hit counter code

කොණ්ඩම් දාලත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

කොණ්ඩම් දාලත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද? සරලවම කිව්වොත් ඔව්. හැබැයි මේ පිලිතුරෙන් ඔබ කලබල වෙන්න එපා. අපි මේ මාතෘකාව ගැන ගැඹුරින් කරුණු විමසා බලමු.

කොණ්ඩම් කියන්නෙ ඉතාම සාර්ථක උපත් පාලන ක්‍රමයක්. ගැබ් ගැනීම වැලැක්වීම හා ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා කිරීම යන දෙකම සිදුකරන එකම උපත් පාලන ක්‍රමය තමයි කොණ්ඩම් කියන්නෙ. ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වෙනිනේ පිරිමි කොණ්ඩම් වුණත්, කොණ්ඩම් වර්ග දෙකක් තියෙනව

  • පිරිමි කොණ්ඩම් (External/Male Condoms); ශිෂ්ණයට පලඳින කොණ්ඩම්
  • කාන්තා කොණ්ඩම් (Internal/Female Condoms); යෝනි මාර්ගයට ඇතුළුකරන කොන්ඩම්

අද අපි පිරිමි කොණ්ඩම් ගැන කතාකරමු.
කොණ්ඩම් නිෂ්පාදනය කරලා තියෙන්නෙ ඉතාම තුනී රබර් වර්ග වෙන Latex, Polyurethane, Polyisoprene වලින්. ශුක්‍ර තරලය සහකරුගේ ස්පර්ශවීම වැලැක්වීම හා එමඟින් ගැබ්ගැනීම සහ ලිංගාශ්‍රිත රෝග බෝවීම වැලැක්වීම තමයි කොණ්ඩම් එකකින් කරන්නෙ, හැබැයි ඒ හරියට පාවිච්චිකලොත් විතරයි.
බොහෝ දෙනෙක්ට කිසිදු අපහසුතාවලින් තොරව කොණ්ඩම් පාවිච්චි කරන්න පුලුවන්. නමුත් ඔබ Latex වලට ආසාත්මික කෙනෙක් නම්, Latex වලින් හදපු කොණ්ඩම් වෙනුවට Polyurethane/ Polyisoprene වගේ දෙයකින් හදපු කොණ්ඩම් පාවිච්චි කරන්න පුලුවන්.

කොණ්ඩම් මිලදී ගැනීමේදී කල් ඉකුත්වන දිනය අනිවාර්යයෙන් පරීක්ෂාකර බලන්න. ඒවගේම ගබඩාකර තැබීමේදී අධික ලෙස උණුසුම් හෝ සිසිල් ස්ථානවල තබන්න එපා. ඒ වගේම තියුණු ආභරණ වගේ දේවල්වලින් ඈත්කර තබන්න. එක කොණ්ඩම් එකක් පාවිච්චිකල හැක්කේ එක් වරක් පමණයි. ඉන්පසු එය ඉවත්කර නැවත අවශ්‍යනම් අලුත් කොණ්ඩම් එකක් පාවිච්චියට ගන්න.

කොණ්ඩම් පාවිච්චි කිරීමේ වාසි

කොණ්ඩම්වල තියෙන වාසි කීපයක් තමයි,
හරියට පාවිච්චි කලොත් ගැබ්ගැනීම සහ Chlamydia, Gonorrheoa, HIV වගේ ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා කිරීම.
ලිංගිකව එකතුවන විට පමණක් පාවිච්චිකල හැකිවීම. මේ නිසා අනපේක්ෂිතව සිදුවන ලිංගික එක්වීම් සඳහාත් භාවිතකල හැකියි.
අතුරු ආබාධ ඉතාම අවමයි.

කොණ්ඩම් එකක් හරියට පාවිච්චි කලොත් ගැබ්ගැනීම් වැලක්වීමේ ප්‍රතිශතය 98%. ඒ කියන්නෙ අවුරුද්දකදී කොණ්ඩම් පාවිච්චි කරන 100 දෙනෙක්ගෙන් ප්‍රෙග්නන්ට් වෙන්නෙ දෙන්නයි!

කොණ්ඩම් එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද

  • මුලින්ම කොණ්ඩම් එක පැකට් එකෙන් එලියට ගන්න. පැකට් එක දත් වලින් කඩන්න එපා. කොණ්ඩම් එක නියපොතුවල හෝ පැලඳ සිටින ආභරණ වල වැදීමට ඉඩ තියන්න එපා.
  • කොණ්ඩම් එක ප්‍රාණවත් වූ ශිෂ්ණය කෙලවර තබා කොණ්ඩම් එකේ කෙලවර ඇඟිලි දෙකකින් මිරිකා ඇතුළත ඇති වායු බුබුළු ඉවත් කරන්න.
  • කොණ්ඩම් එක ශීෂ්ණය වැසෙන පරිදි පහලට රෝල් කරන්න. ඒ විදියට පහසුවෙන් රෝල් වෙන්නේ නැත්නම්, ඔබ කොණ්ඩම් එක අල්ලගෙන තියෙන්නෙ වැරදි පැත්තට. එය ඉවත දමා අලුත් කොණ්ඩම් එකක් ගන්න. ශුක්‍ර තරලය එහි ගෑවී තියෙන්න පුලුවන්.
  • කොණ්ඩම් එක ඉවත්කරනකොට ශිෂ්ණය ප්‍රාණවත්ව තියෙනවිටම කරන්න. කොණ්ඩම් එකෙ කෙලවර අතින් අල්ලගෙන කොණ්ඩම් එක ඉවත් කරන්න. ශුක්‍ර තරලය හැලෙන්නෙ නැතිවෙන්න පරිස්සම් වෙන්න.
  • ඉවත්කල කොණ්ඩම් එක නිසියාකාරව බැහැර කරන්න. වැසිකිලියට දමන්න එපා.
  • කොණ්ඩම් එක ඉවත්කල පසු නැවත සහකරුවන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ එකිනෙක ස්පර්ශවන්නට ඉඩ තියන්න එපා. නැවත අවශ්‍යනම් අලුත් කොණ්ඩම් එකක් පාවිච්චි කරන්න.

කොණ්ඩම් පාවිච්චිකලත් ප්‍රෙග්නන්ට් වෙන්නේ කොහොමද?

  • කොණ්ඩම් එක දාන්න කලින් ලිංගික ප්‍රදේශ එකිනෙක ස්පර්ශ වුනොත්,
  • කොණ්ඩම් එක ඉරුණොත්, ගැලවුණොත්,
  • කොණ්ඩම් එක ලිංගික ක්‍රියාවලියේ මුල සිටම භාවිත නොකළොත්
  • නියපොතු/තියුණු ආභරණ වලින් කොණ්ඩම් එකට හානි වුනොත්,
  • තෙල් වර්ග වලින් හදපු lubricants (lotion, baby oil, petroleum jelly), Latex/Polyisoprene කොණ්ඩම් එක්ක පාවිච්චි කරොත්, මේවගෙන් කොණ්ඩම් එකට හානි වෙන්න පුලුවන්. ඒ වෙනුවට water-based lubricants පාවිච්චි කරන්න.
  • ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ආසාදනවලට පාවිච්චි කරන ආලේපන හින්දාත් කොණ්ඩම්වලට හානි වෙන්න පුලුවන්.
  • මේ වගේ මොනාමහරි සැකසහිත දෙයක් වුනොත්, ඔබට පුලුවන් හදිසි උපත් පාලන ක්‍රමයකට යන්න. ඒ සඳහා ඇති ගිලින පෙති වර්ග ඕනෑම ෆාමසියකින් ඔබට ලබාගන්න පුලුවන්. නමුත් ඒ පෙති ලිංගික එක්වීමක් සිදුවී පැය 72ක් (දවස් 3ක්) ඇතුළත ගන්න ඕනෙ. පැය 72කට පසුව ගැනීමෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.

සම්පත් දායකත්වය –

S. එදිරිසිංහ – MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Intimacy

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ්

Read More »
Post-pregnancy

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ.

Read More »