hit counter code

ප්‍රසූති වේදනාව කල් ඇතුව හඳුනාගමු

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ප්‍රසව වේදනාව දැනෙන විදිය එක් එක්කෙනාට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ප්‍රසව වේදනාව ඇතිවෙන කාලයත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. සමහර අම්මලාට දරුවා බිහිවීමට නියමිත කාලයේ (Delivery date) ප්‍රසව වේදනාව දැනුණත් සමහරෙකු ට නියමිත කාලයට කලිනුත් සමහරෙකුට ප්‍රමාදවීත් මේ ප්‍රසව වේදනාව එන්න පුලුවන්. සති 28 නුත් දරුවන් බිහිවෙන්න පුලුවන් . මෙය දරුවාගේ  ක්‍රියාකාරිත්වයත් මවගේ හෝමෝන ක්‍රියාකාරිත්වයත්  මත වෙනස්වෙන්න පුලුවන් . 

ප්‍රසව වේදනාව ඇතිවන්නේ කුමන කාලයේදීද?

ප්‍රසවයට සති තුනකට කලින් විතර ප්‍රසව වේදනාව දැනෙනවා.

ප්‍රසවය කියලා කියන්නෙ මොකක්ද?

ප්‍රසවය කියලා කියන්නෙ  දරුවයි වැදෑමහයි ඒත් එක්ක තියෙන පටකයි බිහිවීමයි.

ප්‍රසව වේදනාව කියලා කියන්නෙ මොකක්ද?

සාමාන්‍යයෙන් ප්‍රසවයට සති 3කට කලින් ගර්භාශයේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ගර්භාශයේ ක්‍රියාව තමයි, පිටතට එන දෙයක් එළියට තල්ලු කිරීම.ගර්භාශය සන්කෝචනය වෙවී හැම වෙලාවෙම හදන්නෙ ඇතුලෙ තියෙන දේ එළියට තල්ලු කරන්න.

දරුවෙක් පිළිසිද ගත්තට පස්සෙ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිසා ගර්භාශයේ  සන්කෝචන නැතිවෙලා නිශ්චල කිරීමක් සිදු කරනවා. ඊටපස්සෙ, දරුවාගේ  වැඩීමත් එක්ක දරුවා සම්පූර්ණ වෙද්දි ඒ හෝමෝන ක්‍රියාවලිය ටිකෙන් ටික අඩුවෙලා නැවත සන්කෝචනය වෙන්න පටන් ගන්නවා. ඒක දිගින් දිගට වැඩිවෙනකොට ඒ සන්කෝචන නිසා ගර්භාශය අවට තියෙන ස්නායු අන්තක තෙරපීම නිසා වේදනාවක් ඇතිවෙනවා. ඒ වේදනාවට තමයි ප්‍රසව වේදනාව කියලා කියන්නෙ. මේ වේදනාව එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් වෙනවා.

මේ කාලයේදී මවට දැනෙන්නෙ කොහොමදප්‍රසූතිය ළන්වෙලා කියලා දැනගන්න පුලුවන් ලක්ෂණ මොනවද?

මුලින්ම පොඩි පොඩි වේදනාවල් තමයි දැනෙන්නෙ.බබා පහළට ආවට පස්සෙ සැහැල්ලුවක් දැනෙනවා. මේ කාලයෙදි හොදට හුස්මගන්න පුලුවන් වෙනවා. ඊ ගාවට බබා පහළට ඇවිල්ලා මුත්‍රාශය තද වෙන නිසා නිතර නිතර මුත්‍රා  යාමේ අවශ්‍යතාව ඇතිවෙනවා. පොඩි වේදනාවල් ඇතිවෙනවා. හැබැයි ඒ ප්‍රසව වේදනාව නෙමෙයි. ඒ කාලය වෙනකොට තදවෙලා තිබ්බ ආමාශය සැහැල්ලුවෙලා ආමාශය හොදින් ක්‍රියාකරන්න පටන් ගන්නවා. ඒවා ප්‍රසූතිය  ළන්වෙලා කියලා දැනගන්න පුලුවන් ලක්ෂණ.

සාමාන්‍යයෙන් දැනෙන වේදනාව සහ ප්‍රසව වේදනාව වෙන් කරලා හදුනාගන්නෙ කොහොමද?

ප්‍රසව  වේදනාව සැරින් සැරේට එන එකක්. උදාහරණයක් ගත්තොත්, මුලින්ම විනාඩි 15න් වගේ වේදනාව පටන් ගන්නවා කියලා අපි හිතමු. ඊටපස්සෙ ඒ වේදනාවඇතිවෙන කාලය අතර පරතරය අඩුවෙනවා. මේ වේදනාවන් දෙකක් අතර කිසිම වේදනාවක් නැතුව ආපහු නිසන්සල වෙලා ඒ වේදනාව නැතිවෙලා යනවා. තත්පර 60-70 ක පමණ කාලයක් තමයි ඒ වේදනාව තියෙන්නෙ. ආපහු විනාඩි 15 කින් විතර නැවත වේදනාවක් ඇතිවෙනවා. ප්‍රසව වේදනාව කියලා අපිට ඒ අවස්තාවේදී හදුනගන්න පුලුවන්.

මේ  කාලයේ දී නිතර නිතර මුත්‍රා යාමක් සිදුවෙන්න පුලුවන්. එහෙම පොඩි පොඩි වේදනාවල් එන්නෙ ගර්භාශයේ  ලිහිල් වීමක් හා සන්කෝචනය වීමක් සිදුවන නිසා.ඒ වෙලාවල් වලට වේදනාවක් ඇතිවෙනවා, නැතිවෙනවා. ඒක දැනෙන්නෙ පොඩි පොඩි වේදනාවක් විදියට. ඒ වෙලාවට පරීක්ෂණයක් කරලා බලන්න පුලුවන්. ගැබ් ගෙල විස්තාරනය වෙලාද නැද්ද කියලා. ඇත්තටම ප්‍රසවය ළන් වෙනකොට වේදනාව සහිතවම ගර්භාශය සන්කෝචනය වෙනවා.ඒ වෙලාවට බඩට අත තියලා බැලුවොත් දැනෙනවා, බඩ හොදටම තද වෙලා තියෙනවා. ඒක තියෙන්නෙ තත්පර කීපයක් විතරයි . තත්පර 5ක් 6ක් වගේ. ඊටපස්සෙ ආපහු ලිහිල්වෙලා වේදනාව නැතිවෙලා යනවා. ඊටපස්සෙ ලොකු වේදනාවක් එක්ක බඩේ සන්කෝචනයක් එනවා. ඒක බඩට අත තියලා බැලුවම දැනෙනවා. ඒක තත්පර ගාණෙන් අඩුවෙලා යන්න ඕනෙ. එකදිගට වේදනාව තිබ්බොත් ඒක හොද නෑ බබාට. එහෙම වුණොත් බලන්න ඕනෙ, වෙන ප්‍රශ්නයක් ද කියලා.සාමාන්‍යයෙන් ඒ වේදනාව තතපර ගාණකින් නැතිවෙලා යන්න ඕනෙ.

දරුවා  බිහිවෙන්න ආසන්න  වුනහම දැනෙන්නේ  කොහොමද ?

අම්මට ඒක දැනෙන්නෙ උදරය තදවෙලා එන අපහසුතාවයක් විදියට. තත්පර කීපයක ලොකු වේදනාවක් ඇවිත් නැවතත් සාමාන්‍ය  තත්වයට පැමිණීමක් සිදුවෙනවා. ඊටපස්සෙ ඒ දැනෙන වේදනාවේ කාලය ක්‍රම ක්‍රමයෙන් අඩුවීම සිදුවෙනවා. පැය භාගයෙන් භාගයට වේදනාවක් ආවොත් ඊටපස්සෙ විනාඩි 20න් 20ට, විනාඩි 15න් 15 ට වගේ වේදනාව ඇතිවෙන කාලයේ කෙටිවීමක් සිදුවෙනවා.අන්තිමට විනාඩි 2න් 2ට වේදනාව ඇතිවෙන වෙලාව තමයි දරුවා ප්‍රසූත කරන වෙලාව.

ඒ වෙලාවට ඒ වේදනාවත් එක්ක සමහර වෙලාවට යෝනි ශ්‍රාවයන් වැඩිපුර පිටවීමක් සිදුවෙනවා. රුධිර වහනයක් සිදුවීමත් වෙන්න පුලුවන්. සමහර අයට එවැනි ශ්‍රාවයක් හෝ රුධිර වහනයක් හෝ නැතිව වේදනාවක් විතරක් එන්නත් පුලුවන්. මේක එක් එක්කෙනාට වෙනස්.

ප්‍රසව වේදනාව දැනිලා දරුවා බිහිවෙන්න කොපමණ කාලයක් ගත වෙනවද?

සාමාන්‍යයෙන් හම්බවෙන්න ඉන්නෙ පළවෙනි හෝ දෙවෙනි බබාලා නම් පළමු වේදනාව දැනිලා පැය 18 ක් වගේ කාලයක් යනවා දරුවා බිහිවෙන්න. නමුත්, තුන්වන හා හතර වන බබාලා නම් ඉක්මණින් ප්‍රසව වේදනාව දැනිලා පැය කිහිපයකින් දරුවන් බිහිවෙනවා. එවැනි අවස්තාවන් වලදී ඉතා ඉක්මණින් රෝහලක් වෙත යාම ඉතාමත් අවශ්‍යයි. මෙහිදී, ප්‍රසව  හා නාරිවේද වෛද්‍යවරයක් සිටින රෝහලක් වෙත යාම හෝ තමන් ලියාපදින්චි වී ඇති රෝහල වෙත යාම ඉතා වැදගත්.

ඉක්මණින් රෝහලකට යාමට නොහැකිවුණොත් ඔබට යම් යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන අවස්තා වැඩියි. රෝහලට යන අතරමග, වාහන තුල දරුවන් බිහිවන්නේ එවන් අවස්ථාවලදියි. ඉතින් තමන් ඉන්න අවස්තාව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්.

 ඉක්මනින් රෝහල්ගතවීම අවශ්‍ය කුමන අවස්තාවලදීද?

මුලින්  පැහැදිලි කල විදියට  තත්පර 60-70කට වඩා වැඩි කාලයක් වේදනාව තියෙන්නෙ නෑ. ඊට වඩා වැඩි කාලයක් තියෙනවා නම් ඒක ගැටලුකාරී තත්වයක්. වේදනාව එක දිගටම පවතිනවා නම්, වහාම රෝහල්ගතවීම අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් තත්පර 60කින් 70කින් ඒ වේදනාව නැතිවෙලා යන්න ඕනෙ.

ඒ එන හැම වේදනාවක්ම උදරය උඩ ඉදන් පහළට එන වේදනාවක් තමයි එන්නෙ. ඒ අවස්තාවේදී අපිට හිතන්න පුලුවන් ප්‍රසව වේදනාව පටන්ගත්තා කියලා. ඒත් එක්කම  රුධිර වහනයන් හා යෝනි ශ්‍රාවයන් පිටවෙන්නත් පුලුවන්.

මේ වගේ ලක්ෂණ තියෙනවා නම්, හැකි ඉක්මණින් රෝහලක් වෙත යන්න ඕනෙ.

පළවෙනි බබා නම් ගොඩක් කලින් යන එක තමයි හොද කියලා කියනවනෙ.එහෙම කියන්නෙ ඇයි?

ඔව්. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි, සාමාන්‍ය  දරු ප්‍රසූතියක් ද සීසර් සැත්කමක් ද කියලා තීරණය කරන්න අවශ්‍ය කාලය ලැබෙනවා.

අනිත් කරුණ තමයි, විශේෂයෙන්ම පළමු දරු ප්‍රසූතිය  සිදුකරන්න ඉන්න මවකට මෙය අලුත් අත්දැකීමක්. ඉතින්,රෝහල වෙත කලින් ගිහින් හිටියහම තමන්ගෙ බය නැතිවෙනවා. ඒ පරිසරයට හුරුවෙන්න, කාර්ය මණ්ඩලය අදුනගන්න පුලුවන් වෙනවා.

දරුවෙක් බිහිවීමට ආසන්න කාලයේදී මව්වරු සැලකිලිමත් විය යුතුම කරුණු මොනවද?

සමහර අම්මලා වේදනාවක් දැනුණත් රෝහල්ගත නොවී ඉන්නවා තව දින තියෙනවනෙ කියලා. තවත් අම්මලා රෝහල්ගත වෙන්න දීලා තියෙන දිනයට රෝහල්ගත වෙන්නෙ නෑ තවම අමාරුවක් දැනෙන්නෙ නෑ කියලා. මේ දෙකම නොකළ යුතු දේවල්. ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයා විසින් ලබාදෙන දිනයට රෝහල්ගත විය යුතුමයි. ගෙදර සිටීම ඉතාමත් අවදානම්.

 
Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Pregnancy

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක

Read More »
Intimacy

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට

Read More »
Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »