hit counter code

ඔසප් අක්‍රමවත් වීමට හේතු

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට අඩු හෝ දින 35ට වැඩිවෙනවා නම් තමයි. ගොඩක් වෙලාවට ඔසප් අක්‍රමවත් වෙන්නෙ ඔසප්වීම ආරම්භ වුනාට පස්සෙ සහ අවසාන වෙන්න ළංවුනාම.


ඔබේ ඔසප් චක්‍රය ක්‍රමවත්ද කියලා හරියටම දැනගන්නෙ කොහොමද?

ඔබට පුලුවන් දිනපොතක්, කැලැන්ඩරයක් හෝ ඇප් එකක් යොදාගෙන ඔසප් චක්‍රයේ දින ගණන සටහන් කරගන්න. ඔසප් වීම ආරම්භ වූ දිනය තමයි පළමු දිනය කියලා ගන්නෙ. එතකොට එදායින් පටන්ගත්ත ඔසප් චක්‍රයේ අන්තිම දිනය වෙන්නෙ ඊළඟට ඔසප්වෙන දිනයට කලින් දිනය. මේ ක්‍රමය ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා.

ඔසප් අක්‍රමවත් වෙන්න හේතුවෙන්නෙ,

  • ආර්ථවාභාවය එහෙමත් නැත්නම් තරුණියක් ඔසප්වෙන්න පටන් ගන්න කාලෙදි ඔසප් අක්‍රමවත් වීම සාමාන්‍ය තත්වයක්.
  • ආර්ථවහරණය, තවත් විදියකට කිව්වොත් අවුරුදු 45-55 අතර කාලයෙදි කාන්තාවන්ගෙ ඔසප් චක්‍රය නවතින්න ආසන්න වුනාමත් අක්‍රමවත් ලෙස ඔසප්වෙන්න පුලුවන්.මේ තත්වයත් සාමාන්‍යයි.
  • ගර්භණී වීම
  • මව්කිරි දීම
  • හෝමෝනමය උපත් පාලන ක්‍රම (උදා: ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු ගිලින පෙති, එන්නත්, උපත් පාලන උපාංග (IUCD))
  • බර අඩුවීම/වැඩිවීම
  • මානසික ආතතිය
  • අධික ලෙස ව්‍යායාමවල නිරත වීම
  • තයිරොක්සින් ඌණතා
  • ඩිම්භ කෝෂවල රෝග තත්ව (Polycystic Ovary Syndrome – PCOS)

ඔසප් අක්‍රමවත් වෙන හැම කෙනෙක්ටම ප්‍රතිකාර අවශ්‍යමද?

නැහැ. හැමෝටම ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මම කලින් පැහැදිලි කලා වගේ නව යොවුන් වියේ සහ වයස අවුරුදු 45-55 අතර කාන්තාවන්ට ඔසප් අක්‍රමවත් වීම සාමාන්‍යයි. නමුත් අක්‍රමවත් ඔසප් චක්‍රයක් එක්ක ඔබට වෙනත් අපහසුතා තියෙනවනම්,

උදා: අධික ලෙස රුධිර වහනය, එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න අපහසු තරම් උදරයේ/කොන්දේ වේදනාව, ක්ලාන්තය වගේ ලක්ෂණ තියෙනවනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕනෙ.


අනිත් හේතු නිසා ඔසප් අක්‍රමවත් වීම සිදුවෙන කාන්තාවන්ට ප්‍රතිකාර විදියට කරන්නෙ ඒ ඒ ගැටලුවට ප්‍රතිකාර කරන එක.


ඔබට තයිරොක්සින් ඌණතාවයක් තියෙනවා නම් රුධිර පරීක්ෂණයකින් ඒ බව තහවුරු කරගත්තට පස්සෙ තයිරොක්සින් ගන්න වෙනවා. PCOS තත්වය නිසා ඔබට අක්‍රමවත් ඔසප්වීමක් සිද්ධ වුනානම් ගොඩක් වෙලාවට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් දෙකම අඩංගු උපත් පාලන පෙති (Combined Oral Contraceptive Pills) තමයි ප්‍රතිකාරය ලෙස ඔබට ලැබෙන්නෙ.

සටහන –
වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Intimacy

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Intimacy

ගැබිනි සමයේ ලිංගික එක්වීම් තහනම් ද?

කාන්තාවක් දරුවෙකු පිළිසිඳ ගත් හාම ඇය ව කායිකව මෙන්ම මානසිකවත් බොහෝ වෙනස් කම්වලට බඳුන් වෙනවා. සමාජයෙනුත් ඇයට ලැබෙන්නේ විශේෂ සැළකිල්ලක්. එසේ වන්නේ ඇය ජිවිතයේ එක්

Read More »