hit counter code

මේ රස්නෙ දවස්වල බබාලව විශේෂයෙන් බලන්න ඕනෙ කොහොමද ?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මේ ගතවෙන්නෙ ලංකාවට රස්නෙ වැඩිම කාලයක්. එලියට බහින්න බැරිතරම් උණුසුම් කාලගුණයක් තමයි මූලු ලංකාවටම තියෙන්නෙ. වැඩිහිටි අපිට මෙච්චර අපහසු නම් පුංචි පැටව් මේ රස්නෙ දරාගන්නෙ කොහොමද! අද ලිපිය මේ කාලෙ බබාලව බලාගන්න විදිය ගැන.

ගොඩක්ම උණුසුම් කාලවලදී බබාල අසනීප වෙන්න පුලුවන්. ගොඩක්ම වෙන්නෙ විජලනය, හිරුඑලියට නිරාවරණය වීම නිසා සමේ පිලිස්සීම්  සහ දරුණුම තත්ත්වය වෙන Heat Stroke/Heat Exhaustion.

දරුවාව හිරුඑලියට නිරාවරණය කරන එක සුදුසුයිද?

මාස 6ට අඩු බබාලව කෙලින්ම හිරුඑලියට නිරාවරණය කරන්න එපා. එයාලගෙ සමේ තියෙන මෙලනින් ප්‍රමාණය ඉතාම අඩුයි. අපේ සම හිරුඑලියෙ තියෙන අහිතකර කිරණවලින් ආරක්ෂා කරන්නෙ මේ මෙලනින් කියන වර්ණකයෙන්. එතකොට මෙලනින් අඩුවුනාම අපිට ලැබෙන ආරක්ෂාවත් අඩුයිනෙ.

ලොකු බබාල වුනත් හැකිතරම් මේ දවස්වල හිරුඑලියට නිරාවරණය නොකර ඉන්න තරමට හොඳයි. විශේෂයෙන් උදේ 11ත් හවස 3ත් අතර කාලයෙදි එලියට එක්කගෙන යනවනම් තොප්පියක් හෝ කුඩයක් අනිවාර්යයෙන්ම අරගෙන යන්න.

විජලනයෙන් වලක්වාගන්නෙ කොහොමද?

අපි විජලනයෙන් බේරෙන්න ජලය, විවිධ පානවර්ග ගන්නව වගේම දරුවන්ටත් දියර වර්ග සහ ජලය අවශ්‍යතරම් ලබාදෙන්න ඕනෙ.

මාස 6ට අඩු බබාලට අපි දෙන්නෙ මව්කිරි පමණක් නිසා උණුසුම් කාලවලදී වෙනදට වඩා වැඩි වාර ගණනක් මව්කිරි දෙන්න ඕනෙ. එමගින් විජලනය වලක්වාගන්න පුලුවන්. මාස 6න් පස්සෙ දරුවට ඝන ආහාර දෙන නිසා සැරෙන් සැරේ කෝප්පෙකින් වතුර දෙන්න පුලුවන්.

වයස අවුරුද්දක් සහ ඊට වැඩි දරුවන්ට අවශ්‍ය තරම් ජලය, පලතුරු යුෂ ලබාදීම මගින් විජලනය වලක්වාගන්න පුලුවන්.

දරුවන්ගෙ ශරීර උෂ්ණත්වය අඩු කරන්න

චූටි බබාලා නාවලා ඉවරවෙලා වතුර බේසමේ ටිකක් වෙලා තියන්න. විනාඩි 15ක් 20ක් වගේ. එයාලට වතුර එක්ක සෙල්ලම් කරන්න දෙන්න. ඒකෙන් බබාලගෙ ශරීර උෂ්ණත්වය පාලනය වෙනවා. වතුර බේසමේ තිබ්බම බබාගෙ ආරක්ෂාව ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

ගොඩාක් රස්නෙ දවස්වල බබාව නිදිකරවන්න කලින් ඇග සෝදවන්න. ඇල්වතුරෙන් පුලුවන් නම් ගොඩාක් හොඳයි. ඊට අමතරව බබාලගෙ ඇදුම් ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ. කපු රෙදි වලින් මහපු සැහැල්ලු ඇදුම් එයාලට අන්දවන්න. පොරවන රෙදි පුලුවන් තරම් අඩුකරන්න.

බබාගෙ කාමරය සිසිල්ව තබාගන්න. දවල්ට කෙලින්ම අව්ව වැටෙන්නෙ නැති විදියට තිරරෙදි දාන්න පුලුවන්. අවශ්‍ය නම් විදුලි පංකාවක් පාවිච්චි කරන්නත් පුලුවන්. බබාලට නිදාගන්න සුදුසුම උෂ්ණත්වය කියල කියන්නෙ සෙල්සියස් අංශක 16-20 අතර තමයි.

හිරුඑලියට බබාගෙ සම පිලිස්සුනොත් මොකද කරන්නෙ?

හිරුඑලියෙ තියෙන අහිතකර  UV කිරණවලට නිරාවරණය වීම නිසා සම පිලිස්සීම, සමට හා ඇස්වලට හානිවීම සිදුවෙන්න පුලුවන්. පුංචි දරුවන්ට මේ වගේ පිලිස්සීමක් වෙන්න විනාඩි 10ක් වගේ පොඩි කාලයක් හොඳටම ප්‍රමාණවත්. පොඩි පිලිස්සීමක් නම් ගොඩක් වෙලාවට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔබට නිවසෙදිම යම් යම් දේවල් ටිකක් කරලා පිලිස්සීම සුවකරගන්න පුලුවන්. ඒ දේවල් තමයි,

  • දරුවට වැඩිපුර ජලය පානය කරන්න දෙන්න.
  • ඇල්වතුරෙන් පෙගවූ කපු රෙදි කැබල්ලකින් තැබීම මගින් පිලිස්සීම වූ ස්ථානය සිසිල්ව තබාගන්න. විනාඩි 15න් 15ට වගේ.
  • දරුවා වේදනාවෙන් ඉන්නවනම් පැරසිටමෝල් වගේ වේදනා නාශකයක් ලබාදෙන්න.
  • පිලිස්සීම සුවවනතුරු නැවත දරුවා හිරුඑලියට නිරාවරණය කරන්න එපා.

පිලිස්සීම දරුණු තත්ත්වයේ එකක්නම්, දිය බුබුලු මතුවී සම ඉදිමීම සහ අධික වේදනාවක් පවතීනම් සහ දරුවාට උණ, හිසේ කැක්කුම සහ වමනය වැනි ලක්ෂණ පවතීනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. මේ ලක්ෂණ heat stroke එකක ලක්ෂණ වෙන්න පුලුවන්. ලංකාවෙ දරුවන් අතරනම් මේ තත්ත්වය ඉතාම දුලබයි. නමුත් මව්පියන් වශයෙන් ඔබ මේ ගැන දැනගෙන සිටීම ප්‍රයෝජනවත් වේවි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Children

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු

ධාන්‍ය වලින් පොඩ්ඩන්ගේ වර්ධනයට උපකාරී වෙන්නේ සුලු පටු අයුරින් නෙවෙයි. ඒත් පොඩ්ඩෝ ධාන්‍ය කන්න ටිකක් අකමැතියි. ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ

Read More »
Children

බබාලටත් කන්න පුලුවන් අඩුසීනි Nutella ගෙදර ම හදමු

Nutella හරි ම රසවත් චොක්ලට් තැවරුමක්. ඒත් අධික සීනි ප්‍රමාණයක් අඩංගු වෙලා හින්දා අම්මලා බබාලට දෙන්න අදිමදි කරනවා.ඒ  වගේ ම දැන් Nutella දරන්න බැරි තරම්

Read More »
Children

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද?

පවතින වසංගතයෙන් ආරක්ෂා කර ගන්න හුඟක් දෙමාපියන් තම දරුවන්ට වෛද්‍ය උපදෙස් නොමැතව vitamin C ලබා දීමට මේ වෙද්දී පෙළඹිලා ඉන්නවා.ඇත්තටම එය ඵලදායී දෙයක්ද? නැත්නම් අපේ

Read More »