hit counter code

ෆෝලික් නොබී හදිසියේ ගැබ් ගත්තොත් දරුවාගේ ජීවිතේ අනතුරේ ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ෆෝලික් අම්ලය කියන්නෙ අපේ ජීවිත කාලය පුරාම අවශ්‍ය වන විටමිනයක්. මෙය විටමින් B සංකීර්ණයේ එක් විටමිනයක්. විටමින් B₉ සහ folacin කියලත් හඳුන්වනවා.

අපි පිටතින් ගන්න ෆෝලික් අම්ලය අපේ ශරීරය විසින් ෆෝලේට් බවට තැන්පත් කරලා පාවිච්චියට ගන්නවා. වතුරේ දියවෙන විටමිනයක්.

ඒ වගේම අමතර පෝෂකයක් ලෙස නිතරම නිර්දේශ කරන ක්ෂුද්‍ර පෝෂකයක්. වතුරෙ දියවෙන නිසා මේ ෆෝලික් අම්ලය වැඩිපුර ගත්තොත් මුත්‍රා සමඟ එය ශරීරයෙන් බැහැර වෙනවා

කොච්චරක් ලබාගන්න ඕනෙද?

දවසට 0.4mg ක් පමණ අපිට අවශ්‍ය වෙනවා. ඒ වුණාට ගර්භණී වෙන්න බලාපොරොත්තු තියාගෙන කාන්තාවන්ට නම් දිනකට 0.4-1.0mg ප්‍රමාණයක් ලබාගන්න කියලා තමයි කියන්නේ.

ගර්භණී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ෆෝලික් අම්ලය ගැන සැලකිලිමත් වෙන්න ඕන ඇයි?

කළලය විකසනය වෙන මුල් කාලේදි තමයි දරුවගේ ස්නායු පද්ධතියත් හැදෙන්න පටන් ගන්නේ. ස්නායු පද්ධතියේ විකසනයට ෆෝලික් ඇසිඩ් අත්‍යාවශ්‍යයි. ඒ කියන්නේ මොළයේ සහ සුෂුම්නාවේ ඇතිවෙන්න පුළුවන් විකෘති සහ සංකූලතා ෆෝලික් ඇසිඩ් මගින් වලක්වනවා.

ඊට අමතර ප්‍රතිලාභ ?

අපේ ශරීරයේ රතු රුධිර සෛල නිපදවන්න අවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයක් තමයි ෆෝලික් ඇසිඩ්. මේ ෆෝලික් ඇසිඩ් සිරුරේ හිඟ වුණාම රතු රුධිර සෛල නිපදවීම අඩාළ වෙනවා. ඒ කියන්නේ රක්තහීනතාවය එහෙමනැත්නම් කටවචනෙන් කියනවා වගේ ලේ මදි වෙනවා..

හිසකෙස් වැටීම අඩු කරනවා. ඒ වගේම ඉක්මණින් හිසකෙස් පැසීමත් වළක්වන්න දායක වෙනවා. ඒ වගේම සමෙහි තරුණ පෙනුම රැක දෙනවා

ඉතින් මේ නිසා ප්‍රමාණවත් පරිදි ගන්න එක නිරෝගී දිවියකට අත්‍යවශ්‍යයි.

ඒ වගේම ෆෝලික් ඇසිඩ් මගින් ඔටිසම් තත්ව , රුමෑටික් ආතරයිටිස් සහ දියවැඩියා තත්ව වළක්වන්නෙ කොහොමද කියලා වර්තමානයේ විද්‍යාඥයන් පර්‍යේෂණ පවත්වනවා.

ගන්න පුළුවන් ප්‍රෙග්නන්ට් නම් විතරද ?

ගර්භණී මවුවරුන් සඳහා කොහොමත් ෆෝලික් අම්ලය ඇතුළු විටකින් ප්‍රමාණවත් ලෙස නිර්දේශ කරනවා.. ඊට අමතරව ඕනෑම අයෙක් ගත්තට කමක් නෑ. ගර්භණී වෙන්න කලින් ගන්න කියලා කියන්නේ කළලය කුස ඇතුළේ විකසනය වෙද්දි ශරීරය මෙයින් සංතෘප්ත වෙලා තියෙන එක හොඳ නිසයි.

ෆෝලික් අම්ලය අඩුයි නම්?

අධික මහන්සිය, විඩාව, හිරිවැටීම්, කටේ තුවාල, මාංශපේශි සහ පෙනීමේ දුර්වලතා ඇතුලුව රක්තහීනතාවය ඇතිවෙනවා.

වැඩිපුර ගත්තොත්?

මුත්‍රා සමඟ දියවෙලා යනවා. අමුතුවෙන් ප්‍රශ්නයක් ඇති නොකළත් වැඩිවුණොත්, විටමින් B12 හීනතාවයක් ඇතිවෙන්න පුළුවන්. මේ B12 විටමිනය, ෆෝලික් අම්ලයේ නියමිත ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වෙනවා..

මේ නිසා නියමිත මාත්‍රාවට අනුව ගන්න එක වඩා හොඳයි. ඒ වගේම උදේ කාලයේදි විටමින් ගන්න එක වඩාත් සුදුසුයි.

සමබර ආහාර වේලක ෆෝලික් අම්ලය කියන්නෙ අනිවාර්‍යයෙන්ම අඩංගු පෝෂක සංඝටකයක්. ඉතිං නිසි වෛද්‍ය හෝ පෝෂණවේදි උපදෙස් ඇතිව නිසිපරිදි ලබාගැනීම නීරෝගි දිවියක් සඳහා ඔබට අත්වැලක් වේවි….

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »