hit counter code

පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

පැතලි පියයුරු තිබ්බොත් මව්කිරි දෙන්න බැරි ද?

මේ ප්‍රශ්නයට නිවැරදි සහ එකම පිළිතුර “නැහැ, පුළුවන්” කියන එක.
සිරුර තුළ මව්කිරි නිපදවෙන ආකාරය සහ දරුවා මව්කිරි උරා බොන ආකාරය ගැන නිසි අවබෝධයක් ඔබට තිබෙනවා නම් මව්කිරි නිෂ්පාදනය ට හෝ මව්කිරි දීමට පියයුරෙහි හැඩය කිසිසේත් බලනොපාන බව ඔබට වැටහේවි.
මව්කිරි නිපදවෙන්නේ පියයුරු තුළ ඇති ක්ෂීර ග්‍රන්ථි (mammary glands)තුළ.

මෙම ක්ෂීර ග්‍රන්ථි අනු ග්‍රන්ථි රාශියකට බෙදී (මිදි පොකුරක් ආකාරයෙන්) මව්කිරි නිෂ්පාදන ක්‍රියාවලිය කාර්‍යක්ෂම ව සිදු කරනවා. වැඩුනු කාන්තාවකගේ එක් පියයුරක් තුළ මෙවැනි අනු ග්‍රන්ථි (lobules) 300 – 800 ක් අතර ප්‍රමාණයක් පවතිනවා.

කිරි නිපදවෙන්නේ කොහොමද?

කිරි නිපදවීම ට සංඥා සැපයෙන්නේ මොළයෙන් නිකුත් කරන ප්‍රොලැක්ටින් නම් හෝමෝනය මගින්. මෙලෙස නිපදවෙන මව්කිරි එම ග්‍රන්ථි තුළ ම ගබඩා වී තිබෙනවා. ඒ, මව්කිරි ස්‍රාවය සඳහා සංඥාව ලැබෙන තුරු. මේ සංඥාවේ ආරම්භකයා වන්නේ ඔබෙන් කිරි උරා බොන කුඩා දරුවා. ඔහු හෝ ඇයගේ කිරි ඉරීමට ප්‍රතිචාරයක් වශයෙන් මොළයෙන් ඔක්සිටොසින් නම් හෝමෝනය නිකුත් කරනවා. මෙම ඔක්සිටොසින් නිසා මව්කිරි, ග්‍රන්ථි තුළින් නිකුත් වී ක්ෂීර නාළිකා හරහා තන පුඩුව ට පැමිණෙනවා.

එසේනම් මව්කිරි නිෂ්පාදනය ට හෝ මව්කිරි දීමට ඍජුවම බලපාන්නේ මොළයේ හෝමෝන ක්‍රියාවලිය,පියයුරුවල ක්ෂීර ග්‍රන්ථි, දරුවාට මව්කිරි දෙන වාර ගණන සහ දරුවා උරා බොන කිරි ප්‍රමාණය බව පැහැදිලියි.

පියයුරෙහි හැඩය හෝ ප්‍රමාණය ක්ෂීර ග්‍රන්ථි ගණනට හෝ ඒවායේ ගුණාත්මක බවට කිසිදු බලපෑමක් නොකරන නිසා පැතලි පියයුරු තිබීමෙන් මව්කිරි දිය නොහැකි වේ යැයි අනියත බියක් ඇති කරගත යුතු නැහැ.

පියයුරෙහි හැඩය පමණක් නොවෙයි තනපුඩුවෙහි හැඩයත් මව්කිරි නිෂ්පාදනය ට හෝ මව්කිරි දීමට බලපෑමක් ඇති නොකරන නමුත් තන පුඩුව පිහිටන සමහර ආකාර නිසා දරුවාට පියයුර අල්වා ගැනීමට (latch) යම් අපහසුතා ඇතිවිය හැකියි.

පැතලි තනපුඩු ඇතිවිට කිරි දෙන්නේ කොහොමද

පැතලි තනපුඩු (flat nipples) හෝ ඇතුළට නෙරුන තනපුඩු (inverted nipples) තිබේ නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. එහිදී උපදෙස් ලැබෙන අන්දමට ඉවසිල්ලෙන් පුහුණු වීම සහ මව්කිරි දීමේ විවිධ ඉරියව් භාවිතා කිරීම තුළින් එම ගැටළුව විසඳා ගත හැකියි.

වෛද්‍ය තත්සරණී විජයරත්න

කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »
Breastfeeding

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක්

Read More »
Health

පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු

අලුත උපන් පොඩිත්තාගේ මලපහ ගැන…මව්කුසේ සති 40ක් ඉදලා එලියට එද්දිම පොඩිත්තා තනියම හුස්ම අරගෙන තමන්ගේ ඇගේ තියෙන පද්ධතීන් වඩාත් හොදින් ක්‍රියාත්මක කරන්න ගන්නවා. මේ අතරේ

Read More »
Infant

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද?

ඔබ කුඩා බිළිඳෙකුගේ මවක් නම් මේ මාතෘකාව කුමක් ගැනදැයි ඔබ දන්නවා.උපතේ සිට මාස හය දක්වා දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට මව්කිරි පමණක් ප්‍රමාණවත්. නමුත් දරුවාට මාස

Read More »