hit counter code

මවුකිරි දෙන අතරෙදි ගැබ් ගත්තොත් මොකද කරන්නේ ?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ලොකු බබාට මාස හතක් වුණා විතරයි, තමන් ආයේ සැරයක් අම්මෙක් වෙන්න යනවා කියලා රශ්මි දැනගත්තා. බලාපොරොත්තු වුණේ නැති විදියට අලුත් අමුත්තෙක් එනවා කියලා දැනගත්තම රශ්මි හරියට කලබල වුණා. අමාරු වුණත් අලුත් පැටියව එක්කන් එන්න ලැහැස්ති වෙමු කියල අශාන් කිව්වත් රශ්මි දුක් වුණේ ලොකු දරුවට අවුරුද්දක්වත් කිරි දීගන්න බැරිවෙයිද කියලා. පහුවදා එන්න නියමිත් මිඩ්වයිෆ් නෝනගෙන් ඒ ගැන උපදෙස් ගන්න රශ්මි තීරණය කළා.

පහුවදා උදේම මිඩ් වයිෆ් නෝනා ආවම රශ්මි තමන් මුහුණ දීලා ඉන්න තත්වය මිඩ්වයිෆ් නෝනාට පැහැදිලි කළා.

රශ්මි ; බබාට කිරි දෙද්දි ඒක ස්වාභාවික උපත් පාලනයක් වෙයි කියලයි මම හිතාගෙන හිටියේ…

පවුල් සෞඛ්‍ය සේවිකාව ; ඔව් , මුල් මාස හයේදි දරුවට මවු කිරි විතටයි නෙහ් දෙන්නේ. එතකොට දරුවට දිගටම මවුකිරි දෙන නිසා ස්වාභාවික උපත් පාලනයක් සිද්ධවෙනවා. ඒත් මාස හයෙන් පස්සෙ වීනින් පටන් ගන්නවනේ. එතකොට අපි අමතර ආහාර දෙනවත් එක්කම මවු කිරි දෙන ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා සොබාවික උපත් පාලන ආචරණය අඩුවෙලා යනවා. මිසිස් රශ්මිට වුණේ එහෙම දෙයක්..

ර ; දැන් ලොකු බබාට කිරි දෙන්නෙ කොහොමද මිස්?

ප. සෞ. සේ ; කිසි ප්‍රශ්නයක් නෑ දෙන්න පුළුවන්. දෙවනි දරුවා ලැබෙන්න හොස්පිට්ල් එකට යනතුරු ලොකු දරුවට කිරි දෙන්න පුළුවන්

ර ; ඒක බඩේ ඉන්න දරුවට අහිතකර නැද්ද ?

ප. සෞ. සේ ; නැහැ, කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි දරුවා ලැබුණාම පස්සෙ ලොකු දරුවාට කිරි දෙන්න බැහැ. ඒ නිසා දෙවනියා ලැබෙන්න කිට්ටු කරලා පලවෙනියගේ කිරි අරවන එක හොඳයි.

ර ; ඇයි දෙවනි දරුවා ලැබුණාම පලවෙනි දරුවට මවුකිරි දෙන්නෙපා කියන්නේ ?

ප. සෞ. සේ ; පළවෙනි බබා කිරි බොන්න ගත්තම දෙවනි දරුවාගේ කිරි ටිකත් එක්කම පළවෙනි බබා බොනව. එතකොට දෙවනි දරුවට දෙන්න කිරි නැති වෙන්න පුළුවන්. දෙවනි දරුවට ප්‍රමාණවත් තරම් මවු කිරි නොලැබෙන්න පුළුවන්. මේ වෙද්දි වැඩිමල්
දරුවා අවුරුදු එකකට වඩා කාලයක් මවුකිරි බීලා තියෙනවා. ඒ වගේම අමතර ආහාර ගන්නවා. ඒත් අලුත් දරුවට මාස හයක් යනකම් මවුකිරි විතරයි. ඒ නිසා මවුකිරි දීමේ ප්‍රමුඛත්වය අලුත් දරුවාට හිමිවෙන්න ඕන. ඒ නිසා දෙවනි දරුවා ඉපදුණාම වැඩිමල් දරුවාට කිරි දෙන්න එපා..

ර ; එතකොට කිරි අරවන්නේ කොහොමද ?

ප. සෞ. සේ ; දරුවට කතා කරලා කිරි දෙන්න යන්නත් එපා, කිරි දෙන්න බෑ කියලා දරුවව ප්‍රතික්ෂේප කරන්නත් එපා.

අමතර ආහාර ලබාදෙන්න. ප්‍රධාන වේල් වලට අමතරව තව වේල් දෙකක් පමණ දෙන්න. දරුවට බඩ ගින්න එන වෙලාවල් අවම කරන්න. බඩගිනි එනකොට අම්මා දරුවගෙන් ඈත් වෙලා වෙන කෙනෙක් ලවා දරුවට කෑම දෙන්න. වෙන කෙනෙක් ලවා දරුවව නිදි කරවන්න.. මේ කෙනා දරුවාට ආදරේ කරන සහ දරුවා ආදරේ කෙනෙක් වෙන්න ඕන.. එතකොට ඒ වෙලාවට දරුවට අම්මගෙ කිරි ගැන අමතක වෙලා යනවා.. මේකට ගොඩක්ම ඔයාගෙ පවුලේ සාමාජිකයන්ගේ උදව්වත් ඕනෙ වෙනවා.

ඔයා බබාට කිරි දෙන වෙලාවල් සීමා කරන්න. දවල් කාලය ඇතුළත කලින් කිරි දුන්න වෙලාවල් අඩු කරන්න. ගොඩක් වෙලා කිරි දෙන්න එපා. කිරි දෙන කාල සීමාවත් අඩු කරන්න. එතකොට දරුවා කිරි වලින් හිතේ හැටියට බඩ පිරෙන්නෙ නැති නිසා අමතර ආහාර වලට හුරුවෙනවා. ඔහොම හෙමින් හෙමින් දවසක් ඇර දවසක් වගේ මවුකිරි දීලා කිරි අරවන්න පුළුවන්..

දරුවට මවු කිරි දෙන්න පොඩි නීති ටිකක් දාගන්න. එළියට ගියාම කිරි දෙන්නෙ නෑ, දවල් කෑම කෑවයින් පස්සෙ විතරයි කිරි දෙන්නෙ වගේ දේවල් වලට බබාව හුරු කරන්න.. රෑ අවදි වෙලා කිරි ඉල්ලනවනම් හස්බන්ඩ්ට හරි වෙන සාමාජිකයෙක් හරි ලවා දරුවට ෆීඩින්බොට්ල් එකෙන් වතුර ටිකක් දීලා නිදි කරවන්න..

දරුවට පේන්න ඇඳුම් මාරු කරන්නෙපා මේ කාලෙදි. එතකොට දරුවට පියයුරු දැක්කම කිරි ඕන වෙනවා. ඒවගේම දරුවට පියයුරු වලට කිට්ටු වෙන්න බැරි උඩුකය ඇඳුම් අඳින්න. නැත්නම් හැට්ටය අස්සේ, ගවුම් කර අතරින් අතදාලා අම්මා කුක්කු ඉල්ලන්න දරුවා යොමු වෙනවා.

දරුවට මවුකිරි ගැන තියෙන අවධානය අඩු කරවන්න. එතකොට දරුවා කිරෙන් ඈත් වෙනවා. උදාහරණක් විදියට ආච්චිලා සීයලා එක්ක සෙල්ලම් කරන එක, බෙඩ්ටයිම් ස්ටෝරීස් කියවන එක..
දරුවට ආස හිතෙන විදියට දරුවගේ කෑම පිඟාන හදන්න. පාට පාට කෑම දැක්කම දරුවට කන්න ආස හිතෙනවා. ඒ කෑම වේල සමබර පෝෂ්‍යදායී කෑම වේලක් වෙන්නම ඕන. දරුවගේ පෝෂණ තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න. දෙවනි දරුවා ලැබුණා කියලා පළමු දරුවාට දෙන අවධානය කොහෙත්ම අඩු කරන්න එපා..

මිඩ්වයිෆ් නෝනා එක්ක කතාබහෙන් රශ්මිට තිබුණ ගැටළු ඔක්කොම විසඳුණා..

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »