hit counter code

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ඔබ කුඩා බිළිඳෙකුගේ මවක් නම් මේ මාතෘකාව කුමක් ගැනදැයි ඔබ දන්නවා.
උපතේ සිට මාස හය දක්වා දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට මව්කිරි පමණක් ප්‍රමාණවත්. නමුත් දරුවාට මාස හය එළඹීමත් සමඟම අමතර ආහාර හඳුන්වා දීම අත්‍යාවශ්‍යෙන්ම කළ යුතු කටයුත්තක් බව අප සියලු දෙනාම දන්නා කරුණක්.

අමතර ආහාර පටන් ගන්නේ ඇයි?

මිනිස් දිවියේ වටිනාම හා වැදගත් ම කාලය කුඩා අවධිය යැයි කීම වැරදි නැහැ. එයිනුත් පළමු අවුරුදු දෙක තුන ඉතා විශේෂයි. මේ කාලය තුළ දරුවාගේ කායික, මානසික හා බුද්ධි වර්ධනය වේගයෙන් සිදුවෙනවා. මේ සඳහා අවශ්‍ය ශක්තිය සහ පෝෂණය සැපයීම දෙමාපියන්ගේ වගකීමක්. මේ ශක්ති අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තමයි දරුවාට මාස හය වන විට මව් කිරිවලට අමතර ව ඝන ආහාර ලබා දිය යුත්තේ. වර්තමානයේ බොහොමයක් මව්වරුන් රාජකාරිවල නියැලෙන අය නිසා (working mothers) බොහෝ විට දරුවාට මාස හය වෙන තෙක් නොඉඳ මාස පහ පමණ වන විට අමතර ආහාර ආරම්භ කරනවා.

බෙරි බත යනු

මෙලෙස අමතර ආහාර හඳුන්වා දීමේදී දරුවාට මුලින් ම ලබා දෙන අර්ධ ඝන මෘදු තලපය තමයි බෙරි බත කියන්නේ. පළමු දින 2-3 තමන් කැමති සහල් වර්ගයකින් බත් පිස තලපයක් වනතුරු හොඳින් මත් ගා දරුවාට පුරුදු රස වූ මව්කිරි ස්වල්පයක් ද එක් කිරීමෙන් මෙය සාදා ගත හැකියි. මේ බතට ක්‍රමානුකූලව අනෙකුත් පෝෂණ සංඝටක ( ප්‍රෝටීන, මේදය, යකඩ, විටමින් ආදී) අඩංගු ආහාර එකතු කර ගතයුතු අතර එය කළ යුත්තේ වරකට එක බැගින්. මේ සියල්ලම තලපයක් ආකාරයට සකස් කර ගත යුතුයි.

බෙරි බත හදන හරි ම විදිහ

බෙරි බත සකස් කර ගත යුත්තේ දියරමය ස්වාභාවය (liquidity) අඩු අර්ධ ඝන තලපයක් (semi solid) ආකාරයටයි. මෙය ළමා සෞඛ්‍ය වර්ධන සටහන් පොතෙහි (CHDR/ බර පොත) රූප සටහන් මගින් හොඳින් විස්තර කර තිබෙනවා. ඇත්තෙන්ම මේ ළදරු ආහාරය ඉතා කුඩා කැබලි වන තෙක් මත් ගා ගැනීම ඉවසීමෙන් කළ යුතු, වැඩි කාලයක් වැය වෙන කටයුත්තක්. ඒ වගේම මෙහි ඇති ඝනකම සහ කැබලිවල ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කළ යුතුයි.
වර්තමානයේ පවතින කාර්‍යබහුල ජීවන රටාව නිසා බොහෝ මව්වරුන් බෙරි බත තලපයක් ලෙස හදා ගන්නේ blender කිරීමෙන්. මෙය ඉතා පහසු හා ඉක්මන් ක්‍රමයක් වුවත් දරුවාට සුදුසු ක්‍රමයක් නොවෙයි.

Blender කරන්න එපා කියන්නෙ ඇයි?

Blender කරන විට ආහාරයේ දියරමය ස්වාභාවය වැඩි වෙනවා. එවිට දරුවාට කෑම regurgitate (උගුරට ඒම) වීම ත් ඒ නිසාම aspirate (පිට උගුරේ යාම) වීමේ අවදානමත් වැඩියි.
Blender කරන විට ආහාරයේ ඇති ශක්ති ඝනත්වය (energy density) සරල ව කියනවා නම් එක් ආහාර කොටසක ඇති ශක්ති ප්‍රමාණය, අඩු වෙනවා. මේ නිසා කුඩා ආහාර ප්‍රමාණයකින් දරුවාගෙ බඩ පිරෙන නමුත් නැවත ඉක්මනින් ම බඩගිනි එනවා වගේම අවශ්‍ය ශක්ති ප්‍රමාණය නොලැබෙන නිසා බර වැඩි වීම නිසි ආකාරව සිදු වෙන්නේ නැහැ.
Blender කරන විට වෙන තවත් දෙයක් තමයි ආහාරයේ ඇති තන්තු කැඩී යාම. තන්තුමය ආහාර (කෙඳි සහිත ආහාර) ජීර්ණය පහසු කරවන බව අප සියලු දෙනාම දන්නා කරුණක්. Blender කරන විට තන්තු කැඩී යාම නිසා දරුවාට මළ බද්ධය (constipation) වැනි ආහාර ජීර්ණයේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. දරුවාට නිසි ආකාරයෙන් මළ පහ පිට නොවීම කොයිතරම් සිතට පීඩා දෙන කාරණාවක් ද යන්න ඔබට මතක් කර දිය යුතු නැහැ.
ඉහත සඳහන් වුනේ දරුවාගේ කායික වර්ධනය ට blendered food බලපාන ආකාරය.


කායික වර්ධනය ට වගේම බුද්ධි වර්ධනය ටත් මෙය බලපෑම් කරනවා. මුලින් ම සඳහන් කළ පරිදි මේ ළදරු කෑම එකේ ඇති ඝනත්වය සහ කැබලි ප්‍රමාණය අපි ටිකෙන් ටික වැඩි කළ යුතුයි. එසේ කරන්නේ කැබලි සහිත ආහාර ගැනීමට දරුවා හුරු කිරීම සඳහායි. මෙම කැබලි අතින් ඇල්ලීමටත් ඒවා කටට දමා ගැනීමටත් අපි ඔහු හෝ ඇය ව දිරිමත් කළයුතුයි. මෙය ඔවුන්ගේ fine motor (සියුම් චාලක ක්‍රියා වර්ධනය ට විශාල අත්වැලක් සපයනවා. ඔවුන් කුඩා ඇඟිලිවලින් කරන සෑම වැඩක්ම මොළය වර්ධනය ටත් දායක් වෙනවා. අතින් අල්ලා බලා ලබා ගන්නා සංවේදන මගින් මොළයට යැවෙන පණිවිඩ හරහා ඔවුන්ගේ ස්නායු පද්ධතියේ නියුරෝන අතර නව පරිපථ/සම්බන්ධතා ගොඩ නැඟෙනවා. මෙය දරුවාගේ බුද්ධි වර්ධනය ට ඉතා විශාල රුකුලක්. Blender කරනවිට ආහාරයේ ඇති කැබලිමය ස්වාභාවය අඩු නිසා දරුවාගේ මොළය වර්ධනය ට ඒ හරහා කෙරෙන යහපත් බලපෑම අඩු වී යනවා.
Blender කර බෙරි බත සෑදීම පහසු ම ක්‍රමය වුවත් එය දරුවාට සුදුසු ම ක්‍රමය නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති.

සටහන – සහය කථිකාචාර්‍ය තත්සරණී විජයරත්න, රාගම වෛද්‍ය පීඨය

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Breastfeeding

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට හේතුවෙන්නෙ රුධිරයේ තියෙන ඊස්ට්‍රජන් මට්ටම අඩුවෙන එක. අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ

Read More »
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට
Health

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට බාලගිරි දෝෂය කියලා. ඇත්තටම මේ බාලගිරි දෝෂය කියන්නෙ මොකක්ද? අතීතයේ සිට ලංකාවෙ තියෙන

Read More »
Infant

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ..

Read More »
Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »