්.

• දරුවාගේ චලන වාර්ථා කරගැනීම

තුන්වන ත්‍රෛමාසිකයේ දී දරුගැබට සති 36 ක කාලයක් සම්පූර්ණ වූ පසු ගැබිණි මවුවරුන්ට රෝහල් සායන වලදී සහ පවුල් සෞඛ්‍ය සේවිකා නිලධාරි මහත්මියන් විසින් දරුවාගේ චලන නිරීක්ෂණය කර සටහන් කරගැනීමට කාඩ්පතක් (  Fetal Movement Chart / Kick Count Chart ) ලබාදෙනවා. තෝරාගත් පැය 8 – 12  කාල සීමාවකදී දරුවා කොයි තරම් වාර ගණනක් චලන දැක්වූවා ද කියා නිරීක්ෂණය කර ඒ කාඩ් පතේ සටහන් තැබීම කල යුතුයි. අවම වශයෙන් පැය 8 – 12 අතර කාලයේදී දරුවා චලන වාර 10 ක් දැක්වූවා නම් එය හොඳ තත්ත්වයක් බවට සලකනවා. මේ කාඩ් පත නිසා මවට තමන්ගේ දරුවාගේ චලන පිලිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගන්නට පුලුවන්. දරුවා අවම වශයෙන් පැය තුනක කාලයකදී චලනයන් දෙකක්වත් නොදක්වනවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම කල යුතුමයි.

 
Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Pregnancy

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක

Read More »
Intimacy

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට

Read More »
Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »