hit counter code

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම උපත් පාලන ක්‍රමයක් පාවිච්චි නොකරනවානම්, එහෙමත් නැත්නම් පාවිච්චි කරන ක්‍රමය අසාර්ථක වුනොත් සහ ලිංගික අතවරයකට ලක්වුනොත් කියන අවස්ථා වලදියි. 

හදිසි උපත් පාලන ක්‍රම වර්ග දෙකක් මේ වෙද්දී පාවිච්චි වෙනවා. 

  1. ගිලින පෙති (Morning After Pill/Postinor 1 & 2)
  2. ගර්භාෂයේ තැන්පත් කරන උපත් පාලන පද්ධති (Intra Uterine Contraceptive Device/IUCD)

ගිලින පෙති (Morning After Pill/Postinor 1 & 2)

ලංකාවෙ ප්‍රසිද්ධම හදිසි උපත් පාලන ක්‍රමය තමයි මේ. මේ සදහා පාවිච්චි කරන්න පුලුවන් පෙති තමයි Postinor කියන්නෙ. ෆාමසිවල Postinor 1 සහ Postinor 2 කියල වර්ග දෙකක් තියෙනවා ඔබ සමහරවිට දැකලත් ඇති. මේ පෙතිවල සාර්ථකත්වය 98% කියල තමයි සලකන්නෙ. හැබැයි ඒ හරියටම පාවිච්චි කලොත් විතරයි. හෝමෝන අඩංගු මේ පෙතිවලින් කරන්නෙ ඩිම්භ මෝචනය ප්‍රමාද කරන එක. මේ පෙති පාවිච්චි කරනකොටත් ඔබ ගැබ්ගෙන නම් මේ පෙති අරගත්තා කියල වැඩක් වෙන්නෙ නැහැ.

Postinor 1 කියන පැකට්ටුවෙ තියෙන්නෙ එක පෙත්තයි. අනාරක්ෂිත ලිංගික එක්වීමක් වෙලා පැය 72ක් ඒ කියන්නෙ දවස් 3ක් ඇතුලත මේ පෙත්ත ගන්න ඕනෙ. කලින් ගන්න තරමට සාර්ථකත්වය වැඩියි. පෙති දෙකක් තියෙන Postinor 2 ගන්නවට වඩා මේ ක්‍රමය ලේසියි. පෙත්ත බීලා විනාඩි පැය 2ක් වගේ ඇතුලත වමනෙ ගියොත් ආයෙත් පෙත්තක් ගන්න වෙනවා. 

ඔබ මතක තියාගන්න ඕනෙ අනිත් කාරණය තමයි මේ පෙත්ත ගන්නකොටත් ඔබ ගැබ්ගෙන නම් ඒ කළලයට මේකෙන් හානියක් වෙන්නෙ නැහැ. ඒ වගේම මේ ක්‍රමය නිතර පාවිච්චි කරන්න සුදුසු උපත් පාලන ක්‍රමයකුත් නෙමෙයි. ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂාවක් ලැබෙන්නෙත් නැහැ. 

Postinor 2 කියන පැකට්ටුවෙ පෙති දෙකක් තියෙනවා. ඒ දෙක ක්‍රම දෙකකට පාවිච්චි කරන්න පුලුවන්. පෙති දෙකම අනිවාර්යයෙන්ම පැය 72ක් ඇතුලත ගන්න ඕනෙ. පලවෙනි පෙත්ත අරගෙන පැය 12කින් පස්සෙ දෙවෙනි පෙත්ත ගන්න පුලුවන්. එහෙමත් නැත්නම් පෙති දෙකම එකට ගන්නත් පුලුවන්. හැබැයි කාල පරාසය ගැන අවධානයෙන් මේ වැඩේ කරන්න ඕනෙ. Postinor 1 වලට කියපු අනිත් කාරණා සේරම Postinor 2 වලටත් වලංගුයි.

ඔබට මේ වර්ග මිලදී ගන්න හැකියාවක් නැත්නම් ඔන දිනපතා පාවිච්චි කරන මිතුරි පෙතිත් හදිසි උපත් පාලන ක්‍රමයක් විදියට පාවිච්චි කරන්න පුලුවන්. මිතුරි පෙති 4 ගානෙ මාත්‍රා දෙකක් ගන්න ඕනෙ. මේ මාත්‍රා දෙකම අනාරක්ෂිත ලිංගික එක්වීමෙන් පැය 72ක් ඇතුලත ගන්නත් ඕනෙ. පලවෙනි පෙති 4 අරගෙන පැය 12කට පස්සෙ තමයි ඊලග පෙති 4 ගන්න ඕනෙ. පෙති ඔක්කොම ගත්තට පස්සෙ අනාරක්ෂිත ලිංගික එක්වීමක් වුනොත් ඔබ ගත්ත පෙතිවලින් කිසිම ආරක්ෂාවක් ලැබෙන්නෙ නැතිබවත් මතක තියාගන්න ඕනෙ. 

මේ පෙති මව්කිරි දෙන කෙනෙක්ට වුනත් ආරක්ෂිතව පාවිච්චි කරන්න පුලුවන්. සාධාරණ මිලකට ඕනෙම ෆාමසියකින් ලබාගන්න පුලුවන්. මේ පෙති ගත්‍තට පස්සෙ එන අතුරු ආබාධ තමයි ඔක්කාරය, වමනය, පියයුරුවල වේදනාව, හිසරදය, ඔසප්වීම අක්‍රමවත් වීම. 

හදිසි උපත් පාලන ක්‍රමයක් විදියට පෙති පාවිච්චි කරාට පස්සෙ ඊලග ඔසප්වීම ප්‍රමාද වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් දින 10කට වඩා ප්‍රමාද වෙනවනම් ගැබ්ගැනීමක් සිදුවෙලා වෙන්න පුලුවන්. වෛද්‍යවරයෙක් හමුවෙලා Pregnancy Test එකක් කරගන්න එක වඩාත් හොඳයි. මොකද මේ කිසිම ක්‍රමයක් 100% සාර්ථක නැහැ!

ගර්භාෂයේ තැන්පත් කරන උපත් පාලන පද්ධති (Intra Uterine Contraceptive Device/IUCD)

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් දවස් 5ක් ඇතුලත මේ ක්‍රමය පාවිච්චි කරන්න ඕනෙ. ඔබට ලගම තියෙන සෞඛ්‍ය නිලධාරී කාර්‍යාලයෙන් මේ පද්ධතිය ගර්භාෂයේ තැන්පත් කරගන්න පුලුවන්. සාර්ථකත්වය 99%. ගිලින පෙති වලට වඩා සාර්ථකත්වය ගොඩක්  වැඩියි. විවාහක කාන්තාවන්ට තමයි මේ ක්‍රමය වඩාත් සුදුසු වෙන්නෙ. IUCD එකක් අවුරුදු 10ක් දක්වා උපත් පාලන ක්‍රමයක් විදියට පාවිච්චි කරන්න පුලුවන්. අතුරු ආබාධ ඉතාම අවමයි. 

වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »
Post-pregnancy

දරු ප්‍රසූතියෙන් පසු ලිහිල් වූ යෝනි මාර්ගය නැවත ශක්තිමත් කරගන්නේ මෙහෙමයි

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකගේ ශරීරයේ නොයෙකුත් වෙනස්කම් සිදුවෙනවා. නමුත් මේ වෙනස් කම් නිවැරැදි ව්‍යායාම , නිවැරැදි ආහාර පාලනය හා නිවැරැදි ඉරියව් මගින් නැවත පෙර ලෙසටම

Read More »