hit counter code

අලුත් අම්මට කිරි මදිනම්!

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක් ගැටලු ඇතිවෙන්න පුලුවන්. රෝහලේ දී බබාට කිරිදෙන විදිය එහෙම ඔබට කියල දෙනවනෙ. බබාවත් අරන් ගෙදරට ආවාට පස්සෙ ඔබට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්නයක් ගැන තමයි මම අද කතා කරන්න යන්නෙ. 

බබාට ඇතිවෙන්න කිරි තියෙනවාද?

පලවෙනි දරුවා ලැබුනට පස්සෙ හැම අම්මෙක්ටම වගේ ඇතිවෙන ප්‍රශ්නයක් තමයි මේ. බබාට ඕනෙතරම් කිරි තියෙනවාද? ඒ ප්‍රශ්නෙට උත්තරය ඔබටම හොයාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. Unicef සංවිධානය මගින් ඒ වෙනුවෙන් පත්‍රිකාවක් හදලා තියෙනවා. අපි බලමු ඒ පත්‍රිකාවෙ තියෙන්නෙ මොනවද කියලා. 

බබාට ඇතිවෙන්න කිරි තියෙනවනම් ඔබට මේ දේවල් නිරීක්ෂණය කරන්න පුලුවන්. 

  • පැය 24ක් ඇතුලත කිරි දෙන වාර ගණන 8-12ක් අතරනම්
  • කිරි දෙන අතරතුරත් දුන්නට පස්සෙත් බබා සන්සුන්ව ඉන්නවනම්
  • බබා කිරි උරන ශබ්දයත් සැරෙන් සැරේ ගිලින ශබ්දයත් ඔබට ඇහෙනවනම්
  • බබාගෙ කිරි වේලක් ඉවර වුනාම එයාම පියයුර අත හරිනවනම්
  • බබාගෙ සමේ වර්ණය රෝස පාටට තියෙනවානම් (කහ/නිල්/සුදුමැලි නොවී)
  • බබාගෙ බර උපත් බරෙන් 10% කට වඩා අඩු නොවී තියෙනවා නම්
  • දවසකට 5-6 පාරක් හොදින් මුත්‍රා පිටකරනවනම්
  • දියර තත්ත්වයේ මළපහ දවසට දෙපාරක් වගේ පිටකරනවනම් 
  • ඔබට පියයුරු හා තනපුඩු වල අපහසුවක් දැනෙන්නෙ නැත්නම්

බබාට ඔබේ කිරි ප්‍රමාණවත් කියලා කියන්න පුලුවන්. මේ ලක්ෂණත් බැලුවට පස්සෙ බබාට කිරි මදිවගේ කියල ඔබට හිතෙනවනම් ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව මුණගැහෙන එක කෝකටත් හොඳයි. එතකොට ඇය ඔබ කිරිදෙන විදිය බලලා වැරදි නිවැරදි කරගන්න උදව් කරාවි. අවශ්‍ය උපදෙස් ලබාදේවි. 

මව්කිරි නිෂ්පාදනය වැඩි කරගන්නේ කොහොමද?

  • තනපුඩුවල හා පියයුරුවල ගැටලු (උදා: පැතලි තනපුඩු, තනපුඩුවල තුවාල, පියයුරුවල සැරව ගෙඩි) තියෙනවානම් ඉස්සෙල්ලම ඒවාට ප්‍රතිකාර ගන්න ඕනෙ. 
  • කිරිදෙනකොට ඔබ බබාව හරියට පියයුරට තියාගන්න ඕනෙ. නැත්නම් බබාට හරියට කිරි උරන්න අමාරුයි. බබාගෙ නිකට පියයුරේ ගෑවෙන්න ඕනෙ. නහය පියයුරට තද වෙලා තියෙන්න බැහැ. මේ සම්බන්ධයෙන් තියෙන ගැටලුවලට ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උදව් ගන්න පුලුවන්.
  • බබා ඉල්ලන හැම වෙලාවකම එයාට ඇතිවෙන්න කිරි දෙන්න. රෑටත් වෙනසක් කරන්න එපා. 
  • පියයුරු දෙකෙන්ම මාරුවෙන් මාරුවට කිරි දෙන්න. කිරි දෙන්න කලින් සහ කිරි දෙන අතරතුර සෙමින් පියයුරු සම්භාහනය කරන්න. 
  • බබාගෙ සම ඔබේ සමේ ස්පර්ශ වෙන විදියට බබාව ඔබේ පැත්තට හරවගෙන කිරි දෙන්න. මෙමගින් ඔබත් දරුවත් අතර තියෙන බැදීම වැඩිවෙනවා  වගේම මව්කිරි නිෂ්පාදනයත් වැඩි වෙනවා. 
  • දුම් පානය හා මධ්‍යසාරවලින් වලකින්න. 
  • පෝෂ්‍යදායී ආහාරවේලක් ගන්න. 
  • මනස සැහැල්ලුවෙන් තබාගන්න. හැම වෙලේම සුබවාදී විදියට හිතන්න. 
  • හෝමෝන අඩංගු උපත්පාලන ක්‍රම පාවිච්චි කරන්න එපා. ඒවගෙන් මව්කිරි නිෂ්පාදනය අඩු කරනවා. 

මේ මූලික ක්‍රම වලිනුත් ඔබේ ගැටලුවට විසදුමක් නැත්නම් ඔබට පුලුවන් ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන්/වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් අරගෙන කිරි නිෂ්පාදනය වැඩිකරන සම්භාහන ක්‍රම, ඖෂධ, දෙවූ කිරි දරුවට ලබාදීම හෝ වෙන කිසිම විකල්පයක් නැත්නම් පිටිකිරි/අතිරේක ආහාර ලබාදීම යන ක්‍රමවලට යන්න පුලුවන්. 

වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)

(SLMC registration No:43303)

පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »
Breastfeeding

පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද?

පැතලි පියයුරු තිබ්බොත් මව්කිරි දෙන්න බැරි ද? මේ ප්‍රශ්නයට නිවැරදි සහ එකම පිළිතුර “නැහැ, පුළුවන්” කියන එක.සිරුර තුළ මව්කිරි නිපදවෙන ආකාරය සහ දරුවා මව්කිරි උරා

Read More »
Health

පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු

අලුත උපන් පොඩිත්තාගේ මලපහ ගැන…මව්කුසේ සති 40ක් ඉදලා එලියට එද්දිම පොඩිත්තා තනියම හුස්ම අරගෙන තමන්ගේ ඇගේ තියෙන පද්ධතීන් වඩාත් හොදින් ක්‍රියාත්මක කරන්න ගන්නවා. මේ අතරේ

Read More »
Infant

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද?

ඔබ කුඩා බිළිඳෙකුගේ මවක් නම් මේ මාතෘකාව කුමක් ගැනදැයි ඔබ දන්නවා.උපතේ සිට මාස හය දක්වා දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට මව්කිරි පමණක් ප්‍රමාණවත්. නමුත් දරුවාට මාස

Read More »