hit counter code

බබාට ඕන කෑම ගෙදරම වවමු ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවාගෙ පෝෂණයට වුවමනා ආහාර කිසි වසක් විසක් නැතිව දෙන්න පුළුවන් නම් අම්මලාට ඒක කොච්චර සතුටක්ද? දරුවා සතුටින් කෑම කනවානම්, ආහාර සම්බන්ධ බෙදාහදාගැනීම් කෑම කන අතරෙදි ඉගෙනගන්නවානම් කොච්චර හොඳ ද? ඉතිං බබාලට කෑම කවන අම්මලා ඒ වෙනුවෙන් ගෙවත්ත සකසාගන්නෙ කොහොමද කියල අපි අද බලමු..

කුඩා කාලයේ ඉඳන්ම වයසට ගැලපෙන පරිදි ගන්නා සමබල ආහාර වේලක වැදගත්කම මිනිසාට අදාළ වෙනවා. පුංචි දරුවාගේ සමබර බත්පතෙහි ඇති පලා වර්ග, එළවළු සහ පලතුරු ගෙවත්තේ වගා කරලා ලබාගන්න පුළුවන්. එමගින් දරුවාට නිසි පෝෂණයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කිසිම විසකින් වසකින් තොර නැවුම්ම ඵලදාව විදියට ලැබෙනවා. වවන්නෝ දිනන්නෝ කියලා කියනවනෙ.

මෙහෙම පහසුවෙන් කුඩා ඉඩක පවා වගා කරගන්න පුළුවන් එළවළු පළතුරු වර්ග කීපයක් තියෙනවා. ගොටුකොළ, නිවිති, කංකුං, මුගුණුවැන්න,කතුරුමුරුංගා, ලුණුවිල,බණ්ඩක්කා, වට්ටක්කා, මෑකරල්, දඹළ, දෙළුම්, පේර, පැෂන් ෆෘට් ඉන් කිහිපයක්. ගෙවත්තෙම වගා කරගන්න නිසා රසායනික පොහොර භාවිතා කරන්නත් අවශ්‍ය නෑ. නැවුම් ව නෙළාගෙන උයන්න පුළුවන් නිසා පෝෂ්‍යගුණයෙනුත් ඉහළයි. ඒ වගේම පොඩි පොඩි ප්ලාස්ටික් කප්, භාවිතයට නොගන්නා මැටි භාජන සහ වළං, කුඩා පෝච්චි වල මේ පැල වගාකරගන්න පුළුවන්.

ඒ වගේම තමයි, ගෙවත්තේ කුරුලු ලෑල්ලක් සකස් කරගන්නා එක. කුරුළු ලෑල්ලක් හදලා විතරක් මදි. එයට එන කුරුල්ලන්ට ලේන්නුන්ට බීමට ජලය සහ කෑමට ආහාර වෙන කරන බව දරුවාට පෙනෙන්නට සලස්වන්න අවශ්‍යයි. බෙදාහදාගැනීම වැනි මාතෘකා මෙය ඔස්සෙ දරුවාට හොඳින් ගෝචර වනවා. කෑම කන්නට කම්මැලි දරුවන්ටත් කුරුලු ලෑල්ල පෙන්වමින් ආහාර කවන්නට පුළුවන්.

ඒ වගේම ගෙවත්ත පිරිසිදුව පිළිවෙළට තබාගන්න ඔබ උත්සුක විය යුතුයි. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන ඇති නොවන සේ පවත්වාගත යුතුයි. සර්පයන් වැනි සතුන් සැඟවී සිටීමට ඉඩ ඇති ස්ථාන විනාශ කළ යුතුයි. ඔබගේ ගෙවත්තට හිතකර සතුන්ට සහ කුරුල්ලන්ට පමණක් ඇරයුම් පත් දීමෙන් වැඩෙන දරුවාට නිදහසේ සැරිසැරීමට සුදුසු ගෙවත්තක්ද සකසාගැනීමට ඔබට පුළුවන්.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Infant

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ..

Read More »
Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »
Breastfeeding

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක්

Read More »
Breastfeeding

පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද?

පැතලි පියයුරු තිබ්බොත් මව්කිරි දෙන්න බැරි ද? මේ ප්‍රශ්නයට නිවැරදි සහ එකම පිළිතුර “නැහැ, පුළුවන්” කියන එක.සිරුර තුළ මව්කිරි නිපදවෙන ආකාරය සහ දරුවා මව්කිරි උරා

Read More »