hit counter code

දරුවෙක් ගැන සිහින දකින්නට පෙර ඔබ කළ යුතු ම දේවල්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

විවාහයෙන් පස්සේ අරමුණු අතරට දරුවෙක් කියන සාධකයත් බොහෝ අයට තිබෙනවා. Unplanned pregnancy එකකට මුහුණ නොදෙන හැම යුවලම වගේ දරු උපතකට යන්නේ සැලසුමක් සහිතව.ඔබ මේ සැලසුම හදා ගන්න ඕනෑ කොහොමද වගේම ඔබ කළ යුතුම දේවල් ගැන අපි අද කතා කරමු.

නියමිත සෞඛ්‍යමත් බව ලබා ගන්න.

ඔබ ගර්භනී භාවයක් සැලසුම් කිරීමට පෙර රුබෙල්ලා එන්නත ලබාගෙනද යන්න තහවුරු කර ගන්න. එය ලබාගෙන නැත්නම් කඩිනමින් ලබාගෙන ඉන් මාස තුනකට පසු පිළිසිඳ ගැනීමකට උත්සාහ කරන්න. එසේම ෆෝලික් ඇසිඩ් පෙති ද අනිවාර්යයෙන් ලබාගන්න ඕනෑ. එය දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට විශාල බලපෑමක් කරන නිසා පිළිසිඳ ගැනීමකට මාස තුනකටවත් පෙර ඒවා ලබා ගැනීම ආරම්භ කරන්න ඕනෑ.

ඔබ පිළිසිඳ ගැනීමක් සැලසුම් කරන්නේ නම් සම්පූර්ණ රුධිර වාර්තාවක් ලබාගෙන ඔබට තයිරොයිඩ් ගැටලු සහ යකඩ ඌණතා ආදිය තිබේදැයි දැනගෙන මුලින්ම ඒවාට ප්‍රතිකාර ලබා ගැනීම නිරෝගී ගර්භනී භාවයක් ඔබට ලබා දීමට හේතුවක්. නිදන් ගත රෝග ආදියෙන් ඔබ පෙළෙනවා නම් ඔබ අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් සමඟ කතාබහ කර ඔබේ තත්ත්වය ගැන අවබෝධයක් ලබාගෙන ගර්භනීබාවයක යොමු වීම වැදගත්. නිවැරදි උස සහ බර පවත්වා ගැනීමත් වැදගත් නිසා ඔබට පෝෂණවේදියෙකු සමඟ සාකච්ඡා කර හොඳ Healthy diet එකක් තබා ගන්නත් පුලුවන්.

දරුවෙක් පිළිසිඳ ගැනීමට ඔබ නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම වැදගත් වෙනවා.ඒ නිසා junk foods ආදියෙන් ඈත් වී නැවුම් එළවළු, පළතුරු,කිරි, මස් මාළු ආදිය වැඩිපුර ඔබේ ආහාර වේලට එකතු කර ගන්න.
ඇන්ටිඔක්ඩයිඩ් බහුල පලතුරු සහ ඇට වර්ග ආහාරයට ගැනීම, හොඳ පෝෂණයක් ඇති උදෑසන ආහාර වේලක් ලබා ගැනීම,තන්තු බහුල ආහාර ලබා ගැනීම කළ යුතුමයි.කෝපි සහ අධික තෙල් සහිත ආහාරවලින් වැලකීම හරිම වැදගත්. ගර්භාෂයේ සිසිල් බව ගැනත් සැලකිලිමත් වෙන්න.

මනසින් ශක්තිමත් වෙන්න.

ඔබ මවක් වෙන්නට මනසින් සූදානම් වීම වැදගත් ම දෙයක්. ලෝකයේ උවමනාවට නොව ඔබට සැබෑවටම දරුවෙක් අවශ්‍ය දැයි සිතා එය සැලසුම් කර ගන්න.රැකියාවේ සහ පවුලේ ඇති පීඩන මඟ හැර සන්සුන් මනසකින් සිටීම හරිම වැදගත්

අනවශ්‍ය ආතතිය පිළිසිඳ ගැනීමකට බාධාවක්

වැදගත්ම කාරණාව ඔබ දරුවෙකු අපේක්ෂා වෙන් ලිංගිකව එක් වුවත් එම මස තුල ඔබ ගැබ් නොගැනීමේ ඉඩක් පවතිනව. මන්ද ගැබ් ගැනීම සදහා ඔබේත් සහකරුගෙත් කායික මානසික සූදානම හා යහපත් සෞඛ්‍යය තත්වය මතද බලපාන්නක් නිසා. ඔබ මේ මසත් මගේ අපේක්ශාවන් බිඳ වැටුනු බවම සිතමින් සෑම ඔසප් වීමකදීම මනසින් ඇද වැටෙන්න එපා.ඔබ සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් ලිංගික සතුට අත් විඳින්න. දරුවෙක් පිළිසිඳ ගැනීම අත්‍යවශ්‍ය බව සිතමින් ඒ සඳහා සංසර්ගයේ යෙදීම ඔබව ආතතියට පත් කරන්නක්. ආතතිය නිසා සිදුවන හෝමොන් වෙනස්කම් ඔබේ සිහිනය දුරස් කරන්න හේතු වෙනවා. ඒ නිසා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.ඔබේ ආගම ගැන විශ්වාස නම් ඒ කටයුතු වල නිරත වෙන්න.ව්‍යායාම කිරීම,Relaxing music වලට සවන් දීම ආදිය ඔබව සන්සුන් මනසක් ඇත්තියක බවට පත් කරන්නට සමත් වෙනවා.

ඔබේ සරු දවස් ගැන සැලකිලිමත් වෙන්න.

දරු පිලිසිඳ ගැන්මකට වඩාත්ම ඉඩකඩ ඇත්තේ ඔබේ ඔසප් චක්‍රයේ “සරු දවස්” තුළයි. ඒ නිසා ඔසප් චක්‍රය පිළිවෙලකට ගණන් තබා ගන්න.දැන් අපට ජංගම දුරකථනයේ ඇප් එකක් ලෙස ඔසප් වාර්තා තබා ගන්න පුලුවන්. ඔබේ චක්‍රය සහ බර, සිරුරේ උෂ්ණත්වයට අනුව සරු දවස් ගණනය වන ආකාරය මේ ඇප් හරියටම ඔබට කියනවා. ක්‍රමවත්ව දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන කාන්තාවකගේ නම් සරු කාලය වෙන්නෙ අවසන් වරට ඔසප් වීම ඇරඹුණ දිනයේ සිට දින 11 – 16 අතර දින 6ක කාලයයි. මේ කාලයේ ඔබේ යෝනි ශ්‍රාවයන් egg white ස්වරූපයක් ගන්නවා.ඇදෙන සහ ලිස්සන සුළු යෝනි ශ්‍රාවයන් තිබීමත් සරු දවස් ගැන ඉඟි කරන්නක්.

නමුත් මෙම කාල සීමාවෙන් පිටත වුවත් ගැබ් ගැනීමක් සිදු වෙන්න හැකියාව තිබෙනවා. මේ දිනවල දවසක් හැර දවසක් ලිංගිකව එක් වීම ඔබේ පිළිසිඳ ගැනීම ඉක්මනින් සිදු වෙන්න හේතුවක්.

ලිංගිකව එක් වීමට ඉරියව් තිබෙනවාද?

ඔබ නිරවුල් සහ නිදහස් මනසකින් ලිංගිකව එක් වීම ප්‍රධානම කාරණාවක්. ඔබ ආතතියෙන් එක් වීම දරුවෙකුගේ ආගමනය ප්‍රමාද කරන්නට හේතුවක්.
Sheryl A. Kingsberg නම් වෛද්‍යවරයා (Ph.D., chief of the Division of Behavioral Medicine at University at University Hospitals Case Medical Center and a professor of reproductive biology and psychiatry at Case Western Reserve University School of Medicine in Cleveland. ) පවසන අන්දමට මිෂනාරී ඉරියව්ව ශුක්‍රාණු වලට ඩිම්බය වෙත ඉක්මනින් පිහිනා යන්නට හේතුවක්.මේ හැරුණු විට Doggy Style,Reverse Cowgirl වැනි ඉරියව්වලට ද ඉක්මනින් ශුක්‍රාණු සහ ඩිම්බ මුණ ගැස්විය හැකි බව පැවසෙනවා. ඒ හැරුණු විට ඔබ පිළිසිඳ ගැනීමක් වෙනුවෙන් එක්විය යුත්තේ ඔබේ ප්‍රියතම ඉරියව්වට බවයි වෛද්‍යවරුන් මත පළ කරන්නේ.

මේ කාරණා හැරුණු විට ඔබේ ආගමානුකූලව දේවල් හිතට සැනසීමක් වෙනුවෙන් කරන්න ඔබට පුලුවන්.ගර්භනී මව්වරුන්ට ආහාර වේලක් ලබා දීම, දුප්පත් දරුවෙකුට අවශ්‍ය භාණ්ඩ රැගෙන දීම වැනි කාරණා ද ඔබට හිතට සැනසීමක් සහ සතුටක් ගෙන දෙයි. ඒ හැරුණු විට ගර්භනී වීම ප්‍රමාද යැයි කම්පා නොවී සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වීම හරිම වැදගත්.

ඉක්මනින් ස්මාර්ට් අම්මා කෙනෙක් වෙන්න අපෙන් සුබ පැතුම්!

ස්මාර්ට්ලේඩි වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »