hit counter code

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට
Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට බාලගිරි දෝෂය කියලා.

ඇත්තටම මේ බාලගිරි දෝෂය කියන්නෙ මොකක්ද?

අතීතයේ සිට ලංකාවෙ තියෙන විශ්වාසයක් තමයි ගිරි දේවිය පිදීම. ජනවහරට අනුව ඇයට වේශ දොළහක් තියෙනවා. බාලගිරි කියන්නෙ ඉන් එක් වේශයක්. ඇය ඒ වේශයෙන් ඇවිල්ලා අලුත උපන් බිලිඳුන්ට වින කරන නිසා බබාලා හැමවෙලේම අඬනවා කියලයි අපේ පැරැන්නන් විශ්වාස කලේ. ඒ නිසා තමයි ගෙදර උලුවස්සේ “බාලගිරි දෝෂය අද නොවේ හෙට” කියලා ලියන්නෙ. නමුත් මේ කතාවෙ කිසිම විද්‍යාත්මක පදනමක් නම් නැහැ. 

ඇත්තට ම බබාලා අඬන්නේ ඇයි?

පොඩි දරුවන්ට කතා කරන්න බැහැනෙ. ඒ නිසා එයාලගෙ අවශ්‍යතා හැම එකටම එයාලා කරන්නෙ අඬන එක විතරයි. ගොඩක් වෙලාවට බබාල අඬන්නෙ,

  • බඩගිනි නිසා
  • දරුවට මුත්‍රා හෝ මළපහ වුනාම
  • මහන්සිය හෝ නිදිමත නිසා
  • අධික උණුසුම් හෝ සීත වෙලාවට
  • එහෙමත් නැත්නම් කරදරයක් හිරිහැරයක් වුනාම. 

සමහර වෙලාවට දරුවා නලවගන්න බැරි විදියට නවත්තන්නෙම නැතුව අඬන්න පුලුවන්. සාමාන්‍යයෙන් සති 4-8 කාලෙදි තමයි මේ තත්වය වැඩියෙන්ම ඇතිවෙන්නෙ.

ඒ වගේ වෙලාවට ඔබට කරන්න පුලුවන් දේවල් මොනවාද?

  • ඔබ මව්කිරි දෙනවනම් බබාට පියයුරෙන් කිරි උරන්න දෙන්න.
  • හරියට ම ගුඩුස් යවන්න.
  • බබාට ඝෝෂාකාරී නොවන ගීතයක් ඇහෙන්න සලස්වන්න. 
  • බබාව තුරුල් කරගන්න, බබාට කතා කරන්න, එහෙමත් නැත්නම් සිංදුවක්.
  • බබාව වඩාගෙන ඇවිදින්න යන්නත් පුලුවන්. 
  • බබාව පොඩ්ඩක් මසාජ් කරන්න. 
  • මඳ උණුසුම් වතුරෙන් බබාව සෝදන්න. මේ ක්‍රමය සමහර බබාලට විතරයි සාර්ථක වෙන්නෙ.
  • කිරි බොන අතරතුර බබා අඬනවනම් සමහරවිට ඔබ කිරිදෙන විදිය බබාට අපහසු වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවක ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරීතුමියගෙන් හරි වෛද්‍යවරයෙක් ගෙන් හරි ඒ සම්බන්ධව උපදෙස් ගන්න පුලුවන්.

මේ කිසිම දේකින් බබා නැළවෙන්නෙ නැත්නම්?

මේ කිසිම දේකින් දරුවාව නළවගන්න බැරිනම්, දරුවා නවත්තන්නෙම නැතුව අඬනවනම් ඒකට හේතුවක් තියෙන්නම ඕනෙ. ඊලගට මම කතාකරන්න යන්නෙ ඒ හේතු ගැන.

1. උදරයේ වේදනාව (Abdominal Colic)

ගොඩක් වෙලාවට බබාල නවත්තන්නෙම නැතුව අඬන්නෙ මේ හේතුව නිසා. නමුත් මේ විදියට බඩේ වේදනාවක් එන්නෙ ඇයි කියලනම් තවම හොයාගෙන නැහැ. මේ හින්දා සමහර බබාලා එකදිගට පැය 3ක් විතරම අඬන්නත් පුලුවන්. 

ඒ වෙලාවට බබාව තුරුල් කරගන්න. පුලුවන් නම් බබාගෙ ඔලුවට අත තියාගෙන උඩ අතට වඩාගන්න. අනිත් වැදගත්ම කාරණය තමයි කිරි දුන්නට පස්සෙ හරියට ගුඩුස් යවන එක. හරියට ගුඩුස් ගියෙ නැති වුනාමත් බබාලට උදරයේ අපහසුතා එන්න පුලුවන්.

2. අසනීප තත්වයක් 

බබා වෙනස් විදියකට අඬනවනම් සහ හැසිරීමේ වෙනසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවෙන්නම ඕනෙ. ඒ මොකද කියනවනම් මුත්‍රා ආසාදන, ආසාත්මිකතා වගේ දේවල්වලින් එන අපහසුතා හින්දත් බබා නොනවත්වා අඬන්න පුලුවන්. 

වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Breastfeeding

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට හේතුවෙන්නෙ රුධිරයේ තියෙන ඊස්ට්‍රජන් මට්ටම අඩුවෙන එක. අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ

Read More »
Infant

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ..

Read More »
Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »
Breastfeeding

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක්

Read More »