hit counter code

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක අපි හැමෝගෙම සිහිනයක්. බර අඩුකරගන්න ක්‍රම කීපයක්ම තියෙනවනෙ. ඩයට් කරන එක එහෙමත් නැත්නම් ආහාර පාලනය ඒ අතරින් හොඳ ක්‍රමයක්. කිරි දෙන අම්මා කෙනෙකුට ඩයට් කරන එක සුදුසුයිද? අද අපි කතා කරන්න යන්නෙ ඒ ගැනයි.

සාමාන්‍යයෙන් කිරි දෙන අම්මා කෙනෙක්ගෙ කිරි නිෂ්පාදනය සඳහා දවසකට කැලරි 500-700ක් අතර ප්‍රමාණයක් වැයවෙනවා. ඊට අමතරව බබෙක් ලැබුන අම්මෙක්ගෙ බර අඩුවීමට බලපාන සාධක තමයි ප්‍රෙග්නන්ට් වෙන්න කලින් බර, ආහාර රටාව සහ ශාරීරික ක්‍රියාකාරකම්. අනිත් කාරණය තමයි බබාට කිරි දෙන අම්මලගෙ බර කිරි නොදෙන අම්මලට වඩා ඉක්මනින් අඩුවෙනවා.

ඩයට් කරන්න පටන් ගන්න සුදුසුම කාලය?

දරුවා ලැබිලා සති 6-8ක් යනතුරු ඩයට් කරන්න පටන් ගන්න එක සුදුසු නැහැ කියලයි වෛද්‍යවරුන් කියන්නෙ. ඒකට හේතුව තමයි දරු ප්‍රසූතියෙන් පස්සෙ අපේ ශරීරය යථා තත්ත්වයට පත්වෙන්න යම් කාලයක් අවශ්‍යයි. ඒ වගේම දරුවට මව්කිරි දෙන පිලිවෙල හරියට ඉගෙනගෙන හදාගන්නත් යම් කාලයක් අවශ්‍යයි.

කිරිදෙන මවක් විදියට ඔබේ දෛනික කැලරි අවශ්‍යතාවය කැලරි 1800ක් වගේ වෙනවා. මේ අවශ්‍යතාවයත් සපුරගෙන සතියකට ග්‍රෑම් 500ක් අඩුකරගන්න විදියට ඩයට් ප්ලෑන් එක හදාගන්න එක තමයි කිරිදෙන කාලයේ ඔබටත් දරුවටත් කිසිම හානියක් වෙන්නෙ නැතිව ඩයට් කරන්න පුලුවන් ක්‍රමය. ඩයට් කරන එකෙන් විතරක් බර අඩුවෙන්නෙ නැහැ කියල ඔබට හිතෙනවනම්, ව්‍යායාමත් ඔබේ ප්ලෑන් එකට එකතු කරගන්න පුලුවන්. නමුත් ව්‍යායාම පටන් ගන්න කලින් වෛද්‍යවරයෙක් හමුවෙලා ව්‍යායාම පටන්ගන්න එක ආරක්ෂිතද කියලා තහවුරු කරගන්න ඕනෙ.

ආහාර වේලට එකතු කරගන්න පුලුවන් පෝෂ්‍යදායී ආහාර මොනවාද?

·        එලවලු, පලතුරු සහ ධාන්‍ය වර්ග

මේවායේ විටමින් සහ ඛණිජලවණ බහුලව අඩංගු වෙනවා.

·        පිෂ්ඨය බහුල ආහාර

පාන්පිටි වලින් සැකසූ ආහාරවලට වඩා බත්, අල වර්ග වඩාත් සුදුසුයි.

·        ප්‍රෝටීන් බහුල ආහාර – මස්, මාලු, බිත්තර, කිරි

ශරීරයේ පටක අලුත්වැඩියා කිරීමට උපකාරී වෙනවා.

·        මේද සහිත ආහාර

ඔලිව් තෙල්, බිත්තර, චීස්, අලිගැටපේර වගේ ආහාර වඩාත් සුදුසුයි.

මීට අමතරව අධික සීනි, ලුණු සහ තෙල් අඩංගු ආහාර සහ ක්ෂණික ආහාරවලින් සම්පූර්ණයෙන් වැලකීසිටීමත් වැඩිපුර පිරිසිදු ජලය පානය කිරීමත් ඉතාම වැදගත් වෙනවා.

කිසිම අවස්ථාවක ආහාර වේල් මඟ හරින්න එපා. ඒ වෙනුවට ආහාරවේල් ගණන වැඩිකරලා පොඩි ප්‍රමාණවලින් ආහාර ගන්න. ප්‍රධාන ආහාරවේල් තුනක් සහ කෙටි ආහාරවේල් දෙකක් ගන්න එක ඉතාම ජනප්‍රිය ක්‍රමයක්. කෙටි ආහාර එහෙමත් නැත්නම් ස්නැක්ස් විදියට පලතුරු, ඇට වර්ග, යෝගට් වඩාත් යෝග්‍ය වෙනවා.

ප්‍රමාණවත් නින්දක් ලබාගන්න එකත් ඉතාම වැදගත්. බබත් එක්ක මේ වැඩේ නම් හොඳටම අමාරුවෙන්න පුලුවන්. නමුත් ඉක්මනින් බර අඩුකරගන්න හොඳ නින්දක් අත්‍යවශ්‍ය වෙනවා.

අමතක කරන්න එපා!

ප්‍රෙග්නන්ට් කාලෙ බර වැඩිවෙන්න මාස 9ක්ම ගියා නෙ. බර ආපහු අඩුකරගන්න එක මාසෙකින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට ගතවෙන කාලය වෙනස්. අපහසු ඉලක්ක වලට යන්න එපා.  අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න යන්නත් එපා. මට පුලුවන් කියන දේ විතරක් ඔලුවෙ තියාගන්න. 

වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Breastfeeding

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක්

Read More »
Breastfeeding

පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද?

පැතලි පියයුරු තිබ්බොත් මව්කිරි දෙන්න බැරි ද? මේ ප්‍රශ්නයට නිවැරදි සහ එකම පිළිතුර “නැහැ, පුළුවන්” කියන එක.සිරුර තුළ මව්කිරි නිපදවෙන ආකාරය සහ දරුවා මව්කිරි උරා

Read More »
Health

පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු

අලුත උපන් පොඩිත්තාගේ මලපහ ගැන…මව්කුසේ සති 40ක් ඉදලා එලියට එද්දිම පොඩිත්තා තනියම හුස්ම අරගෙන තමන්ගේ ඇගේ තියෙන පද්ධතීන් වඩාත් හොදින් ක්‍රියාත්මක කරන්න ගන්නවා. මේ අතරේ

Read More »
Infant

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද?

ඔබ කුඩා බිළිඳෙකුගේ මවක් නම් මේ මාතෘකාව කුමක් ගැනදැයි ඔබ දන්නවා.උපතේ සිට මාස හය දක්වා දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට මව්කිරි පමණක් ප්‍රමාණවත්. නමුත් දරුවාට මාස

Read More »