hit counter code

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ලාබ විදියට පෝෂණීය Rainbow Sandwiches

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

සාම්ප්‍රදායික rainbow sandwiches හදන්න ඇත්තට ම මේ දවස්වල ආර්ථිකව අපහසුයි. ඒත් දරුවන්ගේ කටයුතුවලදී අපිට එහෙම කියලා හිත හදාගන්න බෑ. ඒ නිසයි අපි ඔබට ඉතා ම ලාබදායක විදියට නමුත් පෝෂණීය ව මේ rainbow sandwiches හදන්න කියා දෙන්නේ. මේ sandwiches කෙටි වේලකට වගේ ම lunch box එකටත් යොදාගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

වාටි කැපූ පාන්පෙති හතරක්
ස්ටීම් කර පොඩි කරන ලද නිවිති කොළ පහක්
ස්ටීම් කර පොඩි කරන ලද වට්ටක්කා ටිකක්
තම්බා පොඩි කරන ලද පරිප්පු ටිකක්
බිත්තර කහ මදයක්
බටර් තේ හැඳි තුනක්

හදන්නේ මෙහෙමයි

නිවිතිවලට බටර් ටිකක් දමා මිශ්‍ර කරගන්න. වෙනම බඳුනක වට්ටක්කා සමග බටර් ටිකක් දමා මිශ්‍ර කරගන්න.
බිත්තර කහ මදය, පරිප්පු සහ බටර් වෙනම මිශ්‍ර කරගන්න.
සියල්ලට රස අනුව ලුණු එක් කරගන්න.
දැන් එක් පාන් පෙත්තක් ගෙන එහි නිවිති මිශ්‍රණය තවරා ගන්න.
එය තව පාන් පෙත්තකින් වසා ගන්න. දැන් ඒ මත වට්ටක්කා මිශ්‍රණය තවර ගන්න. එයමත තවත් පාන් පෙත්තක් තබා ඒ මත බිත්තර මිශ්‍රණය තවර ගන්න. දැන් ඉතිරි පාන් පෙත්තෙන් වසා ගන්න.
ප්‍රවේශමෙන් ත්‍රිකෝණාකාර ව කපා ගන්න.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Children

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ

Read More »
Children

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා

වට්ටක්කා කුඩා දරුවන්ට ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. ඉතා හොඳින් දිරවන එහි ඉහළ පෝෂණ ගුණය නිසා එය “සුපිරි ආහාරයක්”  ලෙස සැලකේ. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ප්‍රධාන

Read More »
Children

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු.

ඇස් ලෙඩ එහෙමත් නැත්නම් ඇස්වල ඇතිවන ආසාදන අවුරුදු 5ට අඩු දරුවන් අතර සුලබව දකින්න පුලුවන්. මේ ආසාදිත තත්වය ඇතිවෙන්නෙ ඇසේ සුදුපාට කොටස ආවරණය කරගෙන තියෙන

Read More »