hit counter code

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මේ ලිපියෙන් අප බලාපොරොත්තු වෙනවා පෙර පාසල් වයසේ සිට පෙර යොවුන් විය වන අවුරුදු 12 දක්වා දරුවන්ට සුදුසු පොත් තෝරා ගැනීම ගැන දැනුවත් කිරීමට.

ලෝකයේ බොහෝ දියුණු රටවල කියවීම් කාණ්ඩ අනුව පොත් වර්ග කිරීමකට ලක් කරනවා.එහි අරමුණ වෙන්නේ දරුවාගේ කියවීම් හැකියාව සහ වයස් කාණ්ඩය අනුව පොත් තෝරා ගැනීමේ පහසුව සැලසීමයි. දරුවන්ට පොත් තේරීමේදී වර්ග දෙකක පොත් අපට තෝරා ගන්නට පුලුවන්.

1. දෙමාපිය,වැඩිහිටියන් සමග කියවන පොත්

මෙහිදී දරුවා තවමත් කියවීමට තරම් ප්‍රමාණවත් අකුරු නොදැන ඉන්න පුලුවන්. ඒත් ඉන් අදහස් කරන්නේ නැහැ දරුවාට පොත් පරිහරණය නුසුදුසුයි කියලා.වැඩිහිටියන් විසින් දරුවාට පොත් කියවා දිය හැකි වගේම කියවිය යුතු අතර දරුවා කතාව ඇසීමෙන් වගේම  චිත්‍ර බැලීමෙන් රසවිඳීමට හුරු වෙනවා.කලාත්මක නමුත් දරුවෙකුට තේරුම් ගත හැකි ළමා චිත්‍ර සහිත පොත් මේ සඳහා තෝරා ගැනීම සුදුසුයි.ඒ වගේම අනවශ්‍ය තරම් දිග කතා තෝරා නොගෙන සිටීම ඉතාමත්ම වැදගත්. දිග විස්තර අසා සිටීම දරුවාට නීරස විය හැකි සේම ,කතාව මතකයේ තබා ගැනීමට නොහැකි නිසා කතාව ආසාවෙන් රසවිඳීමේ හැකියාව ගිලිහෙනවා.ඒ වගේම කතාව කියවන අතරේ පින්තූර බැලීම සඳහා මනා කාලයක් දරුවාට දීම හරිම වැදගත්.මේ පොත් 80% පමණ චිත්‍ර සහිත පොත් වීම ඉතාමත්ම වැදගත්.20% පමණ ඉඩක තමා අකුරු සටහන් වී තිබිය යුත්තේ.

2. දරුවාට තනිවම කියවිය හැකි පොත්

මෙහිදී අප ඒ ඒ වයස් කාණ්ඩයට අනුව තෝරා ගැනීම කලයුතු වෙනවා.

වයසකතාවචිත්‍ර
පෙර පාසල් වයස
(අවු.2-5)
1. පිටු 20 ක පමණ කතා පොත් තෝරාගන්න.ඊට වඩා පිටු අඩු වුණාට කමක් නැහැ.නමුත් පිටුව පුරා පොල් ගෙඩි අකුරින් ලියූ අකුරු සහිත,කිසිදු නිර්මාණාත්මක පිටු සැලසුමක් නැති පොත් තෝරා ගැනීමෙන් වලකින්න.

2. 20%ක් හෝ ඊට අඩු ඉඩක කතාව තිබීම වැදගත්.

3. අකුරු නැතිව පින්තූර වලින් පමණක් කතා කියන පොතුත් ඉතාමත්ම සුදුසුයි.

4. කතා තෝරා ගැනීමේදී දුක හිතෙන,ප්‍රධාන චරිතය මිය යන,ජාති ආගම් බෙදීම් හරහා වෛරය ඇති කරන  පොත් තෝරා ගැනීමෙන් වලකින්න.

5. සංගීතය වාදනය වන පොත්,ස්පර්ශ කිරීම සඳහා
නිර්මාණය කල පොත්,විවිධ කතා පොත් ආදිය ලබා දෙන්න.
1. පිටුව පුරා 100% චිත්‍ර හෝ චිත්‍ර 80% පමණ තිබෙන පොත් තෝරාගන්න.

2. සිතුවම් සරල,සුන්දර,සෞම්‍යය වර්ණ වලින් සමන්විත වීම සුදුසුයි.

3. එකම චිත්‍රය විවිධ අතට හරවමින් පල කල පොත්,පරිගණකයෙන් ඉතාමත්ම අඳුරු මෙන්ම දැඩි වර්ණ ගන්වා යාන්ත්‍රික ලෙස නිර්මාණය කල පොත් තෝරා නොගන්න.

4. ඇතුල් පිටු වර්ණ සහිත ඒවා තෝරා ගැනීමට වග බලාගන්න.
කියවීම් පළමු කාණ්ඩය
(වයස අවුරුදු 5-6 අතර)
1. මේ වන විට පාසලේදී අකුරු ඉගෙන ගනිමින් සිටින නිසා දරුවා අකුරු හඳුනා ගැනීමට සමත්.ඒ නිසා සරල වැකි සහිත කතා සහිත පොත් තෝරාගන්න.චිත්‍ර සහ කතාව තෝරා ගැනීමේදී වගුවේ උඩ කොටසේ විස්තර අනුගමනය කරන්න.

2. දිග වචන,දිග වාක්‍යය සහිත පොත් තෝරා නොගන්න.උපරිම වාක්‍ය 2 සහ ඊට අඩු කතා සහිත පොත් වඩාත්ම සුදුසුයි.
1. පොතෙන් 60%කට වඩා චිත්‍ර සහිත පොත් තෝරාගන්න.

2. පිටු සැලසුම්,වර්ණ ,සිතුවම් වල නිර්මාණාත්ම ගුණය පිළිබඳ සලකා බලන්න.
කියවීම දෙවන කාණ්ඩය
(අවුරුදු 6-8)
1. දැන් අකුරු හොඳින් හඳුනන නිසා කියවීම පහසුයි.නමුත් තවමත් පින්තූර සහිත කතා ලබා දෙන්න.

2. කතාව එක පිටුවක පේලි හතරකට
වඩා නොමැති වගේම දැන් තරමක් සංකීර්ණ කතා ලබා දෙන්නට හැකියාව තිබෙනවා.

3. විවිධ ශානරයන්ගෙන් ලියවුණු පොත් ලබා දෙන්න.
1. තරමක් සංකීර්ණ චිත්‍ර සහිත පොත් තේරුම් ගැනීමේ හැකියාව තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.

2. නිර්මාණාත්මක ගුණය පිළිබඳ සැලකිල්ල දක්වන්න.
කියවීම තෙවන කාණ්ඩය
(අවුරුදු 8-10)

1. කතාව වැඩි ඉඩක පැතිරුණු පොත් සුදුසුයි. නමුත් වර්ණ චිත්‍ර සහිත වීම වැදගත්.

2. තරමක් සංකීර්ණ කතා තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා.
1. චිත්‍ර වලට අඩු ඉඩක් සහිත පොත් වගේම කොමික් පොත් ආදිය වඩාත්ම සුදුසුයි.

2. විවිධ ශානරයන්ගේ චිත්‍ර ලබා දෙන්න.


සිරුරට පෝෂණය ලබා ගැනීම සඳහා ආහාර ලබා දෙනවා සේම මොළය ට පෝෂණය සැපයීම සඳහා අනිවාර්යයෙන් දරුවෙකුට  කතා පොත් පරිහරණයට අවස්ථාව ලබාදීම වැදගත්. ඔබ බාල,පෝෂණය සහිත ප්‍රමිතියකින් තොර ආහාර දරුවන් ලබා දෙන්නේ නැහැ නේද? එහෙම නම් මහ පාරේ ප්‍රමිතියකින් තොරව නිපදවා තිබෙන කතා පොත් ද දරුවාට ලබා නොදීමට වග බලාගන්න.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Children

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ

Read More »
Children

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා

වට්ටක්කා කුඩා දරුවන්ට ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. ඉතා හොඳින් දිරවන එහි ඉහළ පෝෂණ ගුණය නිසා එය “සුපිරි ආහාරයක්”  ලෙස සැලකේ. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ප්‍රධාන

Read More »
Children

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු.

ඇස් ලෙඩ එහෙමත් නැත්නම් ඇස්වල ඇතිවන ආසාදන අවුරුදු 5ට අඩු දරුවන් අතර සුලබව දකින්න පුලුවන්. මේ ආසාදිත තත්වය ඇතිවෙන්නෙ ඇසේ සුදුපාට කොටස ආවරණය කරගෙන තියෙන

Read More »