hit counter code

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට හේතුවෙන්නෙ රුධිරයේ තියෙන ඊස්ට්‍රජන් මට්ටම අඩුවෙන එක. අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ හෝමෝන වෙනස්වීම් නිසා කොණ්ඩෙ යන එක සහ ඒ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැන.

මුලින්ම කියන්න ඕනෙ කාරණය තමයි බබා ලැබුනට පස්සෙ කොණ්ඩෙ යන්නෙ බබාට කිරිදෙන නිසා නෙමෙයි. ඒ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. 

ගර්භණී කාලයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා කොණ්ඩෙ යනඑක වෙනදට වඩා අඩුයි. නමුත් දරු ප්‍රසූතියෙන් පස්සෙ හෝමෝන මට්ටම නැවතත් සාමාන්‍ය තත්වයට එනවා. එතකොට වෙනදා වගේම කොණ්ඩෙ යන්න ගන්නවා. එතකොට කොණ්ඩෙ යනඑක වැඩියි කියලා අපිට තේරෙනවා. 

සාමාන්‍යයෙන් දවසකට කෙස්ගස් 50-100 අතර ප්‍රමාණයක් වැටෙනවා. දරු ප්‍රසූතියෙන් පස්සෙ එක පාරට හෝමෝන මට්ටම වෙනස්වෙන නිසා 70% පමණ කොණ්ඩෙ අඩුවීමක් වෙන්න පුලුවන්.

දරු ප්‍රසූතියෙන් පස්සෙ කොණ්ඩෙ යන එකට ප්‍රතිකාර තියෙනවද?

මේ කාලෙ කොණ්ඩෙ යන එක සාමාන්‍ය දෙයක් කියල ඔබ දැන් දන්නවනෙ. ඊලග වැදගත්ම කාරණය තමයි මේ තත්වය තියෙන්නෙ අවුරුද්දක් වගේ කාලයක් විතරයි. ඒ නිසා බහුතරයක් දෙනාට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ. 

නමුත් බරපතල විදියට කොණ්ඩෙ යනවනම් වෛද්‍යවරයෙක් හමුවෙන එක හොඳයි. මොකද තයිරොක්සින් ඌණතා වගේ තත්ව වලදිත් කොණ්ඩෙ යන්න පුලුවන්. 

කොණ්ඩෙ යනඑක අඩුකරගන්න ඔබට කරන්න පුලුවන් දේවල් මොනවාද?

පුලුවන් තරම් ස්වභාවික ශාකසාර අඩංගු මෘදු ෂැම්පු සහ කන්ඩිෂනර් පාවිච්චි කරන්න. කන්ඩිෂනර් පාවිච්චි කරනකොට කෙස්ගස් වල අග කොටසට විතරක් පාවිච්චි කරන්න. හිස්කබලේ කන්ඩිෂනර් ගෑවුනොත් කොණ්ඩෙ යන ප්‍රමාණය වැඩිවෙනවා. කොණ්ඩෙ තදින් පීරන්න එපා. ඒ වගේම කොණ්ඩ මෝස්තර දානකොටත් කොණ්ඩෙ ඇදෙන විදියෙ මෝස්තර දාන එක පුලුවන් තරම් අඩුකරන්න. 

කොණ්ඩෙ අයන් කරන එක පුලුවන් නම් නවත්වන්න. අධික රස්නෙන් කොණ්ඩයට හානිවෙනවා. ඒ වගේම හෙයා ඩ්‍රයර් එකෙන් කොණ්ඩෙ වේලනවානම් රස්නෙ අඩුවෙන්ම දාලා වේලගන්න.

අනිත් වැදගත්ම කාරණය තමයි පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ගන්න එක.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »
Breastfeeding

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක්

Read More »
Breastfeeding

පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද?

පැතලි පියයුරු තිබ්බොත් මව්කිරි දෙන්න බැරි ද? මේ ප්‍රශ්නයට නිවැරදි සහ එකම පිළිතුර “නැහැ, පුළුවන්” කියන එක.සිරුර තුළ මව්කිරි නිපදවෙන ආකාරය සහ දරුවා මව්කිරි උරා

Read More »
Breastfeeding

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද?

අලුත උපන් දරුවාට මුල් මාස හය තුළ ‘මවුකිරි පමණක්ම’ දිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. මවුකිරිවලට අමතරව කිසිදු දියර වර්ගයක්; අවම වශයෙන් ජලය වත් දරුවකුට නොදෙන

Read More »