hit counter code

මගේ රූපෙ කතා පොතක

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

හා පැංචා ඉන්නේ මහ ඝන  කැලයක. ඒ කැලෑවට කියන්නේ යාල වනෝද්‍යානය කියලා හා පැංචාට ඇහිලා තියෙනවා. මිනිස්සු වාහන වලින් එයාලව බලන්න එනවා. ෆොටෝ ගන්නවා. වීඩියෝ කරනවා. සමහරු කොල එහෙම අරන් ඇවිත්  මොන මොනවද ලියා ගන්නවා. අලි, කොටි, වලස්සු දැක්කම එයාල පුදුම වෙන හැටි, ෆොටෝ ගන්න හැටි දකින හා පැංචාට හිනාත් යනවා. මොකද හා පැංචාට නම් හැමදාම එයාලව දැකලම එපා වෙලා. කැලේ හැමදාම එකම වගේ. වෙනසක් වෙන්නෙ මිනිස්සු ආවම. ඉතින් එයා හරිම ආසයි කැලේට මිනිස්සු එනවට.

ඒත් හා පැංචා නම්  කාටවත් පේන්න ඉන්නෙ නැහැ. එයා හරිම පොඩි නිසා පඳුරක් අස්සේ හැංගිලා වෙන දේවල් බලාගෙන ඉන්නවා. කැලේ මැද තියෙන ගෙදරට එන මිනිස්සු දවස් කීපයක් එහෙ නතර වෙනවා.එයාල එක්ක පොඩි ළමයිත් එන නිසා හා පැංචා එයාලව බලන්න යනවා. පොඩි ළමයින්ගෙ ලස්සන සෙල්ලම් බඩු, පොත්, සෙල්ලම්, හිනා මේ ඔක්කොම හා පැංචට ගෙනාවෙ ලොකු සතුටක්.

ඔන්න දවසක් ඒ කැලේ ගෙදරට නිවාඩුව ගත කරන්න අලුත් පිරිසක් ආවා. එයාලා එක්ක පොඩි බබාලත් හිටියා. එක බබෙක් හා පැංචා මීට කලින් දැකලා නැති අමුතුම දේවල් ටිකක් අරන් ආවා. එයාලා ඒවට කිව්වේ පොත් කියලා. හා පැංචා මීට කලින් පොත් දැකලා තිබ්බෙම නැහැ.

බබාලා එලිමහන් තැනක පොත් කියවනවා. හා පැංචා හැංගිලා බලාගෙන හිටියා. එයාලගෙ අම්මා එයාලට තේ බොන්න කතා කළා. බබාලා පොත් ටික දාලා ඇතුලට දිව්වා. ඒ වෙලාවෙ හා පැංචා ඉක්මනින්ම ගියා පොත් බලන්න.

ලස්සන  ලස්සන පාට පාට පොත්. සමහර පොත්වල පින්තූර පිරිලා. හා පැංචා  හරිම ආසාවෙන් ඒවා පෙරලලා බැලුවා. මීට කලින් හා පැංචා දැක්ක කිසිම දෙයකට එයා මෙච්චර ආසා වෙලා නැහැ. එයා ආසාවෙන් පොත් අතට ගත්තා. ඒකෙ ඇතුලෙ තවත් වෙනස් පින්තූර තියෙන කොළ තියෙනවා. මොනවද නොදන්න අකුරු වගයකුත් තියෙනවා. ඔන්න ඔහොම එකින් එක පොත් පෙරලද්දි හා පැංචා දැක්කා එයාගෙම පින්තූරෙ තියෙන පොතක්. එයාට හරිම පුදුමයි. අප්පේ, මේ මං නේද? එයාට සතුටින් කෑ ගැහුණා. ඒක යටින් මොනවද ලියලාත් තිබුණා. පොත් අලුත් වුනාට හා පැංචාට අකුරු පුරුදුයි. එයාල ඉන්න වන උයනෙ නම්, විවිධ උපදෙස් තියෙන්නෙ අකුරු වලින් කියලා රිලා හාමි කියනවා මතකයි. රිලා හාමි උගතෙක් නිසා ඒ අකුරු මොනවද කියලා දන්නවා කියලා එයා කැලේ හැමෝටම කියල තියෙන්නෙ. ඔන්න එතකොටම තේ බොන්න ගිය ළමයි දුවගෙන එනවා හා හාමිට ඇහුණා. එයා ඉක්මනින්ම එයාගෙ පින්තූරය තිබුණ පොත අතට ගත්තා. ඒක තුරුල් කරන් පඳුරු අතරෙ අතුරුදහන් වුණා. පොත් ගොඩේ එක පොතක් අඩු බව කාටවත්ම තේරුණේ නැහැ.

පොත අරගෙන එයාගෙ ගෙදරට ගිය හා පැංචා ඒක නිතරම පෙරලලා බැලුවා. තමන්ගේ රූපෙ තියෙන පින්තූර වලින් කියන දේ තේරුණත් අකුරු වලින් කියන දේ නම් එයාට තේරුණේ නැහැ. ඒ නිසා අකුරු දන්න කෙනෙක් හොයාගෙන යන්න ඕන කියලා එයා හිතුවා.

මුලින්ම එයා ගියේ රිලා හාමි ගාවට. පොත පෙරලපු රිලා හාමි, හරිම බැරැරුම් විදියට පිටු පෙරළුවා. මගේ කණ්නාඩි  දෙක රෙපයාර් කරන්න දුන්නනෙ. ඒ නිසා මට මේ අකුරු පැහැදිලි නෑ. එයා කිව්වා. අනේ ඉතින් මොනා කරන්නද? එහෙනම් මම වෙන කෙනෙක් හොයාගන්නම් කියල කියපු හා පැංචට ගිරා හාමිව මතක් වුණා. ගිරා හාමි නම් අකුරු දන්නව ඇති කියලා හිතපු එයා ඉක්මනින්ම ගිරා හාමිව හොයාගෙන ගියා.

ගිරා හාමි පොත අරගෙන බොහොම කල්පනාවෙන් පිටු පෙරළුවා. ඊට පස්සෙ එයා හා හාමිට මෙහෙම කිව්වා. අනේ හා පැංචෝ, මගේ ඇස්වල අමාරුවක් තියෙනවා. අකුරු බොඳ වෙලා පේන්නෙ. ඉක්මනින්ම ඇස්වලට බෙහෙත් ටිකක් අරගෙන ඊට පස්සෙ පොත කියවන්න බලන්නම් කියලා එයා කිව්වා.

දැන් ඉතින් මොකද කරන්නේ? හා පැංචට හරිම දුකයි. මං ගැන මොනවද ලියලා තියෙන්නෙ කියලා මට දැන ගන්න වෙන්නේ නෑ වගේ. එයා දුකින් හිතුවා. ඔන්න එයාට එක පාරටම හොඳ අදහසක් ආවා. එයා ආපහු පොත ගත්ත තැනටම දිව්වා. එයා හිතුවා හරි. බබාල ඔක්කොම කතා අහන්න වටවෙලා. එකින් එක පොත කියවනවා.

හා පැංචා හොරෙන්ම එයාගෙ අතේ තිබ්බ පොත පොත් ගොඩ උඩින්ම තියලා හැංගිලා අහගෙන හිටියා. පොත අතට ගත්ත එක්කෙනෙක් ඔන්න හා පැංචා ඉන්න පොතේ කතාව කියවන්න පටන් ගත්තා.ඒක හරිම ලස්සන කතාවක්. එයාලා මං ගැන ලස්සන කතා ලියලා. ඒ නිසා මට හරිම සතුටුයි කියලා එයා හිතුවා. සතුට වැඩි කමටම සබාව මැද්දට ඇවිත් ලස්සන පිනුම් කීපයක් ගැහුවා. බබාලට හරිම පුදුමයි. එයාලා සතුටින් අත්පොළසන් දුන්නා. හා පැංචාට නම් ඊටත් වඩා සතුටුයි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »
Stories

ලෝකෙ ඉන්නෙ අපි විතර ද?

“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන්

Read More »
Stories

ආන්‍යාට අමුතු තෑග්ගක්

ආන්‍යාගේ අම්මාගේ බන්ඩි ගෙඩිය ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා.අම්මාට මොකද වෙන්නේ?ආන්‍යාට හොඳටම බය හිතුණා.අම්මා නිතර නිතර බඩ පෙන්වන්න දොස්තර මාමා ගාවට ගියා.එතකොට ආන්‍යාව බලාගන්න

Read More »