hit counter code

විස්මිත ගුණ දෙන රත කල්කය

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ..

සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ..

ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ..

නියතින් ගුණ දෙන රහසකි ඇදුරනි පෙර වෙද දත් පඬි උතුමන්නේ..

සාමාන්‍ය ව්‍යවහාරයේදී රත් හඳුන් කල්කය, කොත්තමල්ලි කල්කය, බිළිඳු කල්කය, දෙසඳුන් කල්කය නමින් හඳුන්වන්නේද රතකල්කයම වේ.

රත් හඳුන්, සුදු හඳුන්,වැල්මී, වදකහ,කොල්ලු සහ සහිඳලුණුත් නිවැරදිව පිරිසිදු කොට ගැනීමෙන් පසුව රත් හඳුන් සුදු හඳුන් වැල්මී වදකහ සහ කොල්ලු සම බරින් ගෙන, ඒ බරට සමාන බරක් සහිඳ ලුණු ගෙන දෙහි ඇඹුලෙන් අඹරා රතකල්කය පිළියෙළ කරනු ලබයි. කුඩා දරුවන්ට දෙන බැවින් ඉතා පිරිසිදුව ට පිළියෙළ කරන රත කල්කය ගබඩා කර තබන්නේ වීදුරු භාජන වලයි. එයට හේතුව දෙහි සහ ලෝහ බඳුන් ප්‍රතික්‍රියා කර විෂ තත්ව හට ගත හැකි බැවිනි.

රත කල්කයේ අඩංගු ද්‍රව්‍ය

කොල්ලු කෂාය රසයි 

වදකහ

වැල්මී

රත් හඳුන්

සුදු හඳුන්

සහිඳ ලුණු

දෙහි යුෂ

රත කල්කය බහුලවම භාවිත කරන්නේ කුඩා දරුවන්ට අතිවෙන රතගාය තත්ත්වයටයි. තවද චර්ම රෝග, වලිප්පුව, උණ හා පීනස, ඇදුම වැනි තත්ව වලටද භාවිතා වේ. ඒ හැර වැඩුනු පුද්ගලයන්ටද මෙය වෛද්‍ය උපදෙස් මත භාවිතා අළ හැකියි. රතගාය ඇති වීමට හේතුවන්නේ අපවිත්‍ර බව මෙන්ම මව්කිරි හා සම්බන්ධ ගැටලූකාරී තත්ත්වයන් දැක්විය හැකිය. ළදරුවන් සැමවිට ඉතා පිරිසිදුව තබා ගත යුතු අතරම මව්කිරි දෙන මවක් සැමවිටම ඇයගේ ආහාර පාන පිළීබඳව සැලකිලිමත් විය යුතුය. ආයුර්වේදයට අනුව උෂ්ණ සීත ලෙස ආහාර වර්ග නම් කෙරෙන අතරම මව්කිරි දෙන මවක් උෂ්ණ අධික ආහාරවලින් ඈත් වීම වැදගත් වේ. ගල් රත, දුවන පනින රත, ලේ රත, ගෙඩි රත, කරප්පන් රත ආදි වශයෙන් රතගායේ විවිධ ප්‍රභේද පෙන්නුම් කරන ලක‍ෂණවලට අනුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් කර ඇත.

රතගාය ඇතිවීමට මව ගර්භනී කාලයේදි බලපාන හේතු.

ගර්භනී අවධියේදී ඇඹුල්, මිරිස්, තුනපහ අධිකව භාවිතය

ගර්භනී අවධියේ ඇතිවන මානසික අසහනය හා පීඩනය

ගර්භනී අවධියේ මවට උණ රෝග ඇතිවීම

ගර්භනී අවධියේ මවට චර්ම රෝග ඇතිවීම

අපිරිසුදු ආහාර භාවිතය

ගර්භනී අවධියේ නිසි ලෙස මලපහ සිදු නොවීම

රතගාය රෝගයේ පෙන්නුම් කරන පොදු ලක්‍ෂණ 

බාහිර ලක්ෂණ

මෙම රත ගෙඩි මුදුන රක්ත වර්ණයෙන් යුක්ත අල්පෙනෙති තුඩක් තරම් කුඩාය.

තවත් සමහර විට අබ ඇට, ඔළිඳ ඇට තරම් කුඩා රත ගෙඩි වේ.

කුෂ්ඨයකට සමානය

සම යට රතු පැල්ලම් මතු වීම

මේවා ඉකිලි, කිහිලි, හිස, ගෙල, ඉන, වැලමිට, උදර ප්‍රදේශවල සෑදේ.

කම්මුල්, තට්ටම් ප්‍රදේශවල රත් පැහැ යුතු පැල්ලම් සහිත බිබිලි මතුවීම.

ළමයා රතුවී නොසන්සුන්ව හඬයි.

අභ්‍යන්තර ලක්‍ෂණ

බාහිර සමේ ලක්‍ෂණ ප්‍රකටව පෙන්වන මෙම අවස්ථාව තේරුම් ගැනීම මදක් අපහසුය. මෙහිදී,

මල බද්ධය

දිවේ අපවිත්‍රභාවය/මැලියම්

උණ

වැඩිපුර මුත්‍ර පිටවීම

ප්‍රතිශ්‍යා ලක්‍ෂණ ඇතිවේ.

රාත්‍රී කාලයේදී මද කැස්සක් ඇතිවේ.

උදරය තද ගතියෙන් යුක්තය

රත කල්කයෙන් ලැබෙන විස්මිත ගුණ..

සමේ රෝග තත්ත්වයන් ගෙන් ආරක්ෂා කරයි.

ආහාර දිරවීම හොඳින් සිදුකරවයි.

ආහාර රුචිය වැඩි කරවයි.

අජීර්ණ තත්ව ඇතිවීම වළකයි.

මලබද්ධය වලකයි.

මළ , මුත්‍ර හොඳින් පිට වීම සිදු කරවයි.

ශරීරයේ ලේ පිරිසිදු කරයි.

ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි.

පුංචි දරුවන්ගේ දිවේ බැඳෙන මැලියම් ඉවත් කරයි.

කුසගිනි වර්ධනය වීමට ලබා දෙයි.

බඩ පිපුම සදහා ලබාදෙයි.

දැවිල්ල හා උණුසුම අඩුකරවයි.

සෙම් පිත් රෝග සමනය කරයි.

දාහය සමනය කරවයි.

දරුවකුගේ බර කිලෝග්‍රෑම් තුනට වඩා වැඩි විට, වෛද්‍ය උපදෙස් මත දරුවාට රත කල්කය ලබා දිය හැක. මාසයකට අඩු දරුවෙක් සඳහා කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයේ කල්කය කබලේ බැදගත් කොත්තමල්ලි ඇට දහයක් පමණ තම්බා ගත් වතුර ඉතා ස්වල්පයකට දිය කර පෙවිය හැක. දිනකට වරක් බැගින් සතියක් දී දෙවන සතිය කල්කය නොදෙන අතර තෙවන සතියේදි පෙර ලෙසම රත කල්කය දෙනු ලබයි. ඉන් මාස දෙකක විවේකයකින් පසු නැවත සතියක් රත කල්කය ලබාදීම සිදු කරනු ලබයි. දරුවා දහවල් නහවා හොඳින් බඩගිනි වූ අවස්ථාවක රත කල්කය දෙනු ලබන අතර අතීතයේදී මව් කිරෙන් රතකල්කය දුන්නත් ක්ෂීර දෝෂ පැවතිය හැකි බැවින් වර්තමානය වන විට නිර්දේශ කරන්නේ නිවුනු උණු වතුර හෝ කොත්තමල්ලි තැම්බූ වතුර සමඟ රතකල්කය දෙන ලෙසයි. දරුවා පරීක්ෂාකොට බලා සුදුසු මාත්‍රාව තීරණය කළ යුතු බැවින් රත කල්කය වෛද්‍ය උපදෙස් මත ලබා දීම ඉතා වැදගත් ය. 

එමෙන්ම නොමේරු ළදරුවන්ට, අඩු බරක් සහිත ළදරුවන්ට, අතීසාරය, වමනය ඇති විට, බඩ බුරුල් කරවා යන තත්ව ඇති ළදරුවන්ට රත කල්කය ලබා නොදෙයි. 

වර්තමාන දෙමව්පියන් දරුවන්ට රත කල්කය නොදෙන්නේ ඇයි?

ඔවුන් මේ ඖෂධය ගැන දැනුවත් නැහැ.

එය සකස් කරන්න දන්නේ නැහැ.

පිරිසිදු නැහැ කියලා හිතනවා

මාස 06 ට අඩුයි නම් දෙන්න බයයි

මුල ද්‍රව්‍ය සොයාගන්න අපහසුයි

රත කල්කය පිළිබද කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජේෂ්ට මහාචාර්ය A.P.ගුණපාලඅමරසිංහ මහතා විසින් 

immune enhancing effect

anti-bacterial effect

anti pyretic effect 

anti inflammatory effect

Non toxicity

Microbiological safety  යන ගුණයන් විද්‍යාත්මක පර්යේෂන ඔස්සේ රත කල්කයේ ගුණාත්මක බාවය සායනිකව තහවුරුකර ඇත. 

සම්පත් දායකත්වය

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Breastfeeding

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට හේතුවෙන්නෙ රුධිරයේ තියෙන ඊස්ට්‍රජන් මට්ටම අඩුවෙන එක. අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ

Read More »
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට
Health

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට බාලගිරි දෝෂය කියලා. ඇත්තටම මේ බාලගිරි දෝෂය කියන්නෙ මොකක්ද? අතීතයේ සිට ලංකාවෙ තියෙන

Read More »
Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »
Breastfeeding

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක්

Read More »