hit counter code

Story

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද? එයාලාව බලා ගන්න කියලා අත්තම්මගෙ අත් උදව්වට ආපු අලුත් අත්උදව්කාරි චතුක දිහා බලන් ඉන්නේ සමච්චලේට. වැටිලා රිදෙන බව පවා අමතක කරලා චතුක එයා දිහා බලාගෙන හිටියා. “කඳුලු පෙරාගෙන හොටු පෙරාගෙන …

පුතාලට අඬන්න හොඳ නැද්ද? Read More »

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක සෙල්ලම් කරනවා.කහ පාට බෝලේ කාටවත් මතක නැහැ.දූවිලි,මකුලු දැල් පිරුණු පුටුව යට එයා දුකෙන් බලාගෙන හිටියා.බබා අලුත් බෝලෙ එක්ක සතුටින් සෙල්ලම් කරන හැටි. “බෝලෙ,බෝලෙ ඔයාට පාළුයි නේද?මට දුකයි ඔයා ගැන.ඒත් මට …

බෝලෙට යාළුවෙක්…….. Read More »

ලෝකෙ ඉන්නෙ අපි විතර ද?

“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන් ගන්න යන්නෙ.ඒ නිසා ඉතින් එයා හිතන් ඉන්නෙ ලෝකෙ පිරිලා තියෙන්නෙ වලස්සුන්ගෙන්ම විතරයි කියලා. අම්මයි තාත්තයි නම් මුකුත්ම කිව්වෙ නැහැ.දැනටමත් ටිකක් පරක්කුයි.එයාල ඉක්මනින්ම බෙනීව ඉස්කෝලෙ ගෙනියන්න සූදානම් කළා.බෙනීගෙ නම් කිසිම කැමැත්තක් නැහැ ඉස්කෝලෙ යන්න. අම්මා,එයා ආසම  රසම කෑම වලින් එයාගෙ කෑම පෙට්ටිය පුරවන්න අම්මා  කලේ නැහැ.ඒ මොනවද දන්නවද?මී පැණි වල පොඟවපු …

ලෝකෙ ඉන්නෙ අපි විතර ද? Read More »

ආන්‍යාට අමුතු තෑග්ගක්

ආන්‍යාගේ අම්මාගේ බන්ඩි ගෙඩිය ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා.අම්මාට මොකද වෙන්නේ?ආන්‍යාට හොඳටම බය හිතුණා.අම්මා නිතර නිතර බඩ පෙන්වන්න දොස්තර මාමා ගාවට ගියා.එතකොට ආන්‍යාව බලාගන්න ආවෙ අත්තම්මා.අම්මාට මොකද වෙන්න යන්නෙ?ආන්‍යා අත්තම්මාගෙන් ඇහුවා.අම්මා ඔයාට තෑග්ගක් ගේන්න යන්නේ.අත්තම්මා කිව්වා.එතකොට තෑග්ග තියෙන්නෙ බඩ ඇතුලෙද?ආන්‍යාට ප්‍රශ්න ගොඩයි.ඔව්,  තෑග්ග තව ටිකක් ලොකු වුණාම බඩ කපලා තෑග්ග එලියට ගන්න අපට පුළුවන්.අත්තම්මා කිව්වා.ආන්‍යාට …

ආන්‍යාට අමුතු තෑග්ගක් Read More »

පාටක් නැති දරුවෝ

ගිම්හානි හිටියේ චූටි දූට කිරි හදන ගමන්.එයාට මේ වෙලාවට කිරි එකක් ඕනෑ.නින්දකින් ඇහැරිලා ඉන්න පුංචි මෙතුලි කිරි එකක් බීලා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. “වැනේලු කළු වැනේලු..රෑට බතල ලිපේලු…” අත්තම්මාගේ සින්දුවට මෙතුමි හිචි බිචි ගගා හිනාවෙනවා.ඉෂාරගේ අම්මා ඔහොම කියන්නේ හිතලා මැනලා කිරලා බලලා වුණානම් ගිම්හානිගේ පපුව හත්කඩකට පැලෙන්න තිබුණා.ඒත් අම්මා කියන්නේ සින්දුවක්.ඒකමයි ගිම්හානිටත් තියන සැනසිල්ල “නැණ …

පාටක් නැති දරුවෝ Read More »

දරුවා නිසා සැමියා ප්‍රතික්ෂේප කළ බිරිඳක්.

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) විවාහය එකිනෙකාව දරා ගත යුතු බැඳීමක්.එය අප ඔබට හැමදාම කියන දෙයක්.ඔබ සිතා හෝ නොසිතා කියන සමහර දේවල් නිසා ඔබේ සහකරු අනවශ්‍ය දේට පෙළෙඹෙන්න පුලුවන්.ඒ වගේම …

දරුවා නිසා සැමියා ප්‍රතික්ෂේප කළ බිරිඳක්. Read More »

ගර්භනී වුණාම වැඩියෙන් ම ඕනෙ ආදරේ!

ලෝචනා ත්‍රීරෝද රථ රියදුරාගේ වේගය දරා ගත්තේ අපහසුවෙන්. ඔහු ටිකක් කලබලකාරී. ඒත් ලෝචනාට බයයි. මෙහෙම අස්ප කුලප්පුව හැදිලා වාහන යන්න පුලුවන්ද? “ත්‍රීවිල් වල ගියේ මොකටද? මං කිව්වේ වාහනයක යන්න කියලනෙ.” මේ කතාව කියන්න ගියොත් ජාලිය කියන්නේ එච්චරයි! ඒ හින්දා ලෝචනා රියදුරාට කතා කරන්න තීරණය කළා. “අනේ ටිකක් හෙමින් යං.” හෙමින් යන්න කාරණාව මතු වුණේ ඊටත් …

ගර්භනී වුණාම වැඩියෙන් ම ඕනෙ ආදරේ! Read More »

ගබ්සාවට විරුද්ධ වී හෘද රෝගී දියණියට උපත දුන් අම්මා

මවක වීම ලෝකයේ ඕනෑම ගැහැනියකට මිහිරිතම අත්දැකීමක්.දෙමාපියන් බවට පත් වන බව දැන ගැනීමෙන් සෑම යුවළක්ම සතුටට පත් වෙනවා. ප්‍රසව වෛද්‍යවරයෙකු මුණ ගැසී ඔවුන් තම ගර්භණීභාවය පිළිබඳ අලුත් දේවල් ඉගෙන ගන්නා විට සහ ඔවුන්ගේ දරුවාව තිරය මත චලනය වන ආකාරය දකින විට නව දෙමාපියන් බොහෝ හැඟීම් අත් දකිනවා මේ සත්‍ය කතාව අයත් යුවලට තමන්ගේ වෛද්‍යවරයා අනපේක්ෂිත …

ගබ්සාවට විරුද්ධ වී හෘද රෝගී දියණියට උපත දුන් අම්මා Read More »

දරුදුක

දුරකථනයට මුහුණ ඔබාගෙනම ටෙක්ලා කාර්යාලයට ඇතුළු වුණා.අප්‍රසන්න දෙයක් දැක්කා වැනි හැඟීමක් ඇගේ මුහුණේ පේන්නට තිබුණා ” ඔයා දැක්කද චාරුනීගේ බබාගේ birthday party එකේ photos ? “ ටෙක්ලා හඬ අවදි කළේ ඒ වෙනකොට කාර්යාලයට ඇවිල්ලා හිටපු කුමුදුට ඇහෙන්න ” අනේ ඔව් හරිම ලස්සනයි නේද ටෙක්ලා. පාටි එක ලස්සනට ඕගනයිස් කරලා තිබුන නේද ? “ කුමුදු ටෙක්ලා …

දරුදුක Read More »

පෙණ කැටියක පා කරලා – මගෙ දෝතට දූ ආවා

“කොහෙ යන්නද මේ ලෑස්තිය?” කල්ප එහෙම අහනකොටත් දර්ශි හිටියේ තෙත කොණ්ඩය පිහදාන ගමන්.හදිසි ගමනක් යන්න වගේ ලෑස්ති වෙන දර්ශි දිහා බලලා එහෙම ඇහුවට යන්නේ කොහෙද කියල කල්ප දන්නවා. “නංගිලාගෙ දිහා.කැවුම් හදන ගෙවල් අස් කරන වැඩ ඇතිනෙ කල්ප.කිරියායි කිරිබත් එකයි නම් හදන්නේ පස්සෙනෙ.” දර්ශි එහෙම කියනකොට කල්ප බිරිඳ දිහා බැලුවෙ නොරිස්සුමෙන්.අම්මා මගින් මගටම කියපු දේ කල්පට …

පෙණ කැටියක පා කරලා – මගෙ දෝතට දූ ආවා Read More »