hit counter code

ගර්භනීභාවය සහ රූපලාවන්‍යය

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

අපි හැමෝම කැමතියි ලස්සනට පියකරුව ඉන්න. එයට වයස් භේදයක් නැහැ. කාන්තාවක් වශයෙන් ඔබ රූපලාවන්‍යය ගැන සැලකිලිමත් වනවා වාගෙ දෙගුණයක් ගර්භනී මවක් වශයෙන් සැලකිලිමත් විය යුතු බව ඔබ දන්නවාද? ඉතින් අපි අද ගර්භනීභාවය සහ රූපලාවන්‍යය ගැන සාකච්ඡා කරන්නට සිතුවා.

බොහෝ රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් තුළ රසායනික සංඝටක ඇතුළත්. ස්වාභාවික ද්‍රව්‍යයන් පමණක් අඩංගුයි ලෙස සටහන් වුවත් ඒවායෙ අහිතකර සංයෝග ඇතුලත් වෙන්න පුළුවන්. අපේ සම මත අපි ආලේප කරන ද්‍රව්‍ය වලින් විශාල ප්‍රතිශතයක් සම මගින් උරාගනු ලබනවා. ඉතිං මෙයාකාරයේ ඇතැම් රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් ගැබිනි සමය තුළ භාවිතා කිරීම දරුගැබට හානි පමුණුවන බවට පර්‍යේෂකයන් සොයාගෙන තියෙනවා. මෙම අහිතකර රසායන ද්‍රව්‍ය කළල බන්ධය ඔස්සෙ දරුගැබට ඇතුළු වෙන්නට පුළුවන්. ඒමගින් දරුවාගේ ස්නායු පද්ධතියට , ප්‍රතිශක්තියට වගේම ප්‍රජනන ඉන්ද්‍රියයන්ටත් ආබාධ ඇති කිරීමට හේතු වෙනවා.

මොනවද ඒ අහිතකර ද්‍රව්‍යයන්?

  • Parabens : මේවා ෆවුන්ඩේෂන් ක්‍රීම් සහ තොල් ආලේපන වල විශාල වශයෙන් අඩංගුයි.
  • රෙටිනෝල් : මෙය විටමින් A වල ආකාරයක් වුණත් විටමින් A අධික වශයෙන් ගැනීම ඕනෑම කෙනෙක්ට අහිතකරයි. “Anti aging” ලෙසින් සඳහන් රූපලාවණ්‍ය ද්‍රව්‍ය වල මෙය බහුලයි. එමෙන්ම කුරුළෑ නාශක ආලේපන වලත්.
  • සැලිසිලික් අම්ලය : ක්ලෙන්සර්ස්, ටෝනර්ස් ඇතුළු ඇන්ටි ඒජින් කොස්මැටික්ස් වල අඩංගුයි. ඇස්ප්‍රින් වල ඇත්තෙත් මෙයයි. කළලයට අහිතකරයි.
  • ලැක්ටික් අම්ලය සහ විවිධ සුගන්ධකාරක : ආසාත්මිකතා සහ සමේ ආසාධන ඇති කරවිය හැකියි
  • කෘතිම වර්ණකාරක : තොල් ආලේපන සහ හිසකෙස් වර්ණකාරක වල අඩංගු මේවා කළලයට හානි පමුණුවන්නට සමත්
  • හිසකෙස් හැඩ ගැන්වීමට යොදන රසායනික ද්‍රව්‍යයන් : ස්ට්‍රේට්, රීබොන්ඩින්, කර්ල්, ෆර්ම් කිරීමට යොදන රසායනික ද්‍රව්‍යයන් ඉතා අහිතකරයි
  • ඇලුමිනියම් කුඩු : ඇස් හැඩකිරීමේ රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් වල අඩංගුයි. මේවා මවගේ සමෙන් ඇතුළු වී කළලය කරා ගොස් දරුවාට ශ්වසන සංකූලතා ඇතිකරනවා. සහ ස්නායු පද්ධතියට හානිකරනවා.
  • පුයර : ඇතැම් පුයර එහෙමත් නැත්නම් පවුඩර් වල ඇස්බැස්ටොස් ඉතා සුළු වශයෙන් අඩංගුයි. මෙය පිළිකාකාරකයක්!
  • යූරියා : මස්කාරා වල අඩංගුයි . මෙයින් ෆෝමැල්ඩිහයිඩ් නිකුත් කරනවා. ෆෝමැල්ඩිහයිඩ් යනු තවත් පිළිකාකාරකයක්! .
  • නිය ආලේපන : ඇතැම් නිය ආලේපන වල අහිතකර සංයෝග ඇතුළත්. Ex : Dibutyl phthalate, formaldehyde , toluene.
  • OxybenzoneAvobenzone : මේවා සන්ස්ක්‍රීන්වල අඩංගු අහිතකර ද්‍රව්‍යයන්
  • ස්ටෙරොයිඩ්ස් (steroids) : hydrocortisone ආලේපන භාවිතා කළ යුත්තෙ වෛද්‍ය නිර්දේශ මත පමණයි.

ඉතිං මේ ගැබිනි සමය තුළ මේ ද්‍රව්‍යයන්ගෙන් සම්පූර්ණයෙන්ම තොර වීම තමයි වඩාත් හොඳ..

ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් මොනවාද?

ගැබිනි ඔබේ සමේ නීරෝගීතාවය සඳහා ස්වභාවික මී පැණි, සුදු හඳුන්, කහ , වෙනිවැල් ආදියෙන් නිවසෙදිම සාදාගන්නා ස්ක්‍රබ් ආලේප කරන්න පුළුවන්.

ඔබ හිරු රැසින් ආරක්ෂා වීමට සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරනවානම් සින්ක් ( zinc ) අඩංගු ආලේපන භාවිතය හොඳයි.

එ වගේම ඉහත සඳහන් රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් ඔබට භාවිතා කරන්න පුළුවන්. ස්වභාවික අමුද්‍රව්‍ය සහ සංයෝග වලින් සාදා ඇති රූපලාවණ්‍ය ද්‍රව්‍යයත් ප්‍රශ්නයක් නැහැ .

ඔබගේ පහසුව තකා ඔබ විසින් සම්පූර්ණයෙන් තොර විය යුතු සහ භාවිතයට අවධානම අඩු රසායනික ද්‍රව්‍යයන් පහතින් වෙන වෙනම දක්වන්නම්. ඉතිං තොල් ආලේපන ඇතුලු රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් මිලදී ගන්නා විට ලේබලය පරීක්ෂා කරන්නට වගබලා ගැනීම ඔබේ වගකීමක්…

සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු ද්‍රව්‍යයන්

Avage

Fabior

Tazorac (tazarotene)

Avita (tretinoin)

Differin (adapelene)

Panretin (alitretinoin)

Retin-A, Renova (tretinoin)

Retinoic acid

Retinol Retinyl

linoleate

Retinyl palmitate

Targretin gel (bexarotene)

Salicylic acid

Tretinoin

ඉතාමත් සුළු වශයෙන් භාවිතා කිරීමට සුදුසු සංයෝග

Alpha hydroxy acid (AHA)

Azelaic acid

Benzoyl peroxide

Beta hydroxy acids (BHA)

Beta hydroxybutanoic acid

Betaine salicylate

Citric acid

Dicarbonous acid

Glycolic acid

Hydroacetic acid

Hydroxyacetic acid

Hydroxycaproic acid

Lactic acid

Tropic acid

2-hydroxyethanoic acid

ගර්භනීභාවය සහ රූපලාවන්‍යය කතා කළ යුතු ම මාතෘකාවක්. නමුත්නී රෝගී දරුපැටියෙක්ගේ මවක් වෙන්න සිහින දකින ඔබට ඕනෑම අවස්ථාවක අසාත්මිකතාවක් ඇතිවිය හැකියි. ඉතින් යම් ආලේපයක් භාවිතා කරන්නට පෙර ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම ඉතා සුදුසු බව අප විසින් යෝජනා කරනු ලබනවා.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Pregnancy

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක

Read More »
Intimacy

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට

Read More »
Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »