hit counter code

ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑකරන සරු දවස් ගැන හරියට දැන ගන්න

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ කාන්තාවන් නඟන මැසිවිල්ලක් තමයි කොච්චර උත්සාහ කළත් පිළිසිඳ ගැනීමක් සිදුනොවන බව. සිදුහත් කුමාරයත් මහාමායා දේවි කුස පිළිසිඳ ගත්තේ පස්මහ බැලුම් බලලා, ජේසු බිළින්දා මරිය මවුතුමියගේ කුසට ආවෙත් එහෙමයි. ඒ වගේ දරු පැටියෙක් කුසට එන්න නම් ඒ සඳහා සම්පූර්ණ කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා.

ඒ තමයි සරු කාලය තුළ සිදුවන සංසර්ගයකින් ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතු වෙලා මවගේ ගර්භය තුළ කළලයක් විකසනය වෙන්න ඕන. ඉතිං මේ සරු කාලය කියන්නෙ මොකක්ද කියලා අපි බලමු.

මොකක්ද මේ සරු කාලය, එහෙමත් නැත්නම් fertile window කියලා කියන්නේ?

සරු කාලය කියලා කියන්නේ නීරෝගි කාන්තාවකගේ ඔසප් චක්‍රය තුළ ගැබ් ගැනීමේ හැකියාව සහිත කාල පරාසයට. ඒ කියන්නේ ඔබට ගැබ් ගැනීමේ හැකියාව පවතින්නේ මේ සරු කාලය තුළදීයි. ඉතිං මේ දවස් කිහිපය තුළ ලිංගික එක්වීමක් සිදුවුණොත් ගැබ් ගැනීමේ හැකියාව ඉතා ඉහළයි.

මේ සරු කාලය කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වෙනවා. ඒ වගේම ඔසප් චක්‍රයේ දිග අනුවත් වෙනස් වෙනවා.

සරු කාලය පටන් ගන්නේ ඩිම්බකෝෂයකින් ඩිම්බයක් නිකුත් වුණ දිනයේ ඉඳන් දින පහක් ඊට කලින්.

ඩිම්භ මෝචනය, ඒ කියන්නේ ovulation එක සිදුවෙන්නෙ පරිණත ඩිම්බයක් ඩිම්බ කෝෂයෙන් පිටවුණාම. මේ ඩිම්භය ඉන්පස්සෙ පැලෝපීය නාලය හරහා ගමන් කරනවා. ගැබ් ගැනීමට නම්, පැලෝපීය නාලය තුළදී ඩිම්බය ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වෙන්නට ඕන. ඉන්පස්සෙ තමයි මේ සංසේචිත ඩිම්බය ගර්භාෂයේ තැන්පත් වෙලා කළලයක් බවට විකසනය වෙන්නේ.

මේ ovulation එකට කලින් සාමාන්‍යයෙන් යෝනි ස්‍රාවයන් ටිකක් බිත්තර සුදු මද වගේ. හරිම පැහැදිලි , ලෙස්සන සුළු තරමක් උකු ගතියෙන් යුතුයි. ඩිම්භය ඩිම්භකෝෂයෙන් නිකුත් වුණා කියන සංඥාව තමයි මේ කියන්නේ. මේ දවසේ ලිංගිකව එක්වුණාම ශුක්‍රාණු වලට ඩිම්භය ළඟට යන්න පහසු වෙනවා.

සාර්ථක ගැබ් ගැනීමක් සිද්ධවෙන්නෙ ඩිම්බයක් නිකුත් වෙන්න දින පහක ඉඳන් ඩිම්බය නිකුත් වෙන දවස අතර කාලපරාසය තුළ ලිංගික එක්වීමක් සිදුවුණොත් විතරයි. ඒ වුණත් සරු කාලය වැඩිම කාලය වෙන්නේ ඩිම්බය නිකුත් වෙන්න දවස් තුනක් කලින් ඉඳලා දවස් හතරක්.

ඩිම්බ මෝචනය සිදුවෙලා පැය 12-24කින් පස්සේ එම ඔසප් චක්‍රය තුළ ගැබ් ගැනීමෙ හැකියාවක් නෑ. මොකද ඒ වෙද්දි ඩිම්බය පැලෝපීය නාලය තුළ නැති නිසා.

එමනිසා මේ කාලවකවානුවෙන් බැහැරව ඔබට ගැබ් ගන්නට බැහැ.

නමුත් ඔබ දරුවෙක් බලාපොරොත්තු නොවෙන අතරේ සරු කාලය මඟ හරිමින් සහකරුවා සමඟ ලිංගිකව එක්වනවා නම් මේ ක්‍රමය උපත්පාලන ක්‍රමයක් සේ අනුගමනය කරන්න එපා! නිශ්චිත උපත්පාලන ක්‍රමයක් අනුගමනය කරන්න.

ඩිම්බ මෝචනය වෙන දවස් හරියටම දැනගන්නේ කොහොමද?

ඩිම්බ මෝචනය වෙන දවස් හරියටම දැනගත්තොත් අපිට සරුකාලය තියෙන්නෙ කවදද කියලා හොයාගන්න පුළුවන්. තමන්ගේ ඔසප් චක්‍රය සිදුවෙන ආකාරය දිනපොතක හෝ කැලැන්ඩරයක සටහන් කිරීම එක ක්‍රමයක්. නවීන තාක්ෂණය එක්ක මුහුවෙලා Period tracking app එකක් ස්මාර්ට් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ලේසියෙන් මේ සරු කාලය හොයාගන්නත් පුළුවන්.

මෙහෙමයි සරුකාලය හොයාගන්නේ ….

ඔසප් චක්‍රය පටන් ගත්ත දිනය , ඒ කියන්නේ ඔසප් චක්‍රයේ රුධිරය වහනය වෙන්න පටන් ගත්ත දවස සටහන් කරගන්න . මේක අපි ගමු Day 01 කියලා. ( Eg : ජනවාරි 02 )

ඊළඟ ඔසප් චක්‍රය පටන් ගන්න දවසට කලින් දවස සොයාගන්න. මේ තමයි ඔබේ ඔසප් චක්‍රයේ අවසාන දවස. ( Eg : පෙබරවාරි 04 , ඒ කියන්නෙ පෙබරවාරි මාසයේ ඔසප් වීම පටන් ගෙන තියෙන්නෙ පෙබරවාරි 05 )

මේ day 01 ඉඳන් අවසාන දවස වෙනකම් තමයි ඔබේ ඔසප් චක්‍රයේ දිග වෙන්නේ (පෙබරවාරි 04-ජනවාරි 02 ) සාමාන්‍යයෙන් මේ කාලය දින 21-35 අතර වෙනස් වෙනවා. මෙය කාන්තාවගෙන් කාන්තාවට වගේම ඔසප් චක්‍රයෙන් චක්‍රයටත් වෙනස් වෙන්න පුළුවන්.

ඩිම්බ මෝචනය සිදුවෙන්නේ ඔසප් වීමට දින 14කට පෙරයි.

ක්‍රමවත් ඔසප් චක්‍රයක් හිමි ඔබේ සරු දවස් මෙසේ ගණනය කළ හැකියි.

ඔසප් චක්‍රයේ දින 28යි නම්, ඔසප් චක්‍රයේ 14 වන දිනයේදි ඔබේ ඩිම්බ මෝචනය සිදුවෙනවා. එනම් ඔබේ හොඳම සරුදවස් වෙන්නේ, ඔසප් චක්‍රය තුළ 11,12,13,14 දවස්.

දින 35ක ඔසප් චක්‍රයක් නම්, ඔබේ ඩිම්බ මෝචනය සිදුවෙන්නේ 21වන දිනයේදි. එනම් 18,19,20,21 දවස් සංසර්ගයට ඉතා යෝග්‍යයයි.

අක්‍රමවත් ඔසප් චක්‍රයක් හිමි ඔබට මාස තුනක මධ්‍යන්‍ය අගය අරගෙන ඔසප් චක්‍රයේ දිග ගැන අදහසක් ගන්නට පුළුවන්.
Eg : cycle 01 – දින 28
cycle 02 – දින 35
cycle 03 – දින 24
28+35+24 = 87
87/3 = 29
ඔසප් චක්‍රයේ දිග = දින 29
අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවිට මෙම ගණනය කිරීම්
වැරදීමේ සම්භාවිතාවය ඉහළයි.

ඉතිං මේ විදියට තමයි අපි සරු කාලය හොයාගන්නේ.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Pregnancy

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක

Read More »
Intimacy

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට

Read More »
Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »