hit counter code

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා කිහිපයක් හඳුනා ගත හැකිය. උපතින් පසු දියණියගේ ලිංගික ප්‍රදේශය ඉදිමී ඇත්නම් එය බොහෝ විට වැදෑමහ තරලය නිසා හෝ උපතට පෙර ඇය ඔබෙන් ලබාගෙන ඇති හෝමෝනවල අතිරික්තය නිසා විය හැකිය. මෙම ඉදිමීම හානිකර නොවන අතර, දින කිහිපයකට පසු ඇගේ මුත්‍රා පිටවීමත් සමග යථා තත්ත්වයට පත්වෙයි.

සමහර විටක දියණියගේ යෝනි මාර්ගයෙන් ශ්ලේෂ්මල ස්‍රාවයක් සහ රුධිරය ස්වල්පයක් පිටවන බව ඔබ නිරීක්ෂණය කරනු ඇත. මෙය ද ඔබේ හෝමෝන නිසා ඇතිවන්නකි. ඉඳහිට දරු ප්‍රසූතියෙන් සුළු තැලීම් ඇති වේ. මේ සියල්ල හානිකර නොවන අතර දින කිහිපයකින් පහව යනු ඇත.

ඉදිමීම දිගටම පවතී නම්, එය ඔබේ දරුවාගේ වෛද්‍යවරයාට පෙන්වන්න. මක් නිසාද ඉකිලි ප්‍රදේශයේ ඉදිමුණු වසා ගැටිති සහ Classic congenital adrenal hyperplasia හේතු විය හැකිය.

Classic congenital adrenal hyperplasia වැළඳුණු විට සිදු වන්නේ ළදැරියක වැඩිපුර පිරිමි හෝමෝන නිපදවන විට, එහි ප්‍රතිඵලයක් ලෙස උපතේදීම ලිංගික අවයව අසාමාන්‍ය ලෙස පෙනෙන්නට ගැනීමයි. මෙහිදී ගැහැණු ළමයෙකු වුවත් ඇගේ ලිංගික අවයව මුලින්ම පිරිමි අවයවයකට සමාන ලෙස පෙනෙන්නේට ගනියි. උදාහරණයක් ලෙස, ඇගේ ක්ලිටෝරිසය විශාල වී තිබිය හැක. එක්සත් ජනපදයේ බොහෝ ළදැරියන් මෙම තත්වය නිසා නිතිපතා පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මෙම තත්වය බරපතල විය හැක. එනිසා අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.

බේබි සෙන්ටර් වෙබ් අඩවිය ඇසුරෙනි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

Как рассчитывают позиции ведущих казино Пинко Казино

Сейчас участвовать в азартных играх с реальным выводом пользователи могут в удобном...

Read More

Каким образом составляют рейтинги топовых казино Пинко Казино

В настоящее время проводить сессии с выводом денег пользователи могут в удобном...

Read More

Statut n° 2021-502 en 26 févriér 2021 en rapport avec pour rehausser le avec constitution physique dans votre amitié sauf que votre simplification deux

Aisé Au sujet des rapport avec ses l’Emploi français de la biodiversité...

Read More

Related Posts

Breastfeeding

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට හේතුවෙන්නෙ රුධිරයේ තියෙන ඊස්ට්‍රජන් මට්ටම අඩුවෙන එක. අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ

Read More »
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට
Health

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට බාලගිරි දෝෂය කියලා. ඇත්තටම මේ බාලගිරි දෝෂය කියන්නෙ මොකක්ද? අතීතයේ සිට ලංකාවෙ තියෙන

Read More »
Infant

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ..

Read More »
Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »