hit counter code

හා හාමිගෙ අමුත්තෝ…..

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

හා හාමි ඔන්න කොහේදෝ මන්දා ගමනක් ගිහින් ගෙදර ආවා.ගේ ඇතුලට යන්න කලින් එයා පුදුම දෙයක් දැක්කා.මොකද්ද දන්නවද?ගෙදර දොර ගාව සපත්තු ගොඩයි.සීයකටත් වැඩියි.ආනේ මාව බලන්න මගේ යාලුවො ඇවිත් වගේ කියලා හා හාමි සතුටින් හිතුවා.කාලෙකින් යාළුවන්ව හම්බවෙන්න කතා කරන්න බැරිවුණ නිසා එයාලා හා හාමිව බලන්න එන්න ඇති.ඒත් ඒ එක්කම හා හාමිට මතක් වුනා ගෙදර කෑම බීම මුකුත්ම නෑ නේද කියලා.කාලෙකින් ආව යාළුවන්ට හොඳට සංග්‍රහ කරන්නත් ඕනනෙ.ඒ නිසා එයා  ගේ ඇතුලට ගියේ නැහැ.ඉක්මනින් හොරෙන්ම ගේට්ටුවෙන් පිටවුණා..ඉක්මනින් ම හැරුණා.කඩේට දිව්වා.තමන්ව පුදුම කරන්න නොකියා ආව යාළුවන්ට,පුදුම හිතෙන සංග්‍රහයක් කරන්න හා හාමිට ඕනවුණා.

ඒක ලොකුම ලොකු සුපර් මාකට් එකක්.ඉතින් හා හාමි බඩු දාන්න ලොකුම ලොකු කරත්තයක් ගත්තා.රාක්ක වටේ ඇවිද ඇවිද යාළුවන්ට සංග්‍රහ කරන්න සුදුසුයි කියලා හිතෙන දේවල් තෝරන්න ගත්තා.ඒ ඒ අය ආස කෑම මොනවද කියලා කල්පනා කරමින් කිසිම අඩුවක් නොවෙන්න කෑම ජාති,බීම ජාති කරත්තයට දා ගත්තා.දැන් කරත්තයේ බඩු කොච්චර ද කියනව නම් හා හාමිව පේන්නෙත් නැහැ.

ඔන්න ඉතින් කරත්තයත්  තල්ලු කරගෙන හා හාමි ගෙදර එන්න පිටත් වුණා.සතුට වැඩි කමට සිංදුවකුත් කියවුණා.හා හාමිගේ සංග්‍රහය දැකලා පුදුම වෙන යාළුවන්ගෙ මුහුණු එයා කලින්ම මවා ගත්තා.

ඔන්න ඉතින් හා හාමි හෙමින් හෙමින් ගෙට ඇතුල් වුණා.කෝ මේ යාළුවෝ…..හා හාමි හිතුවෙ ගේ ඇතුලේ ඉඩ මදිත් වෙලා ඇති කියලා.ඇයි සපත්තු ගොඩක් දොර ගාව පිරිලානෙ.කෝ මේ ආව අය,මාව පුදුම කරවන්නත් එක්ක හැංගිලාවත්ද ?එහෙම හිතපු හා හාමි සීරුවට වටපිට බැලුවා.

හාන්සි පුටුවේ දිග ඇදිලා හිටිය යාළුවා දැක්ක හා හාමිට ඔන්න එතකොටයි වුනේ මොකද්ද කියලා තේරුණේ.ඇවිත් තිබ්බෙ හැකරැල් හාමි.අල්ලපු ගමේ යෝධ හැකරැල් හාමි.එයා අනික් හැකරැල්ලන්ට වඩා ගොඩක් ලොකු නිසා හැමෝම එයාට යෝධයා කිව්වා.එයා හා හාමිටත් වඩා ටිකක් උසයි.හැකරැල් හාමි එයාගෙ සපත්තු ඔක්කොම ගලවලා සනීපෙට නිදි.

හරිම වැඩේ,දැන් මොකද කරන්නෙ?කකුල් ගොඩක් තිබ්බට යෝධ හැකරැල් යාළුවට තියෙන්නේ එක කටයිනෙ.ඒ කටින් කොහොමද මෙච්චර කෑම කන්නෙ.කැලේ යාළුවෝ ඔක්කොටම කන්න තරම් කෑම බීම හා හාමි අරන් ඇවිත් තියෙන්නෙ.

හා හාමිට නොදැනීම “අනේ අපරාදෙ මම කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව කරපු වැඩේ’’කියලා දුකින් කියවුණා.ඔන්න එතකොටම ඒ සද්දෙට නින්ද ගිහින් හිටිය හැකරැල් යාළුවටත් ඇහැරුණා.එයා හරිම සතුටින් හා හාමිව වැලඳ ගත්තා.

“හා හාමි ඔයා ආවද?මම ඔයාට ආරාධනාවක් කරන්නයි මේ ආවෙ,ඔයා මගේ හොඳම හොඳ යාළුවනෙ ඉතින්,ඒ නිසා ඔයා එනකම්ම හිටියා.ඔයාට මතකද අද දවස ? ඔයාට අමතක වෙන්න විදියක් නම් නැහැ.”

ඔන්න එතකොටම හා හාමිට මතක් වුණා.අද හැකරැල් යාලුවාගේ උපන්දිනය.හා හාමිට එයාගෙ උපන් දින සාදයට ආරාධනා කරන්නයි එයා ඇවිත් තියෙන්නෙ.ඔන්න හා හාමිට එක පාරටම හොඳ අදහසක් මතක් වුණා.

“යාළුවේ,ඔයාගෙ උපන් දිනයට මගේ ගානෙ සාදයක් සූදානම් කරන්නම්.මම දැනටමත් ඒකට ඕන ඔක්කොම බඩු අරගෙන ඇවිල්ලයි තියෙන්නේ”

හැකරැල් යාළුවට හරිම සතුටුයි.එයා ගෙයින් එලියට ඇවිත් බැලුවා.ඇත්ත නේන්නම්.කරත්තයක් පිරෙන්න නා නා ප්‍රකාර බඩු.එයා ආයෙමත් හා හාමිව වැළඳගෙන  ස්තුති කළා.ඔන්න ඉතින් දෙන්න එක්කම කැලේ වටේම ගිහින් කැලේ යාළුවෝ ඔක්කොටම හවස සාදයට ආරාධනා කලා.යාළුවන්ගෙන්  කීප දෙනෙක්ම උදව් කරන්න වේලාසනින්ම ආවා.

ඔන්න ඉතින් එදා හවස සාදය ජයටම පැවැත්වුණා.තෑගි බෝග ගොඩක් අරන් හැම පැත්තකින්ම වගේ යාළුවො ආවා.කෑම බීම ජයටම තිබුණා.කාටවත්ම පොඩ්ඩක්වත් මදි වුණේ නම් නැහැ.

තමන්ට ලැබුණ තෑගි බෝග වලින් ලොකු කොටසක් හා හාමිට දෙන්නත් හැකරැල් යාළුව අමතක කලේ නැහැ.

හා හාමි වගේ යාළුවෙක් ලැබුණේ වාසනාවට කියලා හැකරැල් යාළුවා හැමෝටම කිව්වා.වෙච්චි වැඩේ දන්නෙ හා හාමියි අපියි විතරයිනෙ.නේද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »
Stories

ලෝකෙ ඉන්නෙ අපි විතර ද?

“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන්

Read More »
Stories

ආන්‍යාට අමුතු තෑග්ගක්

ආන්‍යාගේ අම්මාගේ බන්ඩි ගෙඩිය ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා.අම්මාට මොකද වෙන්නේ?ආන්‍යාට හොඳටම බය හිතුණා.අම්මා නිතර නිතර බඩ පෙන්වන්න දොස්තර මාමා ගාවට ගියා.එතකොට ආන්‍යාව බලාගන්න

Read More »