hit counter code

Story

මිමී – පුංචි දළඹුවා

මීම් කියන්නෙ පුංචි දලඹු පැටියෙක්.එතරම් ලස්සන නැති එක්තරා මිටියාවතක එයා ජීවත්වුණා.මීමී එක්ක දලඹු යාළුවෝ ගොඩක් ඉපදුණා.ඒ හැමෝගෙම බලාපොරොත්තුව ඉක්මනින්ම ලස්සනම ලස්සන සමනලයෙක් වෙලා ඉගිලිලා යන්න.ඒත් මිමී……ඔව් මිමීට ඕනෙ නැහැ සමනළයෙක් වෙන්න.එයාට ඕන හැමදාම දලඹුවෙක් වෙලා ඉන්න.දලඹුවෙක් වෙලා මට කරන්න වැඩ ගොඩක් තියෙනවා.එයා නිතරම කිව්වා. යාළුවන්ට මිමී ගැන හරිම පුදුමයි.මීට කලින් එහෙම දෙයක් එයාලා අහලා තිබුණේ […]

මිමී – පුංචි දළඹුවා Read More »

මේ ලෝකෙ ඉන්නෙ වලස්සු විතරද?

ලෝකෙ ඉන්නෙ අපි විතර ද? “මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන් ගන්න යන්නෙ.ඒ නිසා ඉතින් එයා හිතන් ඉන්නෙ ලෝකෙ පිරිලා තියෙන්නෙ

මේ ලෝකෙ ඉන්නෙ වලස්සු විතරද? Read More »

නිනී සහ ටෝබු (1 කොටස)

පුංචි කොණ්ඩ කුරුළු පැටියාගේ නම නිනී.නිනී අද ඉන්නෙ හරිම දුකින්.ඒ නිනීගෙ හොඳම යාළුවා අද එයාගෙ රටට යන්න යන දවස නිසා.එයාගෙ යාළුවගේ නම ටෝබු.ටෝබු කියන්නෙ හරිම ලස්සන සංචාරක කුරුල්ලෙක්. ටෝබු සෑම වසරකම යුරෝපයේ ඉඳන් එයාගෙ නෑයො ගොඩක් එක්ක ලංකාවට පියාඹගෙන එනවා. ඒ සීතකාලය මග හරින්න.අවුරුද්දේ අවසාන කාලය හරිම සීතලයි.ඉතින් ඒ නිසා එයාල සීත කාලය ගත කරන්න

නිනී සහ ටෝබු (1 කොටස) Read More »

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද?

මේ ලිපියෙන් අප බලාපොරොත්තු වෙනවා පෙර පාසල් වයසේ සිට පෙර යොවුන් විය වන අවුරුදු 12 දක්වා දරුවන්ට සුදුසු පොත් තෝරා ගැනීම ගැන දැනුවත් කිරීමට. ලෝකයේ බොහෝ දියුණු රටවල කියවීම් කාණ්ඩ අනුව පොත් වර්ග කිරීමකට ලක් කරනවා.එහි අරමුණ වෙන්නේ දරුවාගේ කියවීම් හැකියාව සහ වයස් කාණ්ඩය අනුව පොත් තෝරා ගැනීමේ පහසුව සැලසීමයි. දරුවන්ට පොත් තේරීමේදී වර්ග දෙකක

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද? Read More »

මගේ රූපෙ කතා පොතක

හා පැංචා ඉන්නේ මහ ඝන  කැලයක. ඒ කැලෑවට කියන්නේ යාල වනෝද්‍යානය කියලා හා පැංචාට ඇහිලා තියෙනවා. මිනිස්සු වාහන වලින් එයාලව බලන්න එනවා. ෆොටෝ ගන්නවා. වීඩියෝ කරනවා. සමහරු කොල එහෙම අරන් ඇවිත්  මොන මොනවද ලියා ගන්නවා. අලි, කොටි, වලස්සු දැක්කම එයාල පුදුම වෙන හැටි, ෆොටෝ ගන්න හැටි දකින හා පැංචාට හිනාත් යනවා. මොකද හා පැංචාට නම්

මගේ රූපෙ කතා පොතක Read More »

මගෙත් ෆොටෝ එකක් ගන්න!

ඔන්න එකමත් එක කාලෙක කුකුලු පැටියෙක් හිටියා.අපි එයාව අඳුනගන්න පහසු වෙන්න නමක් දාමු නේද?එයාගෙ නම ටුටූ.ටුටූ හිටියේ ෆොටෝ මාමාගෙ ගෙදර.ෆොටෝ මාමා හැමෝගෙම ෆොටෝ ගන්නවා.එයාට කියලා ෆොටෝ ගන්න උදේ ඉඳන් රෑ වෙනකම් සෙනඟ පිරෙනවා. ටුටූ ඉපදුනෙත් මේ ගෙදර.ඒ නිසා ටුටූ පොඩිකාලෙ ඉඳලම ෆොටෝ මාමාගෙ ස්ටුඩියෝවට ආසයි.චික් චික් ගගා එයා ස්ටුඩියෝවෙ හැම තැනම ඇවිදිනවා.ෆොටෝ ගන්න අය දිහා

මගෙත් ෆොටෝ එකක් ගන්න! Read More »

එකමත් එක දවසක 04

අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි! “එයා දුවෙක් වෙයිද ?පුතෙක් වෙයිද?අර්චන” සටහන්

එකමත් එක දවසක 04 Read More »

එකමත් එක දවසක 03

අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි! ආර්චන මා ලියන ආකාරය සන්සුන්ව බලන්

එකමත් එක දවසක 03 Read More »

හා හාමිගෙ අමුත්තෝ…..

හා හාමි ඔන්න කොහේදෝ මන්දා ගමනක් ගිහින් ගෙදර ආවා.ගේ ඇතුලට යන්න කලින් එයා පුදුම දෙයක් දැක්කා.මොකද්ද දන්නවද?ගෙදර දොර ගාව සපත්තු ගොඩයි.සීයකටත් වැඩියි.ආනේ මාව බලන්න මගේ යාලුවො ඇවිත් වගේ කියලා හා හාමි සතුටින් හිතුවා.කාලෙකින් යාළුවන්ව හම්බවෙන්න කතා කරන්න බැරිවුණ නිසා එයාලා හා හාමිව බලන්න එන්න ඇති.ඒත් ඒ එක්කම හා හාමිට මතක් වුනා ගෙදර කෑම බීම මුකුත්ම

හා හාමිගෙ අමුත්තෝ….. Read More »

බට්ටිට දතක්……

බට්ටිගෙ  පළවෙනි කිරි දත අද හැලුණා.බට්ටිට හරිම දුකයි.දත අතේ තියාගෙන එයා කල්පනා කලා.කණ්නාඩිය ලඟට ගිහින් හිනාවුණා.දත් දෙක අතර හිඩැස හරිම කැතයි කියලා එයාට හිතුණා.දැන් කොහොමද හිනා වෙන්නේ?දන්නෙම නැතිව බට්ටිට ඇඬුණා. ඒ සද්දෙට අත්තම්මා දුවගෙන ආවා.එයා බට්ටිව වඩා ගත්තා.කඳුලුත් පිහ දැම්මා.බට්ටිගෙ අත්තම්මා කිව්වා කිරි දත වහලට වීසී කරන්න කියලා.එතකොට ලේනෙක් අලුත් දතක් අරන් එනවලු.ඔන්න දැන්නම් බට්ටිට

බට්ටිට දතක්…… Read More »