hit counter code

මදසරු වෙන්නේ කාන්තාවන් විතරක් ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන ඔබ අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනෙ කරුණු කීපයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. ඒ තමයි දරු ඵල ප්‍රමාද වෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකෙන් එකක් ගැන. 

ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති කලළයක් හැදෙන්න නම් නීරෝගී ඩිම්භයක්, නීරෝගී ශුක්‍රාණුවක් සමග සංසේචනය වෙන්න ඕනෙ. ඒ විදියට බැලුවම දරු ඵල ප්‍රමාදවීමට ස්ත්‍රී සාධක සහ පුරුෂ සාධක කියන දෙකම බලපානව. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කරල තියෙන තොරතුරුවල හැටියට ලෝකයේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න කපල්ස් වලින් 9%ක්ම මද සරු බව හින්දා පීඩා විඳිනවා. ඒ අතරින් 50%කටම වගේ සැමියගෙ මද සරු බවත් හේතුවක්. 

පුරුෂ මද සරුභාවයට හේතු මොනවාද?

මම ඉස්සෙල්ලා කිව්වා වගේ, කලළයක් හැදෙන්න නම් ඩිම්භයක්, ශුක්‍රාණුවක් සමග සංසේචනය වෙන්න ඕනෙ. එතකොට පුරුෂ ප්‍රජනක පද්ධතියෙන් වෙන්න ඕනෙ දේවල් තමයි,

  1. ඩිම්භයක් සමඟ සංසේචනය වෙන්න නීරෝගී ශුක්‍රාණු නිෂ්පාදනය කිරීම.
  2. ඒ ශුක්‍රාණු බාධාවකින් තොරව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඇතුලු කිරීම. මේ කාර්‍යය වෙන්න නම් ශුක්‍රාණු පිටකරන ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්න ඕනෙ. 

දැන් අපි පුරුෂ මද සරු බවට හේතු එකින් එක පැහැදිලි කරගනිමු.

නීරෝගී ශුක්‍රාණු නිෂ්පාදනය සම්බන්ධ ගැටලු

පුරුෂ මද සරුබවට ප්‍රධානම හේතුව තමයි නීරෝගී ශුක්‍රාණු අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය සිදු නොවීම. ඉතාම කලාතුරකින් සමහරුන්ට ශුක්‍රාණු නිෂ්පාදනය කොහොමත්ම සිදු නොවෙන්නත් පුලුවන්. ඒ වගේම නිපදවෙන ශුක්‍රාණු නොමේරූ, අසාමාන්‍ය, එහෙමත් නැත්නම් චලනය අඩු ඒවා වෙන්න පුලුවන්.

ශුක්‍රාණු නිෂ්පාදනය සම්බන්ධ ගැටලු වලට හේතු පහලින් ඔබට කියවන්න පුලුවන්. 

  • ආසාදන හා රෝගී තත්ව (උදා: වැඩිවියට පත්වුනාට පස්සෙ කම්මුල්ගාය වැලඳීම)
  • හෝමෝනවල ගැටලු
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධ රෝග තත්ව (සමහරුන්ගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඔවුන්ගේම ශුක්‍රාණුවලට එරෙහිව ප්‍රතිදේහ හැදෙනවා)
  • දුම් පානය හා මධ්‍යසාර භාවිතය
  • අධික උණුසුම් සහ විෂ සහිත පරිසර තත්වවලට නිරාවරණය වීම 
  • ජානවලින් එන වෙනත් රෝගී තත්ව (උදා: Cystic Fibrosis, Haemochromatosis)

පුරුෂ ප්‍රජනක පද්ධතියේ අවහිරතා

ශුක්‍රාණු පිටකිරීම සිදුවන නාලවල සහ කොටස්වල සිදුවන අවහිරතාවයක් තිබුණොත්  නීරෝගී ශුක්‍රාණු අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය වුනත් ඒකෙන් වැඩක් නැතිවෙනවා. මේ වගේ ගැටලු සමහරුන්ට උපතින්ම එන්න පුලුවන්. එහෙමත් නැත්නම් ලිංගාශ්‍රිත රෝග හින්දාත් ශුක්‍රාණු පිටකරන නාල අවහිර වෙන්න පුලුවන්. ඒ වගේම ඔබ වෘෂණ කෝෂවල නහර ගැටගැසීම කියන ගැටලුව තියෙන කෙනෙක්නම්, ඒ හින්දාත් ශුක්‍රාණු පිටවෙන්න බාධා ඇතිවෙන්න පුලුවන්. 

අනෙකුත් සාධක

  • ලිංගය ප්‍රාණවත්වීම සම්බන්ධ ගැටලු (Erectile Dysfunction)
  • ශුක්‍ර මෝචනය සම්බන්ධ ගැටලු (Premature Ejaculation)
  • අක්මාව සහ වකුගඩු සම්බන්ධ රෝග තත්ව

මේ හේතු හරියටම තහවුරු කරගන්න තියෙන පරීක්ෂණ මොනවද කියලා දැන් අපි බලමු.

  1. මුලින්ම ඔබේ වෛද්‍යවරයා ඔබෙන් මේ ගැටලුව ගැන විස්තර අහලා, කායික පරීක්ෂාවක් කරාවි. ඊට පස්සෙ තමයි පරීක්ෂණවලට යන්නෙ.
  1. ශුක්‍ර තරල පරීක්ෂාව 

මේ පරීක්ෂණයට සාමාන්‍යයෙන් ශුක්‍ර තරල සාම්පල් දෙකක් ගන්නවා. ඒ සාම්පල් ලබාගන්න විදිය ගැන ඔබේ වෛද්‍යවරයා උපදෙස් ලබාදේවි. මේ පරීක්ෂණයෙන් පස්සෙ ඔබේ ශුක්‍රාණුවල ගැටලුවක් තියෙනවද කියලා හරියටම කියන්න පුලුවන්. 

  1. රුධිර පරීක්ෂණ 

හෝමෝන සම්බන්ධ ගැටලු සහ වෙනත් රෝග තත්ව ගැන බලන්න මේ පරීක්ෂණ උදව් වෙනවා.

  1. මීට අමතරව නාලවල අවහිරතා වගේ දේවල් ස්කෑන් පරීක්ෂණ වලින් හඳුනාගන්න පුලුවන්. 

පුරුෂ මදසරු බවට ප්‍රතිකාර තියෙනවද?

ඔව්. ප්‍රතිකාර ක්‍රම කීපයක් තිබෙනවා. හරියටම හේතුව හොයාගත්තට පස්සෙ ඒ ප්‍රතිකාර ක්‍රම ගැන ඔක්කොම විස්තර ඔබේ වෛද්‍යවරයගෙන් දැනගන්න පුලුවන්. ඒ ප්‍රතිකාර ක්‍රම ගැන මූලිකම දේවල් ටිකක් ඔබට පහලින් කියවන්න පුලුවන්.

  1. කෘත්‍රිමව ශුක්‍රාණු ගර්භාෂයේ තැන්පත් කිරීම (Artificial Insemination/Intra-Uterine Insemination/IUI)

මේ ප්‍රතිකාර ක්‍රමයෙන් කරන්නෙ ශුක්‍රාණු සාම්පලයක් අරගෙන ඒක වැඩිදියුණු කරලා කුඩා උපකරණයක් පාවිච්චි කරලා ඒ ශුක්‍රාණු ඔබේ බිරිඳගෙ ගර්භාෂයේ තැන්පත් කරන එක. ඉතාම සරල ප්‍රතිකාර ක්‍රමයක්. ලංකාවෙ මොහෝමයක් රෝහල්වල මේ පහසුකම තියෙනවා. 

  1. නළ දරු උපත් (In Vitro Fertilization/IVF/ICSI)

මේ ක්‍රමයෙදී සංසේචනය සිද්ධ වෙන්නෙ ශරීරයෙන් පිටතදී. ඒ කියන්නෙ ශුක්‍රාණු සහ ඩිම්භ වෙනම ලබාගෙන විශේෂිත තත්ව යටතේ ලැබ් එකක් ඇතුලෙ තමයි සංසේචනය සිදුකරන්නෙ. ඊට පස්සෙ හැදෙන කලළය ගර්භාෂයෙ තැන්පත් කරනවා.

  1. හෝමෝන ප්‍රතිකාර

ශුක්‍රාණු නිෂ්පාදනය අඩපණ වෙන්න හේතුවුනේ හෝමෝනවල ප්‍රශ්නයක් නම්, ඔබට හෝමෝන ප්‍රතිකාර නිර්දේශ කරාවි.

  1. ශල්‍යකර්ම

ඔබ වෘෂණ කෝෂවල නහර ගැටගැසීම කියන ගැටලුව තියෙන කෙනෙක්නම් එය නිවැරැදි කරන්න සමහරවිට ඔබට ශල්‍යකර්මයකට යන්න සිදුවේවි. 

වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)

(SLMC registration No:43303)

පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Pregnancy

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක

Read More »
Intimacy

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට

Read More »
Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »