hit counter code

Children

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු.

ඇස් ලෙඩ එහෙමත් නැත්නම් ඇස්වල ඇතිවන ආසාදන අවුරුදු 5ට අඩු දරුවන් අතර සුලබව දකින්න පුලුවන්. මේ ආසාදිත තත්වය ඇතිවෙන්නෙ ඇසේ සුදුපාට කොටස ආවරණය කරගෙන තියෙන පටලයෙයි (Conjunctiva). මේ කොටස රතුවෙලා ඉදිමීම සිදුවෙනවා. ඇස් ලෙඩ එහෙමත් නැත්නම් conjunctivitis ඇතිවෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ආසාදන තත්වයක් හෝ ආසාත්මික තත්වයක්. ආසාදන තත්ව නිසා ඇතිවෙන ඇස් ලෙඩ ඉතාම ඉක්මනින් […]

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු. Read More »

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු

ධාන්‍ය වලින් පොඩ්ඩන්ගේ වර්ධනයට උපකාරී වෙන්නේ සුලු පටු අයුරින් නෙවෙයි. ඒත් පොඩ්ඩෝ ධාන්‍ය කන්න ටිකක් අකමැතියි. ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ උපක්‍රමයක් තමයි මේ.. එයාලා එක්කම මේ පුඩිම හදන නිසා එයාලා මේක අනිවාර්යයෙන් ආහාරයට ගනීවි. අවශ්‍ය දේවල් තමයි මේ.. කඩල  පිටි ග්‍රෑම්50 මුං ඇට ග්‍රෑම් 20 කුරක්කන් මේස හැන්දක් නැවුම් කිරි

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු Read More »

මේ රස්නෙ දවස්වල බබාලව විශේෂයෙන් බලන්න ඕනෙ කොහොමද ?

මේ ගතවෙන්නෙ ලංකාවට රස්නෙ වැඩිම කාලයක්. එලියට බහින්න බැරිතරම් උණුසුම් කාලගුණයක් තමයි මූලු ලංකාවටම තියෙන්නෙ. වැඩිහිටි අපිට මෙච්චර අපහසු නම් පුංචි පැටව් මේ රස්නෙ දරාගන්නෙ කොහොමද! අද ලිපිය මේ කාලෙ බබාලව බලාගන්න විදිය ගැන. ගොඩක්ම උණුසුම් කාලවලදී බබාල අසනීප වෙන්න පුලුවන්. ගොඩක්ම වෙන්නෙ විජලනය, හිරුඑලියට නිරාවරණය වීම නිසා සමේ පිලිස්සීම්  සහ දරුණුම තත්ත්වය වෙන Heat

මේ රස්නෙ දවස්වල බබාලව විශේෂයෙන් බලන්න ඕනෙ කොහොමද ? Read More »

බබාලටත් කන්න පුලුවන් අඩුසීනි Nutella ගෙදර ම හදමු

Nutella හරි ම රසවත් චොක්ලට් තැවරුමක්. ඒත් අධික සීනි ප්‍රමාණයක් අඩංගු වෙලා හින්දා අම්මලා බබාලට දෙන්න අදිමදි කරනවා.ඒ  වගේ ම දැන් Nutella දරන්න බැරි තරම් මිලයි. ඉතින් බබාලටත් කන්න පුලුවන් වෙන්න, මිලත් අඩුවෙන් ගෙදර ම Nutella හදාගන්න හැටි අද ඔබට කියා දෙන්නයි යන්නේ.  මේ සෑම ද්‍රව්‍යයක්ම දරුවාට හඳුන්වා දුන්, අසාත්මික නොවන අමුද්‍රව්‍ය බවට වගබලාගන්න.  අවශ්‍ය

බබාලටත් කන්න පුලුවන් අඩුසීනි Nutella ගෙදර ම හදමු Read More »

පුංචි පැටියා කතා කරන්න පරක්කු ඇයි?

ඔබේ පුංචි පැටියා ටිකෙන් ටික ලොකු වෙනකොට, බහ තෝරන්න පටන් ගන්නකොට, අම්මෙක් විදියට ඔබ කොච්චර සතුටු වෙනවද. ඒ වගේම තමයි පැටියා කතා කරන එක පොඩ්ඩක් හරි පරක්කු වුණොත්? ඒක හැම අම්මෙක්ටම ලොකු ගැටලුවක්. සමහර දරුවන්ට ඒක ඉබේම හරියන්න පුලුවන්. තවත් දරුවෙක්ට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ හින්ද සාමාන්‍ය හා අසාමාන්‍ය දේ ගැන ඔබ දැනගෙන සිටීම

පුංචි පැටියා කතා කරන්න පරක්කු ඇයි? Read More »

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද?

පවතින වසංගතයෙන් ආරක්ෂා කර ගන්න හුඟක් දෙමාපියන් තම දරුවන්ට වෛද්‍ය උපදෙස් නොමැතව vitamin C ලබා දීමට මේ වෙද්දී පෙළඹිලා ඉන්නවා.ඇත්තටම එය ඵලදායී දෙයක්ද? නැත්නම් අපේ දරුවන්ට මෙය අහිතකරද මේ ලිපියෙන් කතා කරන්නෙ ඒ පිළිබඳවයි. මොනවද මේ Vitamin C කියන්නෙ? විටමින් කියන්නේ. ශරීර වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය කුඩා කාබනික සංයෝගයන්. ශරීරය තුළ නිපදවා ගන්න බෑ.ඒ නිසා

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද? Read More »

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද?

“ඔටිසම්” (මනෝවික්ෂිප්ත බව) යනු දරුවන්ගේ ස්නායු සංවර්ධන ක්‍රියාවලිය (neuro Development) සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සහගත තත්ත්වයක්. “ඔටිසම්” තත්ත්වය විවිධ අදියර ලෙස (Autism Spectrum Disorder) පුළුල් පරාසයක පවතින නිසා එහි ලක්ෂණ එසේත් නැත්නම් ගැටළුකාරී තත්ව එක් දරුවෙකුගෙන්  තවත් දරුවෙකුට බොහෝ සෙයින් වෙනස් විය හැකියි. මෙහිදී ප්‍රධාන වශයෙන් දරුවාගෙ සමාජ සන්නිවේදනය සම්බන්ධ ගැටළු හා චර්යා රටාව සම්බන්ධ ගැටළු

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද? Read More »

මිමී – පුංචි දළඹුවා

මීම් කියන්නෙ පුංචි දලඹු පැටියෙක්.එතරම් ලස්සන නැති එක්තරා මිටියාවතක එයා ජීවත්වුණා.මීමී එක්ක දලඹු යාළුවෝ ගොඩක් ඉපදුණා.ඒ හැමෝගෙම බලාපොරොත්තුව ඉක්මනින්ම ලස්සනම ලස්සන සමනලයෙක් වෙලා ඉගිලිලා යන්න.ඒත් මිමී……ඔව් මිමීට ඕනෙ නැහැ සමනළයෙක් වෙන්න.එයාට ඕන හැමදාම දලඹුවෙක් වෙලා ඉන්න.දලඹුවෙක් වෙලා මට කරන්න වැඩ ගොඩක් තියෙනවා.එයා නිතරම කිව්වා. යාළුවන්ට මිමී ගැන හරිම පුදුමයි.මීට කලින් එහෙම දෙයක් එයාලා අහලා තිබුණේ

මිමී – පුංචි දළඹුවා Read More »

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ලාබ විදියට පෝෂණීය Rainbow Sandwiches

සාම්ප්‍රදායික rainbow sandwiches හදන්න ඇත්තට ම මේ දවස්වල ආර්ථිකව අපහසුයි. ඒත් දරුවන්ගේ කටයුතුවලදී අපිට එහෙම කියලා හිත හදාගන්න බෑ. ඒ නිසයි අපි ඔබට ඉතා ම ලාබදායක විදියට නමුත් පෝෂණීය ව මේ rainbow sandwiches හදන්න කියා දෙන්නේ. මේ sandwiches කෙටි වේලකට වගේ ම lunch box එකටත් යොදාගන්න පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය වාටි කැපූ පාන්පෙති හතරක්ස්ටීම් කර පොඩි

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ලාබ විදියට පෝෂණීය Rainbow Sandwiches Read More »

පුංචි දරුවන් නිතරම අඬන හේතු දැනගනිමු.

ඔබේ කුඩා දරුවා රාත්‍රියේදී කෑගසමින් හා නොසන්සුන් ලෙස අඬන්නේ නම්, සැලකිලිමත් වීම වැදගත්. ඔබේ දරුවා මෙම පීඩාකාරී මට්ටමට ළඟා වූ විටඔවුන්ව සනසාලීමට අපහසු විය හැකියි. ඔබේ එදිනෙදා උපක්‍රම කිසිවක් ඔබේ කුඩා දරුවාට සන්සුන් වීමට අවශ්‍ය දේ නොවිය හැකියි. බොහෝ අවස්ථාවන්හීදී, ඔබේ දරුවාට ගැඹුරු, සාමකාමී නින්දකට යාමට උපකාර කිරීමේ පළමු පියවර වන්නේ ඔවුන්ගේ පීඩාවට හේතුව සොයා

පුංචි දරුවන් නිතරම අඬන හේතු දැනගනිමු. Read More »