Stories
සමහර දරුවන් ඉපදෙන්නේ ම බිලියනපතියන් ලෙසින්. සමහර දරුවන් තමන් විසින් ම උපයාගෙන බිලියනපතියන් වෙනවා. 2023 වර්ෂය වන විට ලොව ධනවත් ම දරුවන් හත් දෙනා පිළිබඳ මේ ලිපියෙන් ගෙන එනවා. කේම්බ්‍රිජ් හි චාලට් කුමරිය – අවුරුදු 7යි ලොව ධනවත්ම ළමයා යන පදවි නාමය හිමිව ඇත්තේ අන් කිසිවකු නොව කේම්බ්‍රිජ්හි චාලට් කුමරියට ය. ඇය බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ …
ලෝකෙ ඉන්නෙ අපි විතර ද? “මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන් ගන්න යන්නෙ.ඒ නිසා ඉතින් එයා හිතන් ඉන්නෙ ලෝකෙ පිරිලා තියෙන්නෙ …
පුංචි කොණ්ඩ කුරුළු පැටියාගේ නම නිනී.නිනී අද ඉන්නෙ හරිම දුකින්.ඒ නිනීගෙ හොඳම යාළුවා අද එයාගෙ රටට යන්න යන දවස නිසා.එයාගෙ යාළුවගේ නම ටෝබු.ටෝබු කියන්නෙ හරිම ලස්සන සංචාරක කුරුල්ලෙක්. ටෝබු සෑම වසරකම යුරෝපයේ ඉඳන් එයාගෙ නෑයො ගොඩක් එක්ක ලංකාවට පියාඹගෙන එනවා. ඒ සීතකාලය මග හරින්න.අවුරුද්දේ අවසාන කාලය හරිම සීතලයි.ඉතින් ඒ නිසා එයාල සීත කාලය ගත කරන්න …
හා පැංචා ඉන්නේ මහ ඝන කැලයක. ඒ කැලෑවට කියන්නේ යාල වනෝද්‍යානය කියලා හා පැංචාට ඇහිලා තියෙනවා. මිනිස්සු වාහන වලින් එයාලව බලන්න එනවා. ෆොටෝ ගන්නවා. වීඩියෝ කරනවා. සමහරු කොල එහෙම අරන් ඇවිත් මොන මොනවද ලියා ගන්නවා. අලි, කොටි, වලස්සු දැක්කම එයාල පුදුම වෙන හැටි, ෆොටෝ ගන්න හැටි දකින හා පැංචාට හිනාත් යනවා. මොකද හා පැංචාට නම් …
ඔන්න එකමත් එක කාලෙක කුකුලු පැටියෙක් හිටියා.අපි එයාව අඳුනගන්න පහසු වෙන්න නමක් දාමු නේද?එයාගෙ නම ටුටූ.ටුටූ හිටියේ ෆොටෝ මාමාගෙ ගෙදර.ෆොටෝ මාමා හැමෝගෙම ෆොටෝ ගන්නවා.එයාට කියලා ෆොටෝ ගන්න උදේ ඉඳන් රෑ වෙනකම් සෙනඟ පිරෙනවා. ටුටූ ඉපදුනෙත් මේ ගෙදර.ඒ නිසා ටුටූ පොඩිකාලෙ ඉඳලම ෆොටෝ මාමාගෙ ස්ටුඩියෝවට ආසයි.චික් චික් ගගා එයා ස්ටුඩියෝවෙ හැම තැනම ඇවිදිනවා.ෆොටෝ ගන්න අය දිහා …
හා හාමි ඔන්න කොහේදෝ මන්දා ගමනක් ගිහින් ගෙදර ආවා.ගේ ඇතුලට යන්න කලින් එයා පුදුම දෙයක් දැක්කා.මොකද්ද දන්නවද?ගෙදර දොර ගාව සපත්තු ගොඩයි.සීයකටත් වැඩියි.ආනේ මාව බලන්න මගේ යාලුවො ඇවිත් වගේ කියලා හා හාමි සතුටින් හිතුවා.කාලෙකින් යාළුවන්ව හම්බවෙන්න කතා කරන්න බැරිවුණ නිසා එයාලා හා හාමිව බලන්න එන්න ඇති.ඒත් ඒ එක්කම හා හාමිට මතක් වුනා ගෙදර කෑම බීම මුකුත්ම …
බට්ටිගෙ පළවෙනි කිරි දත අද හැලුණා.බට්ටිට හරිම දුකයි.දත අතේ තියාගෙන එයා කල්පනා කලා.කණ්නාඩිය ලඟට ගිහින් හිනාවුණා.දත් දෙක අතර හිඩැස හරිම කැතයි කියලා එයාට හිතුණා.දැන් කොහොමද හිනා වෙන්නේ?දන්නෙම නැතිව බට්ටිට ඇඬුණා. ඒ සද්දෙට අත්තම්මා දුවගෙන ආවා.එයා බට්ටිව වඩා ගත්තා.කඳුලුත් පිහ දැම්මා.බට්ටිගෙ අත්තම්මා කිව්වා කිරි දත වහලට වීසී කරන්න කියලා.එතකොට ලේනෙක් අලුත් දතක් අරන් එනවලු.ඔන්න දැන්නම් බට්ටිට …
අම්මා මට කතාවක් කියන්නකෝ…..ඔබ අම්මා කෙනෙක් නම් මේ ආදරණීය ඉල්ලීම ඔබට නුපුරුදු එකක් නොවන බව අප දන්නවා. ඉතින් ඔබේ සිඟිත්තා ට කියා දෙන්නට ඇති තරම් කතාන්දර අප ඔබට සොයා දෙන්නම්. ඔබට තියෙන්නේ ඔබේ ආදරණීය මුදු හඬින් ඒ කතා ඔහුට/ඇයට කියා දෙන්නට විතරයි. රසම රස කතාවන් රැසක් ඔබේ දරුවා වෙනුවෙන් පුබුදුවන්නට අප සූදානම්! කතාන්දර, දරුවන්ගේ පරිකල්පනය, …