hit counter code

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ් ගැනීම මග හරවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මතක තබාගත යුතු කාරණාව වන්නේ, අන් සෑම ස්වභාවික උපත් පාලන ක්‍රමයක් මෙන් ම මෙහි සාර්ථකභාවයට ඇති සම්භාවිතාව අඩු වීමයි. නමුත් හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රම කෙරෙහි අකමැත්තක් දක්වන අයට මෙය මනාව ගැළපෙනවා. 

කාන්තාවන්ගේ ප්‍රජනනය පිළිබඳ හෝමෝන වන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයි. මෙහි දී සාමාන්‍යෙන් ඔසප් චක්‍රයක මුල් කාලයේ දී සිරුරේ ඊස්ට්‍රජන් ප්‍රමාණය වැඩිපුර ශ්‍රාවය වන අතර, දෙවන භාගයේදී ප්‍රොජෙස්ටරෝන් වැඩි වශයෙන් ශ්‍රාවය වේ. මෙහි දී ඔබ ඊස්ට්‍රජන් වැඩිපුර ශ්‍රාවය වන කාලය මග හැර ලිංගික ව එක්වීමෙන් ඔබට ගැබ් ගැනීම මග හැර ගන්නට පුළුවන්. මක්නිසා ද යත් ඊස්ට්‍රජන් ශ්‍රාවය ගැබ් ගැනීමට උපකාරී වන නිසයි.

කොහොමද පටන් ගන්නේ ?

මෙය ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් නොවෙයි. ඉවසීමෙන් සහ බොහොම කල්පනාකාරී ව සිදු කළ යුතු දෙයක්. මුලින් ම  ඔබ ඔබේ යෝනි ශ්‍රාව ගැන පුළුල් අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. 

මාසයේ ඔසප් වීම අවසන් වූ දිනට පසු දින සිට ඔබට මේ ගැන සටහනක් තබා ගැනීම ආරම්භ කිරීමට සිදු වෙනවා. එදින සිට සෑම දිනක ම උදේ මුත්‍රා කිරීමට පෙර මෙය පරීක්ෂා කළ යුතුයි. මහපටැඟිල්ල සහ දබරැඟිල්ල අතරේ ඇදීමෙන් මෙය පරීක්ෂා කරනු ලබනවා. ඔබ සටහන් තබා ගත යුතු කාරණා මේවායි.

  • දිනය 
  • වර්ණය
  • ඇදෙන සුලු ද ඇලෙන සුලු ද

මෙය මාස දෙකක් වත් අවම වශයෙන් ඔබ සටහන් තබා ගෙන දින පිළිබඳ අදහසක් ගත යුතුයි. එක් එක් කෙනාගෙන් කෙනාට දින ප්‍රමාණය වෙනස් වෙනවා. 

හඳුනාගන්නේ මෙහෙමයි

මෙය ආරම්භ කළ යුතු වන්නේ ඔසප් වීම අවසන් වූ දිනට පසු දින සිටයි. ඒ අනුව ඔසප් වීම අවසන් වූ දිනට පසු දින පළමු දිනය ලෙස සටහන් කර ගන්නට පුළුවන්.

මුල් දින කිහිපයේ දී බොහෝ විට වියළි සහ සුදු පැහැ ශ්‍රාවයක් ඔබට නිරීක්ෂණය කරන්නට පුළුවන්. මෙම කාලයේදී ගැබ් ගැනීමේ සම්භාවිතාව ඉතා අවමයි.

ඉන්පසු දින කිහිපයක් සුදු පැහැ ඇලෙන සුළු ශ්‍රාවයක් නිරීක්ෂණය කළ හැකී. මෙම කාලයේදීත් ගැබ් ගැනීමේ සම්භාවිතාව තරමක් පවතිනවා.

එම කාලයට පසු කාලයේදී දින කිහිපයක් ක්‍රීම් එකක් වැනි ශ්‍රාවයක් නිකුත් වෙනවා. සුදු පැහැයට හුරු පැහැයක් බොහෝ විට ගනු ලබනවා. මෙහි දී ගැබ් ගැනීමේ සම්භාවිතාව තරමක් ඉහළයි. 

ඉන්පසු කාලසීමාවේ වතුර පැහැයෙන් ඇදෙන සුලු ශ්‍රාවයක් නිරීක්ෂණය කරන්නට ඔබට හැකියි. මෙය බිත්තර සුදු මද වැනි යැයි නිරීක්ෂණය කළ හැකියි. ගැබ් ගැනීමක් අපේක්ෂා නොකරන්නේ නම් මෙම කාල සීමාවේදී කිසි සේත් ම අනාරක්ෂිත ලිංගික එකතු වීමකට නොයා යුතුයි. මෙම කාලයේදී ගැබ් ගැනීමේ හැකියාව ඉතා ඉහළයි. 

සිහි තබා ගත යුතු ම කාරණා

සරු දවස්වලදී හැකි නම් ලිංගික  එක්වීම්වලින් වැළකීම සුදුසුයි. එසේ නොවේ නම් අනිවාර්‍යයයෙන් උපත් පාලන ක්‍රමයක් භාවිතා කළ යුතුයි.

අසාර්ථක වන අවස්ථා

  • කාලයක් නිරීක්ෂණය කළ යුතු නිසා ඉක්මනින් ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. 
  • නව දරු උපතක් සිදු වූ කාන්තාවන්ට, කිරි දෙන මවුවරුන්ට, ආර්ථවහරණය ආසන්න වූ කාන්තාවන්ට මෙන් ම ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවන්ටත් මෙම ක්‍රමය සුදුසු වන්නේ නෑ.
  • ස්වභාවික ක්‍රමයක් නිසා අසාර්ථක වීමේ සම්භාවිතාව ඉහළයි.

පහසු ස්වභාවික ක්‍රමයක් වන යෝනිශ්‍රාව ඇසුරෙන් සරු දින හඳුනා ගැනීමේ ක්‍රමය පිළිබඳ ව දැන් ඔබ හොඳින් දැනුවත්. ගැබ් ගැනීමෙන් වළකින්නට මෙන් ම ගැබ් ගැනීමටත් මෙම ක්‍රමය යොදාගන්නට ඔබට හැකියාව තියෙනවා. 

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Post-pregnancy

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ.

Read More »
Pregnancy

ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ?

දරුවෙක් ලැබෙන්න ඉන්න ඔබ ගර්භණී කාලය තුල ඩයට් කිරීමවත්, එකම බරක් පවත්වාගෙන යාමවත්, බර අඩු කරගැනීමවත් සුදුසු වෙන්නෙ නැහැ. එමගින් ඔබේ කුසේ ඉන්න දරුවට අත්‍යවශ්‍ය

Read More »