hit counter code

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ  එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ  වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවකි. දරුවකු  පූර්ව ළමා වියේ දී ලබාගන්නා පන්නරය, ඔවුන් අනාගතයේදී ලෝකය ඉදිරියේ අභිමානයෙන් නැගී සිටිමට සෘජුවම බලපායී. පෙර පාසල දරුවාගේ ජීවිතයේ සූවිශේෂිතම සංධිස්ථායකි. එහෙයින් දෙමාපියන් තම සිඟිති දියණිය හෝ පුතු  පෙර පාසලකට ඇතුලත් කරන්නට පෙර සැලකිලිමත් විය යුතුමය. 

දෙමාපියන් විසින් දරුවාට පෙර පාසලක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද ?

ප්‍රථමයෙන්ම ඔබ ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන පෙර පාසල රජයේ ලියාපදිංචියද යන්න සොයා බැලිය යුතුය.

■ එම පෙර පාසලට ගොස් එකී පරිසරය පිළිබඳ දළ අදහසක් ලබා ගත යුතුය. 

  • සුහද ආදරණීය පරිසරයක් තිබෙනවාද? 
  • ගුරුවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් මොනවා ද? 
  • දරුවන්ට උගන්වන විෂය නිර්දේශය හා ක්‍රියාකාරකම් පිළිබඳව 
  • දරුවන්ට නිසි ආරක්ෂාව, ආදරය හා රැකවණය මේ අලුත් පරිසරයෙනුත් හිමි වෙනවාද?
  • පෙර පාසල් කාලය තුලදී දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ පෙර පාසල තුල අනාරක්ෂිත ස්ථාන තිබෙනවාද?

යන කරුණු කාරණා සොයා බැලිය  යුතුය.  පෙර පාසලක් තුල දරුවාට  ප්‍රීතිමත් ලෙස අනුගත වීමට හැකි වන්නේ එම කාරණා මතය. සැර පරුෂ ගුරුවරුන් සිටින, කලබලකාරී පරිසරයක කිසිවිටකත් දරුවන්ට සුරක්ෂිත හැඟිමක් හෝ ප්‍රීතිමත් බවක් ඇති නොවේ. එය දරුවන්ගෙ ළමා මන‍සේ පෞරුෂත්වයටත් සෘජුවම බලපායී. 

■ පෙර පාසලේ මාසික සහ වාර්ෂික සැලැස්ම ප්‍රදර්ශනය කර තිබේ නම් පෙර පාසල සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව දෙමාපියන්ට අදහසක් ලබා ගැනීමට හැකිය. එසේම එම පෙර පාසල  සංවිධානාත්මක මනා  සැලැස්මක් යටතේ ක්‍රියාත්මක ආයතනයක් බව ද සාක්ෂියකි.

■ දරුවන්ගේ සනීපාරක්ෂක කටයුතු සම්බන්ධයෙන්ද පෙර පාසලේ තිබෙන ක්‍රමවේදයන් මොනවාද යන්න පිළිබඳ දැනුවත් වන්න. පෙර පාසල් දරුවන්ට තනිවම වැසිකිලියට යාමට අපහසු ය. එනිසා දරුවන්ට අපහසුතාවයක් නොවන පරිදි එම කටයුතු සිදුකරන්නේ කෙසේ ද යන්න පිළිබඳ දැනුවත්  වන්න.

■ පෙර පාසලක් තෝරා ගැනීමේදී පෙර පාසල ඉඩ පහසුකම් තිබෙන තැනක් වීමත් ඉතා වැදගත්. දරුවන්ගේ මාංෂ පේෂීන් වල ක්‍රියාකාරීත්වය සඳහා ඔවුන්ට නිදහසේ දුවන්නට , පනින්නට සෙල්ලම් කරන්නට තරම් නිදහස් වටපිටාවක් තිබිය යුතුය. මන්ද පෙර පාසලක් තුල අකුරු ලිවීමට වඩා හසුරු කුසලතා චාලක කුසලතා , සෞන්දර්ය කුසලතා ආදී කුසලතා  ඔප නැංවීමට කරන ක්‍රියාකාරකම් සඳහා සුදුසු ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. වැලි මුල්ල, කතන්දර මුල්ල, සෙල්ලම් මුල්ලා ආදී මුලු සංවිධානය කර ඇත්නම් වඩා හොඳය.

■ දරුවාට ඉක්මණින් සහ පහසුවෙන් ළඟා විය හැකි දුරක පෙර පාසලක් තෝරා ගැනීමට උනන්දුවන්න. පෙර පාසැල් යන දරුවන්ට දිනපතා වැඩි දුරක් ගමන් කිරීම වෙහෙසකාරීය. එනිසා දෙමාපියන් පෙර පාසලක් තෝරා ගැනීමේදී පෙර පාසල නිවසේ සිට පාසලට ඇති දුර ප්‍රමාණය ගැන සිතිය යුතුමයි. 

■ තවත් වැදගත් කාරණයක් වන්නේ පෙර පාසල දරුවාට ප්‍රියමනාප සුහදශීලී ස්ථානයක් වීමය.  සෑම දිනකම දරුවා පෙර පාසලට ඇතුල් වන විට ආදරයෙන් පිළිගෙන ඔහුගේ හෝ ඇයගේ පැමිණීම පිළිබඳ සතුටු වෙමින් ඔවුන් පිළිගන්නා තැනක් නම් දරුවාට එය සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. තමන් වෙනුවෙන් පිරිසක් බලාගෙන සිටින බව දන්න නිසා ඔවුන්ට ඔවුන් ගැනම ආත්මාභිමානයක් ගොඩ නැගේ.

■ දරුවන්ගේ සිත් ගන්නා ආකාරයට ගොඩනැගිලි අලංකාර වර්ණ වලින් වර්ණ ගන්වා සිතුවම් කර තිබීම, පන්ති කාමර තුළ මේස, පුටු ,රාක්ක ,පැදුරු ,සෙල්ලම් බඩු හා පොත් පත් ආදිය ක්‍රමවත්ව ස්ථානගත කර තිබීමත් වැදගත්.

■ පෙර පාසලේ මිදුල ආරක්ෂාකාරීව දැකුම්කළු බවකින් තිබීමෙන් දරුවාට සතුටින් නිදහස්ව ඒ පරිසරය තුළ ගත කරන්නට හැකි වන විට පෙරපාසල දරුවාගේ සිත් ගත් සුන්දර ස්ථානයක් වේ. එවිට අයාසයකින් තොරව දරුවා පෙර පාසලට අනුගත වේ. 

පෙරපාසල යනු දරුවෙක් බාහිර ලෝකය සමඟ ප්‍රථම වරට ගණුදෙනු කරන ස්ථානයයි. ප්‍රථම වරට සමාජය ඉදිරියේ දරුවා තමන් පිළිබඳ ආත්ම විශ්වාසයක්, ආත්මාභිමානයක් ගොඩනගා ගන්නේ පෙර පාසලෙන්ය. එනිසා පෙර පාසලක් යනු අකුරු උගන්වන, පොතේ දැනුම ලබා දෙන ස්ථානයක් පමණක් ම නොවන බව දෙමාපියන් වටහාගත යුතුය. දරුවන්ගෙ නිර්මාණශීලීත්වය, කුසලතා හා ආකල්ප සහ පෞරුෂත්වයට පෙර පාසලෙන් සුවිශේෂී බලපෑමක් එල්ල කරයි. එනිසා ඔබේ දරුවාට පෙර පාසලක් තෝරා ගැනීමේ දී මෙම කරුණු කාරණා පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න. 

සාකච්ජාව සහ සටහන

දිශාන්ති වෙදගේ

තොරතුරු ලබා දුන්නේ

සෙව්වන්දි පෙරේරා මහත්මිය.

මනෝ විද්‍යා දේශක/ මනෝවිද්‍යා පුහුණු උපදේශිකා

“ප්‍රායෝගික ජීවිතයට මනෝ විද්‍යාව” ව්‍යාපෘතියේ නිර්මාතෘ

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Parenting

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා.

Read More »
Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »