hit counter code

මිමී – පුංචි දළඹුවා

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මීම් කියන්නෙ පුංචි දලඹු පැටියෙක්.එතරම් ලස්සන නැති එක්තරා මිටියාවතක එයා ජීවත්වුණා.මීමී එක්ක දලඹු යාළුවෝ ගොඩක් ඉපදුණා.ඒ හැමෝගෙම බලාපොරොත්තුව ඉක්මනින්ම ලස්සනම ලස්සන සමනලයෙක් වෙලා ඉගිලිලා යන්න.ඒත් මිමී……ඔව් මිමීට ඕනෙ නැහැ සමනළයෙක් වෙන්න.එයාට ඕන හැමදාම දලඹුවෙක් වෙලා ඉන්න.දලඹුවෙක් වෙලා මට කරන්න වැඩ ගොඩක් තියෙනවා.එයා නිතරම කිව්වා.

යාළුවන්ට මිමී ගැන හරිම පුදුමයි.මීට කලින් එහෙම දෙයක් එයාලා අහලා තිබුණේ නැහැ.එයාලා දන්න හැම දලඹුවම මග බලාගෙන හිටියේ සමනලයෙක් වෙන්න.ලස්සන පිහාටු දෙකක් අරන් ඉගිලෙන්න.ඉතින් යාළුවො,නෑයො හැමෝම මිමීට අවවාද කරන්න පටන් ගත්තා.සමහරු නම් හිතුවා මිමීට ලෙඩක් හැදිලා කියලත්.ඇයි ඉතින් මෙහෙම දෙයක් කවදාවත් වෙලා නැහැනෙ.

ඉතින් ඔන්න දලබුවො කෑම කාලා,ශක්තිමත්ව වැඩිලා,කෝශ හදන කාලෙත් ආවා.මිමී ඒ මුකුත්ම කලේ නැහැ.එයා අතු ඉති දිගේ බඩ ගාමින් විවිධ දේවල් බැලුවා.කෝශ හදන අයට උදව් කළා.කමින් බොමින් සතුටින් හිටියා.

ඔන්න ඉතින් මිමීගෙ යාළුවො ඔක්කොම කෝශ ඇතුලේ.එයාලා නැවත එලියට එන්නෙ සමනලයෙක් වෙලා.කෝශ ජීවිතේ කෙටි එකක් නෙවෙයි.තරමක් දිග එකක්.එයාලා කෝශ ඇතුලේ ඉන්න විට මිමී එයාගෙ ජීවිතේ ගත කරන්න ලස්සන පුංචි ගෙයක් හදා ගත්තා.හැම තැනම ඇවිදලා සිරි නැරඹුවා.එයාගෙ තරමෙ පොඩි පොඩි පණු යාලුවො,කෘමි යාළුවො ගොඩක් අඳුන ගත්තා.එයාලා එක්ක සෙල්ලම් කලා.ඒ අතරෙ තමන්ගෙ මිතුරන් ඉන්න කෝශ ලඟට ගිහින් එයාලා එක්ක කතා කරන්නත් මිමී අමතක කලේ නැහැ.එයාලට තනි කමක් දැනෙනවට එයා කැමති වුණේ නැහැ.ඒ විතරක් නෙවෙයි කෝශ සතුරන්ගෙන් ආරක්ෂා කරගන්නත් මහන්සි වුණා.අනෙක් යාළුවන්ගෙන් උදව් ගත්තා.මීට කලින් මෙහෙම දෙයක් කවදාවත් වෙලා තිබුණේ නැහැ.බොහෝ කෝශ කාගේ හරි කෑමක් වුණා.ඒත් මේ සැරේ මිමී ඒවා රැක ගන්න මහන්සි වුණා.එයාගෙ යාළුවො ඔක්කොම කෝශ වටා ආරක්ශක වලල්ලක් හැදුවා.

ටික කලක් ගතවුණා.ඔන්න කෝශ වලින් සමනල්ලු එළියට එන්න පටන් ගත්තා.මේ සැරේ කෝශ හැම එකකින්ම වගේ සමනල්ලු එලියට ආව නිසා පරිසරයම සමනලුන්ගෙන් පිරුණා.හරිම ලස්සනයි.පාට පාට,ලොකු පොඩි,දිග කොට හරිම ලස්සන සමනල්ලු හැම හැම තැනම.කිසිම කෙනෙක් මීට කලින් එහෙම ලස්සනක් දැකලා තිබුණේ නැහැ.

සමනල්ලු ආව සතුටට ලස්සන ලස්සන මල් හැම තැනම පිපුණා.සමනල්ලු ඒ මල් වලින් පැණි බිව්වා.මල් තව තව පිපුණා.මුලු පරිසරයම සුවඳින් පිරී ගියා.ගස්වල ගෙඩි හට ගත්තා.කාටවත් කෑම අහේනියක් ආවේ නැහැ.ඒ පරිසරයේ සිටින හැමෝගෙම සිත් සතුටින් පිරුනා.ඉතින් මීට පෙර නොවූ මේ අරුම පුදුම දේට හේතුව හොයන්න එයාලට ඕන වුණා.එහෙම වෙන්න හේතුව මිමී බව එයාල ඉක්මනින්ම තේරුම් ගත්තා.මිමී සමනල කෝශ රැකගත් නිසායි මෙහෙම වුණේ.හැමෝම කතාවුණා.

ඔන්න අද ලොකු උත්සවයක්.ඒ අවට ඉන්න හැමෝම උත්සවයට ආරාධනා ලැබුවා.මිමීටත් ආරාධනාවක් ලැබුණා.මිමී සුපුරුදු පරිදි එයාගෙ ගෙදර සතුටින්,අනෙක් අයට උදව් කරමින් ජීවත්වුණා.ඔන්න ඉතින් උත්සවය දවසේ මේ මුකුත්ම දන්නෙ නැති මිමීත් ලස්සනට පිළිවෙලට සැරසිලා උත්සවයට ආවා.

ඒ වන විටත් ලෝකයේ ලස්සන මිටියාවත එයාල ජීවත් වෙන මිටියාවත බව එයාලා තේරුම් අරන් තිබුණා විතරක් නෙවෙයි ලෝකෙ හැම පැත්තකින්ම මේ මිටියාවත බලන්න සංචාරකයො ආවා. “සමනළ මිටියාවත”එයාල මිටියාවත හැඳින්වීමට අලුත්ම නමකුත් දුන්නා.

සමනල මිටියාවතේ විශේෂ පුද්ගලයෙකුට උපහාර පුදන්න වේදිකාව සූදානම්.මිමී ගේ නම කියද්දී මිමී පුදුම වුණා.ඔව් ඒ විශේෂ පුද්ගලයා මිමී.මල් මාලා,තෑගි බෝග,අගය කිරීම් නිමක් නැහැ.ඒ විතරක් නෙවෙයි.සමනළ මිටියාවතේ නායකයා විදියටත් මිමීව තෝරගන්න හැමෝම කැමති වුණා.

ඔන්න ඉතින් සමනලයෙක් නොවී දලඹුවෙක් විදියට මිමී ගොඩක් කල් ජීවත්වුණා.සමනල මිටියාවත සමනලයින්ගෙන් පිරුණා.ලස්සන සුවඳ මල් වලින්,කෑම බීම වලින් කවදාවත් සමනල මිටියාවතට අඩුවක් වුණේ නැහැ.

චම්මි ඉරේෂා කරපුටුගල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Children

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ

Read More »
Children

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා

වට්ටක්කා කුඩා දරුවන්ට ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. ඉතා හොඳින් දිරවන එහි ඉහළ පෝෂණ ගුණය නිසා එය “සුපිරි ආහාරයක්”  ලෙස සැලකේ. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ප්‍රධාන

Read More »
Children

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු.

ඇස් ලෙඩ එහෙමත් නැත්නම් ඇස්වල ඇතිවන ආසාදන අවුරුදු 5ට අඩු දරුවන් අතර සුලබව දකින්න පුලුවන්. මේ ආසාදිත තත්වය ඇතිවෙන්නෙ ඇසේ සුදුපාට කොටස ආවරණය කරගෙන තියෙන

Read More »