hit counter code

දරුවාගේ බර අඩු නම්?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

අලුත උපන් දරුවෙකු කෙමෙන් වර්ධනය වන විට දරුවාගේ බර සෞඛ්‍ය සම්පන්න මට්ටමකින් පවත්වාගෙන යාම මවක් මුහුණදෙන අභියෝගයක්. දරුවා අලුත් ලෝකයට හුරු කරමින් රෝගවලින් ආරක්ෂා කරමින් වයසට නියමිත බර පවත්වාගෙන යාම එතරම් පහසු කටයුත්තක් නොවේ.

● දරුවෙක්ගේ බරෙන් කියැවෙන්නේ කුමක් ද?

බර යනු දරුවාගේ වර්ධනය පිළිබඳ පිටතින් බලා මැනගත හැකියි ප්‍රධාන සාධකයයි. බර හොඳ මට්ටමක දිගින් දිගටම පැවතීම නිරෝගී වර්ධනයක් සිදුවන බවට තහවුරු කරයි. බර අඩුවීම යනු වර්ධනය අඩාල වීමයි. එනම් වයසට අනුව සිදුවිය යුතු ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවන බවයි. එය දරුවාට ජීවිත කාලය පුරා විවිධ බලපෑම් එල්ල කළ හැකි තත්ත්වයකි.

● බර වැඩි වෙන හැටි

හොඳ උපත් බරක් සහිත දරුවෙකුට උපත ලබා දෙන්නට මවක් කළ යුත්තේ කුමක් ද? ගර්භනී කාලයේ සිටම සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායක ආහාර ලබා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමයි. ඉතා හොඳ බරකින් යුතුව ඉපදුනු දරුවකුගේ වුවත් ඉපදී පළමු සතිය තුළ උපත් බරෙන් දහයෙන් එකක් පමණ බර අඩු වේ. එතැන් සිට ක්‍රමයෙන් ඉදිරි සති දෙක තුන තුළ ඔවුන් නැවතත් උපත් බරට ළඟා වෙයි. උපතෙන් මාස 4ක් පමණ ගතවන විට දරුවාගේ උපත් බර දෙගුණයකින් පමණ වැඩි වේ. වසරක් සම්පූර්ණ වන දරුවෙකු උපත් බර මෙන් තුන් ගුණයකින් පමණ බරින් වැඩිවී වේ.

● ප්‍රධාන වශයෙන් බර අඩු වෙන්නෙ කොහොමද?

දරුවන්ගේ බර අඩු වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන්නේ දරුවා ආහාර ගන්නා පිළිවෙලයි. ඉතා අඩු ප්‍රමාණ වලින් ආහාර ගන්නා දරුවන්ගෙ බර අඩුවීම වැඩියි. එසේම නිසි පෝෂණයෙන් යුතු ආහාර නොගැනීම ද අඩු බර කෙරෙහි බලපෑම් එල්ල කරයි. බර අඩුවීම තුළ දරුවාගේ උසට ද යම්කිසි බලපෑමක් සිදුවන අතර බොහෝ විට දරුවා මිටි වීමේ ප්‍රවණතාවයක් ඇතිවේ.

● බර අඩුවීමට බලපාන අනෙකුත් සාධක මොනවාද?

කුඩා ළදරුවන් පරිසරයට නිරාවරණය වන විට රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිහිටියෙකුට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගනී. ඒ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය සාපේක්ෂව පහළ අගයක් ගන්නා නිසා ය. පාචනය සහ වමනය වැනි රෝග දරුවන්ට පහසුවෙන්ම සෑදේ. එවන් රෝගයක් හේතුවෙන් සිරුරේ ජල ප්‍රතිශතය අඩු වී දරුවා විජලනයට පත්වීම බර අඩු වීමට එක් හේතුවකි. සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයක දී ආහාර අරුචිය වැඩිහිටියෙකුට වුවත් පොදු ලක්ෂණයකි. එවන් අවස්ථාවක ආහාර ප්‍රතික්ෂේප කිරීම ද දරුවන් ගේ බර කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. උදරාබාධ ආදිය හේතුවෙන් ආහාර ගැනීම අඩුවීමද බර අඩු වීමට හේතු විය හැකියි.

● බර අඩු වූ විට…….

වැඩෙන දරුවා ගේ වර්ධන සටහන් පතෙහි නිසි බර තීරුවෙහි බර පවත්වාගෙන යන්නට නොහැකි වීම මව්වරුන් දැඩිව කනස්සල්ලට පත් කරන කාරණාවකි. අඩු බරෙහි පැවතීමෙන් දරුවාට විවිධාකාර වූ සෞඛ්‍ය ගැටලු ඇති වන්නට ඉඩ ඇති වීම එයට හේතුවයි. ඇතැම් දරුවන් ස්වභාවයෙන්ම අඩු බරකින් යුක්තය. මව්පිය ජාන සහ පරම්පරා ලක්ෂණ හේතුවෙන් කෘෂ, මිටි සහ බරින් අඩුවන දරුවන් ද සිටිති. එවන් අවස්ථාවක දරුවාගේ අනෙකුත් ක්‍රියාකාරකම්වල ගැටළු නොවේ නම් කලබල විය යුතු නැත. අඩු බර දරුවන් බොහෝවිට මන්දපෝෂණයට ගොදුරු වීමට ද ඉහළ අවදානමක් තිබේ.

● බර අඩු වීම ගැන සැලකිය යුත්තේ කුමන අවස්ථාවලදී ද?

බර අඩු වීමෙන් දරුවාගේ කායික සහ මානසික වර්ධනයේ අඩාල වීමක් ද දක්නට ලැබේ. කෙසේ වෙතත් දරුවා කිසිදු රෝග තත්ත්වයකින් තොරව සාමාන්‍ය පරිදි හැසිරෙනවා නම් එතරම් බිය විය යුතු නොවේ. එක්වරම දරුවකුගේ බර අඩු වීම හෝ දිගින් දිගටම අඩු බරෙහි පැවතීම දරුවාගේ ජීවිත කාලය පුරා බලපෑම් එල්ල කළ හැකි තත්ත්වයක් වන බැවින් සැලකිලිමත් විය යුතුය.

● බර අඩුවීම සහ බුද්ධි වර්ධනය අතර සබඳතාවක් තිබේ ද?

නියමිත බරෙහි නො සිටින දරුවන් බොහෝ ඉක්මනින් බෝ නොවන රෝග සහ වසංගත රෝගවලට ගොදුරු වීම සුලබ කාරණාවකි. බොහෝ බර අඩු දරුවන් නීරක්තියෙන් ද පෙළෙන බව හඳුනාගෙන තිබේ. නීරක්තිය හේතුවෙන් දරුවාගේ ක්‍රියාකාරකම් අඩාල වී උද්යෝගය අඩුවීම සහ දරුවා උදාසීන ස්වභාවයකින් යුතුව කටයුතු කිරීම දක්නට ලැබේ. එසේම ඉගෙනුම් හැකියාවෙහි ද යම් කිසි අඩුවක් ද දක්නට ලැබෙයි. එවැනි දරුවන්ගේ බුද්ධි වර්ධනයෙහි ද යම් අඩුවක් පවතී. අධ්‍යාපනය ලබන අවධියේ දී මතක තබා ගැනීම පිළිබඳව බරපතළ ගැටලු අඩු බර දරුවන් තුළ දක්නට ලැබෙන තවත් සුලබ ලක්ෂණයකි. එපමණක් නොවේ අඩු බර දරුවන් වැඩිහිටියන් බවට පත් වූ විට ඔවුන්ට ලැබෙන දරුවන් ද අඩු බර දරුවන් වීම කෙරෙහි ඉහළ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

● බර අඩු වූ විට කළ යුතු කුමක් ද?

දරුවාගේ බර අඩුවීමක් පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකි නම් ඉන් පසු සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙතින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය. එයින් දරුවාට දිගින් දීර්ඝකාලීනව බලපෑම් කළ හැකි යම්කිසි අහිතකර තත්ත්වයක් ඇති වන්නේ ද යන්න කල්තබා හදුනා ගත හැකිවේ. පාරම්පරික හේතුවකින් තොරව වුවත් දරුවා බරෙන් අඩු නමුත් අනෙකුත් ක්‍රියාකාරකම් සාමාන්‍ය දරුවෙකුගේ ආකාරයට සිදුවන්නේ නම් බිය විය යුතු නැත. කෙසේ වුවත් දරුවකු නිසි බරෙහි පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන සියලු පෝෂ්‍ය පදාර්ථ සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ලබාදීම දරුවාගේ අනාගතය වෙනුවෙන් වන වගකීමකි.

● බර වැඩි වීම හොඳ ද?

දරුවකු අඩුබරෙහි පැවතීම දරුවාට හානිකර ය. අනවශ්‍ය ප්‍රමාණයට බර වැඩිවීමෙන් ද බෝ නොවන රෝගවලට ගොදුරු වීම ආදී බොහෝ අහිතකර ප්‍රතිඵල අත්කර දෙයි . එබැවින් දරුවා අඩු බර හෝ අධි බර යන අන්ත දෙකටම නොවන මැදමාවතක ගෙනයාම රැකබලා ගන්නන්ගේ වගකීමක් බව වටහා ගත යුතුය.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Parenting

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම ගැනම විවිධ දේවල් ඔබේ මනසට නැඟෙන්න පුලුවන්. ඔබ සහ ඔබේ කුඩා දරුවා ජීවිතයට 

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු.

සියවස් ගණනාවක් පුරා ඉන්දියානු ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ගිතෙල් හඳුනාගත හැකියි. මේදයෙන් වෙන් වන තෙක් බටර් රත් කිරීමෙන් එය සාදන අතර එමඟින් විවිධ අරමුණු සඳහා

Read More »