hit counter code

සිඟිත්තාට නින්ද පුහුණු කරන්නේ කොහොමද ?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest


ඔයාගේ ගෙදරත් පුංචි පැටියෙක් ඉන්නවද ? එහෙනම් අනිවාර්යෙන්ම ඔයාගේ නින්ද
හොරු අරන් ගිහින් වෙන්න ඕනී. ඔව් හැම අම්මා කෙනෙක්ම චූටී පැටියා වෙනුවෙන්
තමන්ගේ නින්ද කැප කරන්න ලෝබ වෙන්නේ නැහැනේ. ඒත් නින්ද නැතිවීම ඔබව
කායිකව හා මානසිකව වෙහෙසට පත් කරනවා. වෙනදාට වඩා දැන් සිඟිත්තාගේ කටයුතු
වලට ඔබට බොහෝ වේලා ගත කිරීමට සිදු වන නිසා නිවසේ කටයුතු , රැකියා කටයුතු
මේ සියල්ලම කළමණාකරනය කරගන්න අපහසු වෙනවා. ඉතින් නුවණක්කාරම වැ‌ඩේ
තමයි දරුවන් ස්වාධින පුද්ගලයන් ලෙස කුඩා කල සිටම පුරුදු පුහුණු කිරීම. චූටී පැටව්
නිදි කරන ඒක නම් ලේසී පහසු කටයුත්තක් නෙමේ. අන්න ඒ නිසාම අපේ චූටී පැටියට
නින්ද පුහුණු කළොත් නම් ඒක ඔයාට විශාල සැනසීමක් වෙයි.


චූටී පැටවු සාමාන්‍යයෙන් රාත්‍රි කාලයේ වාර 13-15 පමණ අවදිවන බව මහාචාර්ය
මැකනො පර්යේෂණයකින් අනාවරණය කරගෙන තියෙනවා. මේ අවදි වන අවස්ථා වල
හෘද ස්පන්ධන වේගය ඉහළ යන අතර සිඟිත්තාගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම ඉහළ
තත්වයකට පත්වෙන බවත් එය දරුවාගේ මාංෂ පේශී වර්ධනය හා ප්‍රතිශක්තීකරණය
ඉහළ නැංවීමට හේතු වෙන බවත් කියනවා. නමුත් මේ තත්වය ඔබට නම්
වෙහෙසකාරීයී.

නින්ද පුහුණු කරන්නත් දෙයක්ද ?

ඔව් නින්ද කියන්නෙ පුහුණු කළ යුතු දෙයක් . විශේෂයෙන්ම කුඩා දරුවන්ට තනිවම නිදා ගැනීමටත්, දිගු වෙලාවක් නිදා ගැනීමටත් හුරුකරවීමෙන් ඔවුන් රාත්‍රියේ කිහිපවිටක් අවදි වුවත් තනිවම නිදා ගන්නවා නම් මවක් විදිහට ඔබට එය විශාල අස්වැසිල්ලක්.

දරුවන්ට නින්ද පුහුණු කිරීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා


1- Cry It out method
2- The no tears method
3- Hybrid method
4- Fading Method
5- Pick up put down and shush pat

Cry It out method

සිඟිත්තා නිදාගැනීමට සූදානම් කර තොටිල්ලේ තබා කාමරයෙන් පිටවන්න. ඔව්, ඔබ
සිතුවා නිවැරදියි. ඔබේ රුව සිඟිත්තාගේ ඇස්මානයෙන් ඉවත් වූ සැනින් ඔහු හෝ ඇය
හඬන්නට පටන් ගනීවී. එහෙත් ඔබට කලබල නොවී මොහොතක් ඉවසන්න වගේම
දරාගන්නට සිදුවෙනවා. සිඟිත්තා හැඬීමෙන් ඔහුගේ අරමුණ ඉටු නොවන බව හැඟුණු පසු සිඟිත්තා තනිවම නින්දට වැටෙනවා. මෙය දින කිහිපයක් සිදු කළ විට දරුවා
තනිවම නිදා ගැනීමට පුහුණු වෙනවා.

The no tears method – කඳුලු නොසලන ක්‍රමය

ඔබේ සිඟිත්තා තොටිල්ලේ තබා ඉවත් වන්න. නමුත් දරුවා හඬනවා නම් ඔහුව අතට
නොගෙන තොටිල්ලේ ම තබා නලවා ගැනීමට උත්සහා කරන්න. පළමු දින දෙක තුන
තුල දරුවාට නින්ද යන තුරු ඔබ දරුවාගේ තොටිල්ලට සමීපයෙන් ඔහුට හෝ ඇයට
පෙනෙන මානයේම සිටින්න. පසුව දිනෙන් දින ක්‍රම ක්‍රමයෙන් තොටිල්ලෙන් ඈත්ව යන්න.
ටික දිනක් ගත වූ විට ඔබේ සිඟිත්තා තනිවම නිදා ගැනීමට හුරුවේ.

Hybrid method

මෙය ඉහත කාරණා දෙකෙහිම එකතුවකි. ඔබට තීරණය කරන්න පුලුවන මේ ක්‍රමදෙකේ
සංකලනය තුලින් සිඟිත්තා ට නින්ද පුහුණු කරන්න.

Fading Method – ක්‍රමයෙන් දරුවාගෙන් ඉවත් වීම

ඔබ දැනටමත් දරුවා නිදි කරවීමට යොදා ගන්නා ක්‍රමයම තව දුරටත් යොදා ගන්න
පුලුවන්. ඔබ දරුවා නිදි කරවන්නේ කිරි දෙන අතර තුර, උකුලේ තබාගෙන නැළවීමෙන්
හෝ නැළවිලි ගීත ගායනා කරමින් නම් එහි කිසිඳු වෙනසක් කිරීමට අවශ්‍ය වෙන්නේ
නැහැ. ඔබ කළ යුත්තේ දරුවා ළඟ ඔබ සිටින කාලය ක්‍රමයෙන් අඩු කරගැනීමයි. මෙය
දරුවා හඬනවාට අකමැති ඔබට වඩාත් උචිතම ක්‍රමයක් වෙයි.

Pick up put down and shush pat

මෙම ක්‍රමයට මවත් සිඟිත්තාත් දෙදෙනාම කැමති වේවි. සිඟිත්තා හඬනවා නම් ඔබේ
තුරුලට ගෙන නළවා නැවත තොටිල්ලෙන් තබන්න පුලුවන්. අම්මගෙ උණුහුමෙන් මිදුණු
ගමන් සිඟිත්තා නැවත හඬනවා නම් නැවත ඔබේ තුරුලට ගෙන නළවා තොටිල්ලෙ
තබන්න. නැතහොත් දරුවා අවදි වූ විට සිහින් හඬින් ශ්ශ්ශ් ලෙස හඬ නගමින්
සිඟිත්තාගේ පිටට හෝ තට්ටම ප්‍රදේශයට තට්ටු කරන්න.


සාමාන්‍යායෙන් සිඟිත්තාට නින්ද හුරු කරවීමේ දී අලුත උපන් සිඟිත්තන් මවගේ
ඇස්මානයේම තොටිල්ලක තැබීම කළ යුතුය.

ළදරුවන්ට හොඳ නින්දක් වඩා හොඳ මතකයක් ලබාගැනීමට වගේම පරිසරය පිළිබඳව
ඉගෙන ගැනීමටත් වැදගත් වෙනවා. නින්ද ස්නායු පද්ධතියේ වර්ධනයට උපකාර කරන
අතර මතකය හා සංවේදක උත්තේජනය නැංවීමටත් හේතු වෙනවා. ළදරුවන්ගේ
ආතිතය අඩු කිරීමට නින්ද වැදගත් වෙනවා. රාත්‍රිය පුරාවට මවගේ කිරි බීමෙන් දත් දිරා
යන ගැටලුවට විසඳුමක් දරුවන් තනිවම නින්දට හුරු කිරීම තුලින් ලැබෙනවා.

නින්ද පුහුණු කිරීමෙන් ඔබටත් ආතතියෙන් තොර සැහැල්ලු ජීවිතයකට හිමි කම්
කියන්න පුලුවන් නිසා නිවස පුරාම සාමය සතුට පිරිලා ඉතිරිලා යාවී.

සටහන – දිශාන්ති වෙදගේ

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Nutrition

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපේ ආහාර පුරුදුවලින් මෙවැනි බෝ නොවෙන රෝග වළක්වන්නට දෙමව්පියන් විදිහට ඔබට හැකියාව

Read More »
Nutrition

පොඩ්ඩන්ට ගෙදරදිම පෝෂණීය හොට් චොක්ලට් බීම හදමු ද?

Hot Chocolate Drink කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් Hot Chocolate Drink එකක් හදා ගන්න නිවැරදි ආකාරය ගැන අපි බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.අපි

Read More »