hit counter code

Dinithi

දරුවාගේ බර අඩු නම්?

අලුත උපන් දරුවෙකු කෙමෙන් වර්ධනය වන විට දරුවාගේ බර සෞඛ්‍ය සම්පන්න මට්ටමකින් පවත්වාගෙන යාම මවක් මුහුණදෙන අභියෝගයක්. දරුවා අලුත් ලෝකයට හුරු කරමින් රෝගවලින් ආරක්ෂා කරමින් වයසට නියමිත බර පවත්වාගෙන යාම එතරම් පහසු කටයුත්තක් නොවේ. ● දරුවෙක්ගේ බරෙන් කියැවෙන්නේ කුමක් ද? බර යනු දරුවාගේ වර්ධනය පිළිබඳ පිටතින් බලා මැනගත හැකියි ප්‍රධාන සාධකයයි. බර හොඳ මට්ටමක දිගින් […]

දරුවාගේ බර අඩු නම්? Read More »

ගර්භනීභාවය සහ රූපලාවන්‍යය

අපි හැමෝම කැමතියි ලස්සනට පියකරුව ඉන්න. එයට වයස් භේදයක් නැහැ. කාන්තාවක් වශයෙන් ඔබ රූපලාවන්‍යය ගැන සැලකිලිමත් වනවා වාගෙ දෙගුණයක් ගර්භනී මවක් වශයෙන් සැලකිලිමත් විය යුතු බව ඔබ දන්නවාද? ඉතින් අපි අද ගර්භනීභාවය සහ රූපලාවන්‍යය ගැන සාකච්ඡා කරන්නට සිතුවා. බොහෝ රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් තුළ රසායනික සංඝටක ඇතුළත්. ස්වාභාවික ද්‍රව්‍යයන් පමණක් අඩංගුයි ලෙස සටහන් වුවත් ඒවායෙ අහිතකර සංයෝග

ගර්භනීභාවය සහ රූපලාවන්‍යය Read More »

අම්මාගෙ දොළ දුක අනුව දරුවා ගැන ඉඟි කියන්න පුලුවන් ද?

ගර්භණී මවකට හැමෝම දක්වන්නෙ ගෞරවනීය ආදරයක්, සැලකිල්ලක්. මේ කාලයේදී ඇයගේ කටයුතු පහසු කරන්න උදව් කරනවා වගේම ඇය කැමති ආහාර පාන ලබාදෙන්නත් හැමදෙනාම උත්සාහ කරනවා. මෙහිදී ආහාර පාන වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙනවා අපට දැකගන්නට පුලුවන් . ඒ ගර්භනී කාන්තාවක් මේ කාලයේදී සමහර ආහාර පාන ගන්න දක්වන සුවිශේෂීයත්වය හේතුවෙනුයි. මෙය ව්‍යවහාරයේදී ‘ දොළදුක ‘ යනුවෙන් හඳුන්වනවා. මෙහි

අම්මාගෙ දොළ දුක අනුව දරුවා ගැන ඉඟි කියන්න පුලුවන් ද? Read More »

ගර්භණී දියවැඩියාව (Gestational Diabetes) පිළිබඳව ඔබ දැනුවත්ද?

කොහොමද මේ තත්වය ඇතිවෙන්නේ? ගැබිණි සමයේදි ඇතිවන දියවැඩියාව ඉතා බරපතල ලෙස අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. මෙය ගැබිණි සමයට පෙර ඉතා නීරෝගීව සිටි කාන්තාවකට වුවත් වැළඳිය හැකියි. ගර්භණී දියවැඩියාව, එනම් Gestational diabetes වළක්වා ගැනීම නීරෝගී ගර්භ සමයකට වගේම නීරෝගි දරු උපතකටත් උදව් වෙනවා. බොහෝ විට ගර්භණී සමයේදි සිදුවන හෝමෝන වෙනස්කම් නිසාවෙන් මේ ගර්භණී දියවැඩියාව තත්වය

ගර්භණී දියවැඩියාව (Gestational Diabetes) පිළිබඳව ඔබ දැනුවත්ද? Read More »

මව නිර්මාංශ (vegan/vegetarian) වීම කුසෙහි දරුවාට හානි කරද ?

ලොව පුරා සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරන පිරිස පෙරට වඩා වැඩි අගයක් ගන්නා බව සංඛ්‍යා ලේඛන මගින් පවා සනාථ වෙනවා. නිර්මාංශ (Vegan/Vegetarian) සංවිධාන බිහිවී ඒ ඔස්සේ විවිධ සැමරුම් උත්සව ආදියත් සංවිධානය වනවා. විවිධාකාර හේතු මත මිනිසුන් සත්ව ආහාර ප්‍රතික්ෂේප කරනවා. තනි පුද්ගලයෙකු වශයෙන් නිර්මාංශ වන අයකුට එයින් වන බලපෑම පිළිබඳව ප්‍රශ්නයක් නොමැති වුවත් මවක්

මව නිර්මාංශ (vegan/vegetarian) වීම කුසෙහි දරුවාට හානි කරද ? Read More »

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද?

අලුත උපන් දරුවාට මුල් මාස හය තුළ ‘මවුකිරි පමණක්ම’ දිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. මවුකිරිවලට අමතරව කිසිදු දියර වර්ගයක්; අවම වශයෙන් ජලය වත් දරුවකුට නොදෙන ලෙස මවට උපදෙස් ලැබෙයි. එයට හේතු ගණනාවක් ඇත. ඒ සියල්ල ගැන දැනුවත්ව සිටීම අලුත් අම්මා කෙනෙකුට දරුවා සමග කටයුතුවලට වඩා පහසුවක් ඇති කරයි. උණුසුම් දිනවල වතුර දෙනවා ද? මුල් මාස

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද? Read More »

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි

කුස සැහැල්ලු වී දරුවා දෝතට එන තුරු අම්මා කෙනෙකුට ඇත්තේ නොඉවසිලිමත් බලාපොරොත්තුවක්. කුඩා බිළිඳා දෝතට ගත් විට සතුට සමග මුසු වූ වගකීම්සහගත බියමුසු හැඟීමක් ද නොදැනෙනවා නොවේ. ලෝකයට අමුත්තෙකු වූ පුංචි සිඟිත්තෙක් රැක ගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. වැදෑමහෙන් වෙන් වී පිටතට එන විට දරු පැටියා රැගෙන එන කුසේ දී මව සමග යා වූ බැඳීමේ

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි Read More »

මේ දිනවල දරුවන් අතරේ වේගයෙන් පැතිර යන අධික තෙහෙට්ටුව දරුණු රෝගයක පෙර නිමිත්තක් ද?

මේ දිනවල පවතින උණුසුම් කාලගුණයත් සමග දරුවන් ශරීරය අප්‍රාණික වීමත්, ඉක්මනින් රෝගී වෙන බවත් දකින්නට පුලුවන්. දීර්ඝ කාලීනව මෙම තත්ත්වය පැවතීමෙන් ඔබ නොසිතන තරම් අවදානමක් දරුවන් කෙරෙහි එල්ල වෙනවා.  දෙමව්පියන් ලෙස මේ වෙනුවෙන් අපට කළ හැකි දේ ගැන මේ ලිපියෙන් සාකච්ඡා කරනවා. මේ කාලයේදී දරුවන් ඉක්මනින් අසනීප වීමට හේතුව කුමක් ද ? සාමාන්‍යයෙන් ලංකාවට පෙබරවාරි,

මේ දිනවල දරුවන් අතරේ වේගයෙන් පැතිර යන අධික තෙහෙට්ටුව දරුණු රෝගයක පෙර නිමිත්තක් ද? Read More »

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද?

මේ ලිපියෙන් අප බලාපොරොත්තු වෙනවා පෙර පාසල් වයසේ සිට පෙර යොවුන් විය වන අවුරුදු 12 දක්වා දරුවන්ට සුදුසු පොත් තෝරා ගැනීම ගැන දැනුවත් කිරීමට. ලෝකයේ බොහෝ දියුණු රටවල කියවීම් කාණ්ඩ අනුව පොත් වර්ග කිරීමකට ලක් කරනවා.එහි අරමුණ වෙන්නේ දරුවාගේ කියවීම් හැකියාව සහ වයස් කාණ්ඩය අනුව පොත් තෝරා ගැනීමේ පහසුව සැලසීමයි. දරුවන්ට පොත් තේරීමේදී වර්ග දෙකක

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද? Read More »

මගේ රූපෙ කතා පොතක

හා පැංචා ඉන්නේ මහ ඝන  කැලයක. ඒ කැලෑවට කියන්නේ යාල වනෝද්‍යානය කියලා හා පැංචාට ඇහිලා තියෙනවා. මිනිස්සු වාහන වලින් එයාලව බලන්න එනවා. ෆොටෝ ගන්නවා. වීඩියෝ කරනවා. සමහරු කොල එහෙම අරන් ඇවිත්  මොන මොනවද ලියා ගන්නවා. අලි, කොටි, වලස්සු දැක්කම එයාල පුදුම වෙන හැටි, ෆොටෝ ගන්න හැටි දකින හා පැංචාට හිනාත් යනවා. මොකද හා පැංචාට නම්

මගේ රූපෙ කතා පොතක Read More »