අලුත උපන් පොඩිත්තාගේ මලපහ ගැන…
මව්කුසේ සති 40ක් ඉදලා එලියට එද්දිම පොඩිත්තා තනියම හුස්ම අරගෙන තමන්ගේ ඇගේ තියෙන පද්ධතීන් වඩාත් හොදින් ක්‍රියාත්මක කරන්න ගන්නවා.
මේ අතරේ ආහාර ජීරණ පද්ධතියෙත් ක්‍රියාකාරීත්වය නිසා උපතින් පස්සේ පොඩිත්තා සාමාන්‍යයෙන් පලමු පැය 24 තුල මලපහ පිට කරනවා.
මේ මලපහ ඇලෙන සුලු තාර ගතියකින් හෝ තද කොල දුඹුරු පැහැයකින් යුක්ත වීම ස්වභාවිකයි.ඒවා Meconium ලෙස හදුන්වනවා.
මව්කිරී බොන්න පටන් ගත්තහම පොඩිත්තාගේ ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මත උපතින් 4 වෙනි දිනය වගේ වෙද්දි සාමාන්‍ය කහ පැහැති මලපහ පිට කරන්න පටන් ගන්නවා.
පොඩිත්තා උපතින් දෙවන සතිය අවසානය හෝ තුන්වන සතිය මුල වෙද්දි මලපහ කරන වාර ගණන ක්‍රමයෙන් අඩු වෙනවා.
මලපහ තද ගතියෙන් තිබ්බහොත් ඒක පොඩිත්තා ප්‍රමාණවත් මව් කිරි පානය කර නොමැති වීම හෝ උණ,ආසාදනයක් ඇති වී තිබීම,පොඩිත්තා අධික උෂ්ණත්වයකට නිරාවරණය වී තිබීම වගේ කාරණා හේතු වෙන්න පුළුවන් නිසා ,ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.
මලපහ වල ප්‍රමාණය,පාට සහ වාර ගණන පොඩිත්තාගෙන් පොඩිත්තාට වෙනස් වෙන්න පුළුවන්.ඒ නිසා වෙන පොඩිත්තෙක් එක්ක සංසදනය කරලා කලබල වෙන්න ඕනේ නෑ.
දින කීපයක් යද්දි ඔබට දරුවගේ මලපහ පිට කිරීමේ රටාව හදුන ගන්න පුළුවන්.ඒ රටාව වෙනස් වුණොත් බොහෝ දුරට අසාමාන්‍යතාවයක් වෙන්න පුළුවන් .
ඒ නිසා පොඩිත්තාගේ මලපහ කරන රටාව ගැන සැලකිලිමත් වෙලා,අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න කටයුතු කිරීම කරන්න ඕනේ.